IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආදායම් පරීක්ෂකවරු අල්ලස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනකු රුපියල් 60000/= ක අල්ලස් මුදලක් ගනිද්දී  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාරිය පදිංචි ඉඩමේ පිහිටි නිවසේ සැලැස්ම ප්‍රාදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකර නීති මගින් කටයුතු කිරීමට හෝ කඩා ඉවත් කිරීමට හැකි බව පවසා ඒ සම්බන්ධව තාක්ෂණික නිලධාරියාටද  නීති මගින් කටයුතු නොකර සිටීමට හා කඩා ඉවත් නොකිරීමට රුපියල් 350,000/= ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම මුදල පසුව රුපියල් 100,000/= දක්වා අඩුකර නැවත එම මුදල රුපියල් 60000/= දක්වා අඩුකර පැමිණිලිකාරියගේ නිවස ඉදිරිපිට දී එකී මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම විමර්ශන කොමිසමේ නිලධාරීන් කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර ආදායම් පරීක්ෂකවරු දෙදෙනා කිලිනොච්චිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (2)

ආදායම් පරීක්ෂකවරු අල්ලස් දැලේ

නලින්ද ශ්‍රීනාත් Wednesday, 04 September 2024 08:18 AM

ඔයවගේ දේවල් සෑම රාජ්‍ය ආයතනයකම සිදුවෙනවා. නමුත් මිනිසුන් ඔයවැනි නීති ක්‍රියාත්මක කිරීමට අකමැති එම පුද්ගලයින්ට හෝ ආයතනයට එම ආයතනවලින් තවත් සේවාවන් ලබාගැනීමට නොහැකිතත්වයකට පත්වීම සහ අධිකරණවලට ඉදිරිපත්වීමට ඇති අකමැත්තයි.

:       0       8

Niranga Wednesday, 04 September 2024 09:33 AM

මීගමුව රෝහලේ ඉන්න පොලිසියේ අයත් සල්ලි ඉල්ලනවා කන්න . එයාලටත් හොඳ විසඳුමක් දෙන්න

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 42 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 275 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 658 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 667 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14119 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19798 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 154 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site