IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආදිවාසීහු ප්‍රනීත මී පැනිවලින් බුදුන් පුදති

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දින ආදිවාසීන් විසින් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රනීත වූ මි පැණි පූජාව අද පෙරවරුවේ සිදු කරන ලදී .

තිස් දෙදෙනකුගෙන් සමන්විත ආදී වාසීන් පිරිසක්  ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ මෙම මීපැණි පූජාව සිදුකරන ලද අතර ආදිවාසි නායක වන්නිලැ ඇත්තන් මෙම මීපැණි පූජාව මෙවර සිදු කරනු ලැබූයේ 26 වැනි වතාවටය.

ඉතිහාසයේ පටන් ඒ ඒ යුගයන්වල සිටි ආදිවාසී නායකයෝ මෙම පූජාව මහත් භක්තියකින් යුතුව ඉටු කළහ.

(ෂේන් සෙනෙවිරත්න)



අදහස් (23)

ආදිවාසීහු ප්‍රනීත මී පැනිවලින් බුදුන් පුදති

ganegoda Sunday, 07 August 2022 12:19 PM

මී පැණි ටිකක් ලබා ගන්න මී මැස්සො කී දෙනෙක් විතර මැරෙනවද?

:       236       12

BamunuarachchiSunday, 07 August 2022 06:01 PM

කෑමට මාළු ලබාගන්න මාළු කොච්චර මරනවද නේද?

:       80       12

ganegoda Sunday, 07 August 2022 06:31 PM

බුදුහාමුදුරුවන්ග් පංගුව පූජා කරනවනම් ඕන පව් වැඩකට අවසර

:       121       10

Kumar (Gulf) Monday, 08 August 2022 01:10 AM

පිටිදූවේ අරහත් හාමුදුරුවන්ගේ ප්‍රධාන ආහාරය වුණේ මස් , ඌරු මස් ඇතුළුව

:       60       6

ganegodaMonday, 08 August 2022 11:39 AM

මුන්ට ඔක්කොටම පිස්සු , හොද වෙලාවට අපි මෙ පිස්සන් කොටුවෙන් පනගත්තෙ .. නැද්ද ආරච්චිමහත්තයො .

:       53       6

සුසන්තSunday, 07 August 2022 08:45 PM

ගනේගොඩ ඉන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේද. මොන රටේද මී පැණි ගන්නකොට මී මැස්සො මරන්නේ? බුදු රදුන්ට පූජා කරන මී පැණිවලට පිලවෙක්වත් මැරෙන්න දෙන්නේ නෑ. වදයේ කාලය සහ බිත්තර මෝරන කාල මඟ හැරල තමයි පැණි ගන්නේ.

:       4       127

NissankaSunday, 07 August 2022 10:27 PM

අසදෘශ මහා දානයටත් හිත පහදගන්න බැරි වෙච්ච ඇමැතියො දෙන්නෙක් හිටිය නිසා බුදුහාමුදුරුවො එම දානයේ විපාක පිලිබඳ විස්තර නොකර වැඩිය කතාව අහල තියෙනව නේද සුසන්ත. ඉතින් තව කවර කතා ද. මේ අනිවාර්යෙන් වෙනත් ආගමක ආගම්වාදියෙක්. තමන්ගේ ආගමේ උත්සවේ දවසේ සත්තුන්ගෙ ලේ පේන්නෙ නැති අයට අලින්ගෙ කඳුලු එහෙම සුපිරියට පේනව මේ දවස් වල.

:       3       69

මහසෙන් Sunday, 07 August 2022 09:03 PM

නොදන්නා දේ ගැන අදහස් දැක්වීමට කලින් අධ්‍යනය කල යුතුයි.

:       1       70

ganegoda Monday, 08 August 2022 09:39 AM

අපේ මුතුන් මිත්තන්ගේ කියමනක් තිබුණා ‘‘වැදි බණ‘‘ කියලා... අහලා ඇතිනේ..!

:       41       4

kumaraMonday, 08 August 2022 07:12 AM

වෙනත් රටවල කොමියුනිස්ට්වාදීන් නැත, නැතහොත් අවම වශයෙන් ඔවුන් සියල්ලන්ම පාහේ අකමැති ය. ලොකුම ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට, ආගමට අපහාස කරන මෙවැනි මිනිසුන්ය. ඕස්ට්‍රේලියාව වගේ රටවල් ආරක්ෂා කරන්න හදන සංස්කෘතියක වටිනාකම මේ මෝඩයෝ දන්නේ නැහැ විතරක් නෙවෙයි. මේ මෝඩයෝ තමන් ගැන ඔච්චර ඉහලින් හිතන නමුත් අනාගතයේ දවසක මේ කොමියුනිස්ට් මෝඩයන්ට අනාගත පරපුරෙන් කෙල වේවි. ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාව රටක් ලෙස හුදකලා වීම මිස සම්බන්ධ නොවීමයි. ලෝකය වටා බලන්න. යම් ආකාරයකින්, ශ්‍රී ලංකාව අවම වශයෙන් පාලමකින් ඉන්දියාවට සම්බන්ධ කරන්නේ නම්, මේ අය ආගමේ හෝ සංස්කෘතියේ වටිනාකම හඳුනා ගනීවි. ලෝකය ආරක්ෂා කිරීමට උත්සාහ කරන විවිධත්වය දෙස බලන්න! ඔබ මෙහි සිටින්නේ ශ්‍රී ලංකාවේ, බුද්ධාගම හෝ සිංහල සංස්කෘතිය ගැන නරක ලෙස කතා කිරීමට උත්සාහ කරන ජවිපෙ හෝ පෙරටුගාමී කොමියුනිස්ට් හෝ සමාජවාදී මෝඩයන් රොත්තකි. හොඳ රටකට සම්බන්ධ වීමට වඩා හොඳයි, නමුත් ළඟම ඇති එකම රට ඉන්දියාවයි! කොහොමත් ඒක හොඳ නැහැ මොකද පාලමක් හැදුවොත් ඉන්දියාව ලංකාවට සංස්කෘතික වශයෙන් පහර දෙනවා. කාරණය තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

