IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත සියයට 38කින් ඉහළ ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 24 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මේ වනවිට සියයට 62 දක්වා ඉහළ ගොස් ඇත.

රට හිතන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එය සියයට 7 ක් ලෙස සටහන් වූ බවත් මෙම වසරේදී එය සියයට 62 දක්වා ඉහළ යෑම සැලකිය යුතු වර්ධනයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ආර්ථික අර්බුදයෙන් පසුව ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක්, සියයට 55 ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විශ්වාස කරන්නේ යැයි රට හිතන හැටි සමීක්ෂණ ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් ජනගහණයෙන් සියයට 47 ක අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථිකය තවමත් දුර්වල තත්වයක පවතින බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

නමුත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 71 ක ප්‍රතිශතයක් වූ බවත් එයට සාපේක්ෂව මේ වනවිට එම ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

 

 



අදහස් (40)

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත සියයට 38කින් ඉහළ ගිහින්

පම්පෝරි ජනක Monday, 24 February 2025 08:36 AM

සීයාගේ කාලෙත් එක්ක සංසන්දනය කරලා තියෙන්නේ , පරිනත කජු සියා තමයි හොඳටම කරේ මෙතන හැම දාම වැලපෙන සිලිඩර් බයියන් ට දුක හිතෙයි මේක දැක්කහම

:       4       4

සිංහල නිංජා Monday, 24 February 2025 08:50 AM

අපිට හාල් නෑ පොල් නෑ. 2019 පස්සේ පඩි වැඩි වෙලාම නෑ. කිසිම අාන්ඩුවක් සිංහල බහුතරය ගැන කැකිමක් නෑ.

:       2       4

Rasi Monday, 24 February 2025 08:55 AM

ඕක දන්නේ නැහැ, අර විපක්ෂේ හාදයෝයි, අර හැම එකටම උඩින් ඉන්න අයයි. ඔවුන් හිතන් ඉන්නේ, හාල් හාල්, පොල් පොල් කිය කියා හිටියාම ගොඩ වැඩි වෙනවා කියලා. මිනිස්සුන්ට ඕනේ ස්ථාවර රටක් සහ කන් කරච්චලය අඩු රටක්. අර පාර්ලිමේන්තුව දිහා බලන් හිටපුවාම, කලින් හිටිය අයගේ අඬවැඩියාව දැක්කම පිස්සු හැදෙනවා. මේ ආණ්ඩුවේ සමහරුන්ට අත්දැකීම් අඩු ඇති, ඒ වුණාට කාලයක් දෙන්න ඕනෑ.. මොකද වෙන්නේ බලන්න. තව එකක්, රටේ ආණ්ඩුව බාර දීලා තියෙන්නේ අවුරුදු 5 කට. විපක්ෂයේ එවුන් හිතන් ඉන්නේ මාස 5 කට කියලා. එකනේ අර මැදමුලනේ එක පැටියෙක් ආණ්ඩුව බාරගන්න ඉල්ලන්නේ.

:       6       5

Sara Monday, 24 February 2025 09:01 AM

නැතුව ඉතින් වාහනයක් තියෙන හැමෝම කැමැතියි. වාහන මිල අඩු කලා නම් හැමෝම වාහන අරන් විකාරයක් වෙනවා...

:       4       1

Asanga Monday, 24 February 2025 09:18 AM

කව්ද මේ සමීක්ෂණ කරන්නෙ? කොතනින්ද හීනා වෙන්නෙ කියලා තාගන්න බරිය

:       79       81

කව්ද බෝයි Monday, 24 February 2025 09:25 AM

ඒ කියන්නෙ බත් කන හරක් ප්‍රමාණය අඩුවෙලා කියන එකද?

:       15       28

පුරවැසියා Monday, 24 February 2025 09:36 AM

පරීක්ෂණ නියැදිය ලෙස මෙහි කොමෙන්ට් බළකාය තෝරා ගත්තේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.

:       7       24

pj Monday, 24 February 2025 10:15 AM

දවල් ද...?

:       3       6

ඉන්දික Monday, 24 February 2025 10:26 AM

ඡන්දෙ තිබ්බාම ඒක පෙනෙයි. දැන් මිනිස්සු අන්දන්න බැහැ. හැමදාම බොරු කියලා. මිනිස්සුන්ට තේරෙනවා බොරු ගොඩක පැටළුනේ කියලා...!

