IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

(ඡායාරූපය- එච්. චන්දන)

(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර)
 
හදිසි වැටලීමකට යමින් සිටියදී ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා ආණමඩුව නගරයේදී  රිය අනතුරකට ලක්වීමෙන් මිය ගොස් , දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහල් ගත කර ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) නම් අයෙකි. එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය - ඉහළගම පදිංචිකරුවෙකි.

අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග මහතා  ප්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
අනතුරට පත්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (04) රාත්‍රීයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.
 
කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ආණමඩුව පොලීසියට ලැබීමෙන් අනතුරුව ඔවුන් මෙම වැටලීමට ගොස් තිබේ. ඒ වන විට පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබීමහේතුවෙන්  තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මෙම උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු  තිබේ.
 
එහිදී ඉදිරියට පැමිණෙමින් තිබූ සැක සහිත ලොරිය  ඔවුන් පසු කර යනවාත් සමඟ තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලොරිය හඹා යාමට උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇතැයි ද වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි  ද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. මෙම සිදුවීම අතරතුර ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය පලා ගොස් ඇත.
 
අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාව එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ අතර, රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය පිළිබදව ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

(ඡායාරූපය - හිරාන් ප්‍රියංකර)



අදහස් (19)

ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

Perera Thursday, 05 November 2020 03:09 AM

ටයර් ගෙවුණු ලඩියක් වෙන්න ඇති.

:       9       4

janahithaThursday, 05 November 2020 09:31 AM

සීට් බෙල්ට් දමාගෙන ගිහින් නැහැ දෙදෙනාම. එහෙමත් නැතිනම් පැදවූ කෙනාට හෘද ආබාධයක් වැලදෙන්න ඇති. මරණ පරීක්ෂණයේදී හෙළි වේවි.

:       2       3

අනුර පැස්කුවල් Thursday, 05 November 2020 03:59 AM

හැප්පිලා තියෙන විදියට කෙනෙක් මැරෙන්න නම් අනිවාර්යයෙන්ම ඔහු සීට් බෙල්ට් නොදා සිටිය යුතුයි.

:       1       13

jagath Thursday, 05 November 2020 04:30 AM

හරිම දුකයි අහන්න ලැබීම ගැන... ඔබ වගේ නිලධාරින් රටට සම්පතක්. තනතුරු සහ දීමනා දෙතුන් ගුණයකින් වැඩිකර පවුලට ලබාදිය යුතුයි.

:       5       14

kamal Thursday, 05 November 2020 04:36 AM

නීතිය රැකීමට ජීවිත කැපකළ සියලුම ජාතික විරුවන්ට අපේ ප්‍රණාමය සහ ඔවුන්ගේ දූදරුවන්ට හද බැදි ශෝකය ප්‍රකාශ කරමු.

:       2       18

Ferna Thursday, 05 November 2020 04:50 AM

බොරුවක් වගේ...

:       9       7

Anton Austria Thursday, 05 November 2020 04:54 AM

මිනිසුන්නේ හරක් ලොරියක් අහුවුනොත් ඔබේ රාජකාරියක් කරන්න. පොලිස්පතිතුමනි... කරුණාකරලා ඉක්මනින් අර ලොරියෙ සිටි අයව අල්ලා මිනීමැරීමේ දඩුවමක් දෙන්න... නැත්තං උන්වත් අරන් යනකොට අනතුරකින් මැරුණ කියලා දාන්න. සත්තුන් බේරන්න ගිහින් වෙච්ච දෙයක්... කාලකන්නි කොරෝනා ගැනවත් හිතලා සත්තු මරන්නැතිව ඉන්න බෑ...

:       5       13

mihira Thursday, 05 November 2020 05:03 AM

රථවාහන ලොක්කයි, දූෂණ මර්ධනයි එකට කාර් එකේ .... මරු වැටලීමක්නේ ඒක...

:       7       11

Indhika Thursday, 05 November 2020 05:14 AM

සුලු අනතුරක් නේ වෙලා තියෙන්නෙ. වින්ඩ්ස්ක්‍රීන් එකවත් බිදිල නැහැ. කොහොමද වාහනේ කෙනා මැරෙන්නේ? සීට් බෙල්ට් සහ එයාර් බෑග් වැඩ කරල නැද්ද?