:       1       81

SirilMonday, 08 August 2022 11:29 AM

මොඩ මිනිස්සු එක්ක වැඩ කරල වැඩක් නෑ.. මී පැනි කියන්නෙ මිනිසුන්ට කොච්ර වටින දෙයක් ද මෙ වගෙ නාස්ති කරන්නෙ. මෙ වගෙ මිනිසු ඉන්න රටක් මෙහෙම වෙන එක ගැන මට නම් පුදුමයක් නෑ

:       5       60

චිරන්ත Sunday, 07 August 2022 02:12 PM

මීපැණි කිව්වම බස්නාහිර පළාතේ පැක්ටරියකින් නිපදවන රජයේ අලුත්ම වෙළඳ ආයතනයක් මගින් අලෙවිකරණ මීපැණි කියලා කුඩා බෝතලයක් ගෙනාවෙ බෙහෙතක් සදහා .එය රස බලා ගේන්න බැහැ ගෙනැල්ලා බැලුවෙ.රස නම් කඩවල සමහරක් වෙළෙන්දන් සීනි වල බර වැඩිවෙන්න වතුර එකතුකර තිබීමෙන් ඇතිවන රසම තමයි .මීපැණි රසක් නම් ඇත්තෙම නැහැ මම නම් නැවත එතැනින් ඒවා ගන්නෙ නැහැ.

:       0       13

saman Sunday, 07 August 2022 07:34 PM

වැද්දන්ගේ බොරු සෝබන. දළදා පෙරහරට වැද්දෝ ආව කියල මොන පොතේද දන්නේ නැහැ තියෙන්නේ.

:       67       4

චින්තක Monday, 08 August 2022 06:09 AM

බුදුහාමුදුරුවෝ මුලින්ම වැඩියෙ කොහේටද සබන් ලොක්කො .ඒ ප්‍රදේශයේ නේද වැඩියෙන් ආදිවාසීන් නැත්නම් ලංකාවෙ මුල් පදිංචි කරුවන් ඉන්නෙ විජය කියන ඉන්දියන් ත්‍රස්තවාදියා නැත්නම් කල්ලතෝනියා එන්න පෙර ලංකාවෙ හිටියෙ ඔය දැනට වැද්දො කියන අය තමයි

:       1       52

samanMonday, 08 August 2022 03:10 PM

මහාවංශයේ තියෙන හැටියට වැද්දෝ පැවැත එන්නේ විජයගෙන්... එතකොට ඒගොල්ලොත් කල්ලතෝනි තමයි.

:       24       2

jayasekaraMonday, 08 August 2022 11:39 AM

බයිබලේ හරි කුරානෙ හරි ඇති කියවල බලන්න.....

:       3       32

Jiwaka Sunday, 07 August 2022 10:21 PM

සාධු සාධු. ඔවුන් කල ඒ උතුම් කුසලය දැක සැදැහැත් ‍තෝ සිත් පහදා ගනිත්වා! මේ උතුම් කුසලය ගැන දැනුවත් කල ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ඒ උතුම් කුසලය අනුමෝදන් වේවා!!

:       2       50

WimansaMonday, 08 August 2022 12:25 AM

උතුම් දළඳා වහන්සේට සියතින්ම දන් පැන් පුදන්න වැදි ජනතාව පින් කරල තියෙනව. හිතට ලොකු සතුටක් දැනුනා ඒක දැකලා.

:       1       40

සුරංග Monday, 08 August 2022 03:00 PM

විමන්ශා කියන්නේ ඇත්ත. ආදිවාසී නායකතුමාට එහෙම පිංකමක් කරන්න වාසනාව තිබුණත් රටේ බොහෝ දෙනෙකුට එහෙම වාසනාවක් නැහැ...

:       0       29

duncan Monday, 08 August 2022 07:16 AM

ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමීන් විසින් මොළ ශෝධනය කරන ලද ඉහත ප්‍රතිචාර දැක්වූ රූකඩ රටක සංවර්ධනයට සහ රටේ සාරධර්ම ආරක්ෂා කිරීමට කෙතරම් නරකද? හොඳ මොලයක් ගන්න මචන්!

:       4       63

bandara Monday, 08 August 2022 10:02 AM

උත්තම මුනිදු වන්දනාව සතුටින් අනුමොදන් වෙමි!!!

:       3       51

gameing07 Monday, 08 August 2022 03:46 PM

දැන් ඔතැන ජාතික ඇඳුමක් ඇඳගෙන ඉස්සරහින් ගමන් කරන්නේ කවුද?

:       4       2

soma Friday, 12 August 2022 02:31 AM

අපි අහල තියෙන්නේ මී පැණි විතරයි. ප්‍රනීත මීපැණි කොහෙන් ගේනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 86 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 774 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1611 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1047 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 443 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 269 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25051 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site