:       6       6

ආඩම්බර පුරවැසියා Monday, 24 February 2025 10:35 AM

මේ සීමිත නියැදියක තත්ත්වය. මහපොළවේ යථාර්තය මීට වඩා ගොඩක් වෙනස්. ගම්වල ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවොත් 90%ක් බහුතරය ආණ්ඩුව ගැන ඉන්නේ අති පැහැදීමෙන්. කොළඹට ඒ පැහැදීම එන්න කල් යනවා. මොකද කොළඹ බහුතරය මොකක් හරි ගිනි ගෙඩියක් දීලා ගොඩ යන්න බලං ඉන්න අයගෙන් පිරිලා. ඒ අයට සාධාරණව දෙයක් කරන්න ඉගෙන ගන්න කල් යනවා...

:       3       8

ඇම්ඩන් Monday, 24 February 2025 11:24 AM

සමීක්ෂණ විශ්වාස කරන්න එපා... කලින් පාලනය කරපු අයගේ පරිමාවයි, රාජ්‍ය මුදල් අවභාවිතාවයි අපි හොඳට දැක්ක ජාතියක්. 2028 ඒ අය කරපු මහා පරිමාණ ව්‍යාපෘතිවල ණය ගෙවන්න වෙන්නේ මේ රජයත් එක්ක. ඒකට සූදානම් වෙන්නයි සෝභන කාරී දරාගත නොහැකි වැඩයි පටලවා ගන්නේ නැති තත්ත්වය මත ජනතා කැමැත්ත වැඩි වෙනවා තමයි. ජනතාව බුද්ධිමත් සහ අනාගතය ගැන බලාපොරොත්තු සුන් නොවෙන්න කටයුතු කරාවි ඒකෙ දෙකක් නැහැ...

:       2       3

සාලිය​ Monday, 24 February 2025 11:35 AM

මිනිස්සූ හරි කැමතියි, ඕක අරූගේ, මූගේ, රිලවා ගේ, වඳුරා ගේ වැරැද්ද කිය කියා ඉන්නවාට​.. වෙන්න යන දේ ගැන හිතන්න ඕන කමක් නැහැ.

:       2       2

Nilantha Monday, 24 February 2025 11:42 AM

කොහොමින් කොහොමහරි අප්‍රේල් අවසන් වෙනකොට සමීක්ෂණයේ ප්‍රතිඵලයත් ලැබේවිනේ එතකොට සත්‍යයම දේ පැහැදිළිව බලන්න පුළුවන් එතෙක් ඉවසමූ

:       0       10

randil dunuwille Monday, 24 February 2025 11:42 AM

අපිත් එහෙම තමයි තාමත්

:       0       3

Kazi Shajahan Monday, 24 February 2025 11:46 AM

ඒක නම් බොරුවක් වගේ.. එන්පිපි එකට මමත් මනාප සළකුණු කලා. ඒත් මට නම් ලොකු කැමැත්තක් නැ දැන් මොකද එයාලා කියපු දේවල් තාම වෙලා නෑ හොරු අල්ලා නෑ පාස්කු මහමොලකරුවන් නෑ තෙල් මිල අඩු නැ පොල් හාල් මිල වැඩි වෙලා මහ බැංකු හොරු ගැන මොනවත් කතා නෑ ගොඩක් ගොවියෝ අමනාපෙන් හැමතැනම මිනිස්සු මැරෙනවා පරණ ජනාධිපති තමා සැප විදිනවා

:       4       16

සිල්වා Monday, 24 February 2025 03:29 PM

රනිල්ගේ අඩිපාරේ යන නිසායි වැඩි වෙන්නේ.

:       1       2

සෙනෙවිරත්න Monday, 24 February 2025 11:55 AM

අසංග,රජයට එරෙහිව නම් සමූපකාර කඩයක ඡන්දෙත් ලොකුයි,මේවා ඒ කාලෙ ඇත්ත දැන් බොරු එහෙමනේද?

:       3       11

Surain Monday, 24 February 2025 12:06 PM

ඕක බොරුවක් කියලා පුංචි ඡන්දෙ දි ඔප්පු වෙවි !

:       11       23

Kamal Monday, 24 February 2025 12:09 PM

මෙච්චර බංකොලොත්ද?

:       2       14

Udeni Monday, 24 February 2025 12:18 PM

බොරුවක් කියද්දි ටිකක් සාධාරණ බොරුවක් කියපල්ලා බන්

:       5       26

Rata Perata Monday, 24 February 2025 12:34 PM

තවමත් හොරුන්ට අවධාන නූගතුන් ටිකක් ඉන්න බව අදහස් වලින් පේනවා... රටේ හැමෝටම හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි

:       11       14

Don perea Monday, 24 February 2025 01:33 PM

රටේ මීහරක් වැඩි වුණාම ඔහොම වෙනවා

:       4       16

Mahajanathawa Monday, 24 February 2025 01:41 PM

කෝ අපේ අඬන දරුවෝ, එන්න අපි හයියෙන් අඬමු...........