:       3       15

ජනක Thursday, 05 November 2020 06:14 AM

නිවන්සුව ලැබේවා...!!!

:       2       10

සංජීව Thursday, 05 November 2020 06:34 AM

මේ වගේ දෙයක් වෙනකාටහරි උනානම් හේතුව මොකක් උනත් අපරීක්ෂාකාරි රිය ධාවනය අනතුරක් වලක්වා නොගැනීම පොදු දේපලකට හානි කිරීම ආදී චෝදනා රාශියකට රියදුරු ලක්වෙනවා. අනතුරට හේතුව ලෙස දක්වන සිදුවීම කොතරම් විශිෂ්ට ද කොතරම් කැපවී රාජකාරිය ඉටුකර ඇති ද හරක් ලොරිය පලා යනවා පොලීසිය විතරක් ඔරලෝසු කනුවේ හැපෙනවා.

:       9       9

නිශාන්ත Thursday, 05 November 2020 06:38 AM

ආදර්ශයට වඩා අවවාදය උතුම්...

:       5       4

banda Thursday, 05 November 2020 08:37 AM

වාහනේ ඇතුලට මුකුත් හානියක් වෙලා නෑ වගේ නේද පෙන්නේ.?

:       1       3

විපරමා Thursday, 05 November 2020 09:37 AM

මේ දවස් ටිකේ පොලිසියට අපලයි වගේ? කී දෙනෙක් මිය ඇදුනද.

:       1       2

මක්ස් Thursday, 05 November 2020 10:23 AM

මියගිය මනුස්සයටත් කියලා තියෙන කතා

:       2       2

Ruhunu Thursday, 05 November 2020 11:12 AM

සමහරවිට ලොරියෙන් ගාණක් ගන්න ගියාද දන්නේ නැහැ. මොකද කියන්නේ අපේ රටෙ නීතිය ඒ තරමට පිරිහිලා තියෙන්නේ. කෙසේවෙතත් කළ හොද නරක ඔඛෙ නිවනට අත්වෙවි. ඔබට නිවන් සුව අත්වෙවා...!!!

:       3       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 05 November 2020 11:54 AM

මේ වැනි එඩිතර නිලධාරීන් පොලිස් සේවයට ආභරණයක්. නිල ජීප් රිය නොමැතිව තිබියදීත්, තම පුද්ගලික රථයෙන් ගියේ වැටලීම කරන්න. මෙවන් අවස්ථාවලදී හරක් ලොරි කාරයන් පොලීසිය යටකර හෝ පලා යන්න තමයි උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්ම ඉස්සර කරන්න හදන කොටම ඇඟට කපන්න ඇති. ඒ නිසා ක්ෂණිකව හැරවීමේදී අනතුර සිදුවුණා විය හැකියි. ටයර් වලට වෙඩි තිබ්බා නම්, මේ දේ වෙන්නේ නැහැ. එහෙම නොකරන්නට ඇත්තේත් මේ නිලධාරීන් වැඩි හොඳට වෙන්නට ඇති. මේ ජාවාරම් කාරයන්ට කොයි පැත්තකින් හෝ දේශපාලකයන් සම්බන්ධ වේ යැයි ඇතැම්විට පොලීසිය බයයි. රස්සාව නැති වුනොත් ගෙදර අය බඩගින්නෙ. අනේ පව්.. රාජකාරිය කරත් වැරදියි. නොකරත් වැරදියි.

:       1       7

Banda Thursday, 05 November 2020 12:03 PM

ඔය හරක්ලොරිය මායාවක් වගේ....

:       2       3

සංජීව Thursday, 05 November 2020 02:45 PM

හොර හරක් ලොරිය නිරුපද්‍රිතව පලා ගිහින්. මනා පුහුණුවක් සහිත වෘත්තීය පොලිස් නිලධාරින්ට මොකද වෙලා තියෙන්නේ. පව් ඇත්තටම. අනතුරක් වලක්වා ගැනීමට අපොහොසත් වීම යටතේ නඩු දාවිද දන්නැහැ දැන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 115 0

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 306 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 325 1

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 782 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 367 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 892 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site