(ඩයනා උදයංගනී)
මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය.
අතිශය ජනාදරය දිනූ නවකතා 68 සහ තවත් කෘතීන් ගණනාවක් ඔහු මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළේය.
ඔහුගේ පළමු කෘතිය වූ "ආදර ගඟ ගලන දෑස" නවකතාව 1968 වසරේදී පළ වූ අතර ඔහු සිය ලේඛන දිවියේ 70 වසරක් තුළ ලියූ නවකතා ගණන 68 කි. 'සිත්තරෙකුට පෙම් බැඳ', 'දෙමස්සිනෝ', 'මිහිඳුම් සළු', 'රන තිසරු', 'නොමැරෙන මිනිස්සු', 'සොල්දර ගෙදර', 'අග මෙහෙසිය', 'කුමාරිහාමි', 'වක්කලම', 'පටලැවිල්ල', 'වජිරපාණි', 'රූමතිය', 'බකිනි මල', 'රන් තරුව', 'පංචකල්‍යාණි', 'සුන්දර සහ දේවින්ද', 'පිනි පලස', 'ස්වරණ වර්ණ', 'උරචක්‍රමාලය', යන කෘතීන් ඔහු විසින් රචනා කළ කෘතීන් අතර වේ. මේ අතරින් "මිහිඳුම් සළු" නවකතාව සුනිල් ආරියරත්නයන් විසින් සිනමා පටයකට තෝරා ගත් අතර එහි තිර පිටපත ලිවුවේද සෙනෙවිරත්නයන් ය .
"කුමාරි හාමි"නව කතාව සඳහා 1984 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිවූ අතර කුමාරි හාමි ටෙලි නාට්‍යයට පාදක වූයේද මෙම නවකතාවය. නොමැරෙන මිනිස්සු,කස්තිරස, නිකිණි වැස්ස , දහස්ගව්දුර(සහෝදරයෙක්) ටෙලි නාට්‍යයට නැගූ එතුමාගේ නවකතාවන්ය. ජයකොඩි සෙනෙවිරත්නයන් දෙදරු පියෙකි. කලුතර නගරයේ සුන්දර ගම්මානයක් වන රෙමුණගොඩ ගම්මානයේ ව්‍යාපාරිකයකු වූ ජයකොඩ් දොන් පීරිස් මහතාගේ සහ ගමගේ දෝන පොඩිනෝනා මහත්මියගේ පස්වන දරුවා ලෙස 1936 වසරෙ මාර්තු මාසෙ 20 වැනිදා ඔහු උපත ලැබීය. කලුතර රජයේ පාසැලේ මූලික අධ්‍යාපනය ලැබූ සෙනෙවිරත්නයන් ඉන්පසු බොම්බුවල බෞද්ධ මිශ්‍ර පාසලෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කලුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයට අැතුලත් විය. සෙනෙවිරත්න වයස අවුරුදු 16 පමණ සිට කෙටි කතා ලියා පුවත්පත්වලට යොමු කළ අතර ඒවා දිනමිණ පුවත් පතේ පළ විය.
ජ්‍යේෂ්ඨ විභාගයෙන් සමත්වුවද සරසවි වරම් අහිමි වූ ඔහු ඉන්පසු රජයේ තරඟ විභාගවලින් සමත්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ අතර 1990 වසරේ දී විශ්‍රාම ලැබීය. ජයකොඩි සෙනෙවිරත්නයන් ගේ දේහය එතුමන් බොහෝ කලක් පදිංචිව සිටි ගම්පහ කිරිදිවැල නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු කිරිදිවැල පොදු සුසාන භූමියේදී සෙනසුරාදා සවස සිදුකිරීමට නියමිතය.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ආදර ගඟ ගලන දෑස’’ දැයෙන් සමු ගනී
randil Thursday, 22 September 2022 09:51 AM
යුග යුග ගණන් සිත් සතන් සැනසූ අපූරු මිනිසෙක්... ඔහුගේ කතාවල තිබූ සරල රසය විඳගන්නට පොඩි දරුවකුට පවා හැකියාව ඇත. දහස් ගණන් ලේඛකයන් සිටියද ඔහු සුවිශේෂීය. සොඳුරු ඔබට සොඳුරු ගමනක්...
Senaka Thursday, 22 September 2022 10:10 AM
ඔබතුමාට නිවන් සුව ලැබේවා!!