:       1       10

Joey Monday, 24 February 2025 01:42 PM

බොරු නම් බොරු

:       2       17

de silva Monday, 24 February 2025 02:08 PM

තිබෙන බදු වලට අමතරව පිටරටින් එන සහල් සදහා අමතර රුපියල් 65 බද්දක් ගහල ඩඩ්ලි සිරිසෙනව ආරක්ෂා කරපු එකට , පිටරටින් ගෙන එන පිගන් ගඩොල් සදහා 110% බදු ගහල ලංකාවේ පිගන්ගඩොල් කොම්පැනි 3 හිමි ලංකාවේ එකම පිගන් ගඩොල් ගොවියා වන ධම්මික පෙරේරා ආරක්ෂා කරපු එකට ජනතාව ඉතා සතුටින් ඉන්නේ , අඩු පාඩුවකට තිබෙන්නේ ගජමිතුරු කල්ලියේ අන්ටිජන් හොරාට තවම ඇගට දැනෙන්න යමක් නොදීපු එක , ඔහුටත් මොකක් හරි දුන්න නම් ජනතාව ඉතා ප්‍රීතියෙන් සිටීවි ඔය දර්ශකය තව 10% පමණ ඉහල යාවි

:       5       14

R.T.sarath Monday, 24 February 2025 02:14 PM

ඡන්දෙට කලින් පොරොන්දු වුණු විදිහට මලිමවේ මන්ත්‍රීවරු වැටුප් ලබා නොගැනීම නිසා මහා භාණ්ඩාගාරේ විශාල මුදලක් ඉතුරු වුණ , අන්තිමට ගොඩ ගැහුනා මුදල් ගබඩා කරන්න භාණ්ඩාගාරේ ඉඩ නොමැති නිසා එම මුදල් පැලවත්තේ පක්ෂ කාර්යාලේ ලොකර් එකේ දමන්න තීරණය කලා , මෙවැනි දේවල් පෙර පැවති කිසිම රජයක් කරලා නැහැ එම නිසා ජනතාව ඉන්නේ ඉතා ප්‍රීතියෙන්

:       7       18

sanath Monday, 24 February 2025 02:19 PM

ජනතාව ත්‍රිවිල් අනතුරු වලින් මැරෙන නිසා ත්‍රිවිල් භාවිතය කරන එකේ මිල ලක්ෂ 20 දක්වා වැඩි කලත් , අර නලින් හේවගේ ගරු ඇමති තුමා පොරොන්දු වුන ලක්ෂ 12 විට්ස් ලගදීම ලංකාවට ගෙනෙන තුරු මම ඉන්නේ ඉවසිල්ලක් නැතුව , ප්‍රීති ,ප්‍රීති

:       5       16

Gavin Monday, 24 February 2025 02:30 PM

තඹුත්තේගම පච කියන්නේ මේවට...!

:       5       8

Koralage Monday, 24 February 2025 02:32 PM

ආන්ඩුව ගැන ජනතා කැමැත්ත අනුර ජනාධිපතිවරයා කරන්න රටේ සමස්ත ජනතාවම 5/6 ජන වරමක් දුන්නානේ. අද බලන්න පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් ඉන්නේ 22යි. ඉස්සර ආණ්ඩුවේ ඇමැතිවරුන් 100ත් පනින්න. ඉතින් අපිට මහජනතාව වශයෙන් ඒකම ඇති. මොනතරම් කෝටි ගණන් මුදල් ඉතිරියක්... තාත්තලා මහප්පලා බාප්පලා පුතාලා බෙදාගෙන රටම කාලාම දැම්මා. සමස්ත ජනතාවටම මේ ආණ්ඩුව හොඳටම ඇති. අපි ඉවසීමෙන් බලන් ඉන්නවා හොරු සේරම හිරේ දාලා රටට හොඳක් වෙනකම්...

