IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා

(අංජුල මහික වීරරත්න)

ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 ඩීසල් මිල කර්මාන්ත කෙරෙහි අහිතකරව බලපාන අතර එය ආර්ථිකය බිඳ වැටීමට ද හේතුවක් බව කී මන්ත්‍රීවරයා  අවම වශයෙන් ඩීසල් මිල හෝ අඩු කළ යුතු බව සඳහන් කළේය.

විදුලිය හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර ලාභ ලබන නිසා එහි ප්‍රතිලාභ ව්‍යවසාය වෙත ලබාදීම සුදුසු බව ද රණවක මහතා කීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී රණවක මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි භාවිතය සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතු බව ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගත යුතු බැවින් අධික විදුලි බිල ඊට බාධා මතු කරන බව රණවක මහතා කීය.

 



අදහස් (6)

ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා

චන්දන Sunday, 21 April 2024 03:13 PM

ඇමති කළුකඩකාරයෙක් . ඊලඟ සැරේ ජාතික ලැයිස්තුවට නම දාගන්න බලන් ඉන්නේ.

:       4       13

Akila Sunday, 21 April 2024 03:34 PM

ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නැහැ... කියන ආණ්ඩුවේ උන්දැලා තමයි මෙහෙම මහජනතාව හූරාකමින් අධික ලාභ ලබමින් බිස්නස් කරන්නේ..., ලිට්රෝ එකත් මෙහෙම අධික ලාභ ලබමින් පාරිභෝගිකයාව හූරාකමින් ව්‍යාපාර කරමින් ඉන්නවා.

:       1       11

සිල්වා Sunday, 21 April 2024 06:15 PM

ඉන්ධන මිල අධික ලෙස වැඩි කිරීම තුළින් පරිභෝජනය අඩු කිරීම රජයේ බලාපොරොත්තුවයි. එමගින් තමන් බලශක්ති ප්‍රශ්නය විසඳූ බවට මහජනතාව මුලාවේ දමා ඇත...

:       2       0

Prabha Sunday, 21 April 2024 07:01 PM

ගල් අඟුරු බිස්නස් එකත් නරක නෑ කියන්නේ...!

:       3       11

Lalla Monday, 22 April 2024 07:50 AM

රජය සියලු ව්‍යාපාර පෞද්ගලික කරණය කර නියාමනය පමණක්ම කළ යුතුයි.අනවශ්‍ය සේවකයන් නිසා පාඩු ලබන සහ දියුණු කළ නොහැකි ආයතන ගොඩ නගන්න පෞද්ගලික අංශයට හැකියාව තියනවා. ඒ හැර දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට දිය යුතුමයි. වෘත්තීය සමිති මාෆියාව, ඉහල නිලධාරීන්ගේ නොහැකියාව සහ ගසාකෑම නිසා ඇදවැටුන ආයතනයක්.

:       0       1

Amal Perera Monday, 22 April 2024 08:40 AM

ඔබතුමා ගල් අගුරුවලින් ගත්තා වගේද ?

:       6       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 610 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1730 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site