:       4       4

රටවැසියා Monday, 24 February 2025 02:33 PM

පරාජය වෙච්චි අය මොන කමන්ට් කෙටුවත් රටේ ජනතාව දන්නවා හිටපු අයගේ කෙරුවාව, ඒ වගේම පැරැණි ක්‍රමයම කරගහගෙන යන්න බලය ඉල්ලපු අය ආවා නම් වෙනදේ, මැතිවරණ පොරොන්දු මොනවා වුණත් රටේ තත්ත්වය ගැන ජනතාවට හොඳ චිත්‍රයක් තියෙනවා, පරාද වෙච්චි අය ඇඬුවාට ඡන්දෙ දීපු ජනතාව සතුටින්...!

:       6       6

ගමේ එකාලා Monday, 24 February 2025 02:35 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ධ කරපු ,රීරී මාන්ස හූරගෙන කාපු,රටම හොරාකාලා විනාශ කරපු , බලලෝබි බඩගොස්තරවාදි දුෂිත ගුණමකු දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .

:       7       6

Citizen Monday, 24 February 2025 02:53 PM

ඔහොම කියා කියාම රට අගාතයට යවන්න, ගහපු බෙරයකුත් නැහැ, කඩිච්ච පලුවකුත් නැහැ

:       1       9

Janii Monday, 24 February 2025 03:02 PM

වර්තමාන ආණ්ඩුව හොද නෑ කියන අය පෝලිමට එන්න. නොමිලේ මොළය පරික්ෂා කරලා දෙන්නම්

:       10       10

Kumara Monday, 24 February 2025 03:03 PM

මාලිමා වහල්ලු මේවගේ බොරුත් විශ්වාස කරනවා

:       8       10

මැක්ස් Monday, 24 February 2025 03:15 PM

ඇත්තනෙ. පොල් ලාබයි. හාල් ලාබයි සහ ඕනෑතරම් තියෙනවා. ජාත්‍යන්තර ආරක්ෂාව 100%යි. සුපුරුදු විදිහට පරණ ආණ්ඩුවලට, විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට බනිනවා. ආණ්ඩුව හෝදන හමුදාව යමරෙට වැඩ. ජුලී හාමිනේ ආණ්ඩුවට ෆුල් සපෝට්. හොරු අල්ලනවා (යැයි කියනවා). ආචාර්ය මහාචාර්යලා බොරුකාරයෝ බව ඔප්පු වුණා. ඒත් ලංකාවේ අපට "අපේ ගොන්නු අපට හොඳයි!"

:       1       3

Lal Monday, 24 February 2025 03:15 PM

මට ඉස්සර ප්‍රේමදාස කාලේ මතක් වුණා. ඒ කාලෙත් මේ වගේ දේවල් ගියා.

:       0       3

Kule Monday, 24 February 2025 03:18 PM

ජනී, ඉස්සරවෙලා ඔයා පරික්ෂා කර ගන්න. හැබැයි ඔයාගේ එක හොයාගන්න එක තමයි අමාරු...

:       2       1

Pol Monday, 24 February 2025 03:24 PM

සෙනවිරත්න, රට වලට බද්‍රනිලා වගේ උන්ගේ මොලේ ප්‍රමාණය හිතන්න මේක කදිම අවස්තාවක්.

:       0       0

සිල්වා Monday, 24 February 2025 03:25 PM

මේකට මුදල් සපයන්නේ යූස් එයිඩ් වැනි සංවිධාන.

:       1       6

අමල් Monday, 24 February 2025 04:39 PM

වෙරිටේ රිසේර්ච් ලොක්කාගේ හකුපාද ඇතුළට ගිහින් තියෙන්නේ, මේ හින්දයි එහෙනම්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අයවැයෙන් බදු වැඩි වෙනවාලු
2025 පෙබරවාරි මස 24 10 0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පස


ක්‍රීඩා ඇමති - මාධ්‍ය ප්‍රධානී හමුවක්
2025 පෙබරවාරි මස 24 32 0

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද


අයවැය ඡන්දය හෙට
2025 පෙබරවාරි මස 24 26 0

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වේ.


කෙහෙළියගේ වත්කම් පිටපත් කෙහෙළියට දෙන්න කියයි
2025 පෙබරවාරි මස 24 144 1

අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන ඇති බාල බෙහෙත් ජාවාරම් සිද්ධිය සම්බන්ධයේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහු


’’පාතාලය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෑ’’
2025 පෙබරවාරි මස 24 78 0

පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතිවීම දක්වා වර්ධනය වීමට ඉඩ නොතබන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (24) පැ


නීතීඥ වෙස්ගත් කත සොයා පොලිසිය මතුගම පීරයි
2025 පෙබරවාරි මස 24 980 2

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැඟවී සිටින සැකකාරිය සොයා පොලිසියේ 100 ට අධි


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 191 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 412 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 177 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site