IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ආදිවාසීහු සාම්ප්‍රදායික මී පැණි පූජාවට එති

 

(චමිල් රූපසිංහ)
දළඳා සමිඳුන් උදෙසාආදිවාසින් විසින් සාම්ප්‍රදායිකව පවත්වන මි පැණි පූජාව සඳහා මේ වන විට නොයිදුල් මි පැණි සොයා ගැනිම අපහසු නොවුනත් දිනෙන් දින වන පරිසර විනාසය නිසා ඉදිරියේදි දළඳා සමිදුන් උදෙසා පවත් වන මි පැණි පුජාව සඳහා නොයිදුල් මි පැණි සොයා ගැනිම අපහසු වන බව ශ්‍රී ලංකාවේ ආදි වාසි  නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන් පැවැසීය.

 
ආදි වාසින් විසින් ශ්‍රි දළදා සමිදුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වන මී පැනි පූඡාව මෙවරත් මහත් බැතියෙන් සිදුකිරිම සදහා අද (30) ආදි වාසි නායක තුමා සහ එතුමාගේ බිරිද වන හීන්මැණිකා මෑනිල ඇත්තන් ඇතුලු 12 දෙනෙකුගෙන් සමන්විත ආදි වාසින් පැමින ශ්‍රි දළදා වහන්සේ සදහා සාම්ප්‍රදායික මි පැනි පූඡාව 22 වන වරටත් පැවැත්විය.
 
මෙම සාම්ප්‍රදායික මී පැණි පූජාව සදහා ආදි වාසින් විශාල පිරිසක නොපැමිණියේ කොරෝනා උවදුර හේතුවෙන් බවද එතුමා එහිදි කිය.
 
මේ වන විට ඉවක් බවක් නොමැතිව කරනු ලබන වන විනාසය නිසා මී මැස්සන් වඳ වි යෑම හේතුවෙන් ඉදිරියේදි මි පැනි හිඟ තාවයක් ඇතිවන බවත් මි මැස්සන් වද වි යෑම මිනිස් සංහතියේම වදවී යෑමක් බවද ඹහු පැවැසු අතර මේ දිනවල පවතින  කොරෝනා වැනි  රෝග තත්වයන් ඇති විමට හේතුවද පරිසර විනාසය බවද  ශ්‍රී ලංකාවේ ආදි වාසි  නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන් එහිදි අවධාරණය කළේය.
 
ආදිවාසීන් විසින් වනයෙන් නෙළා ගන්නා මීපැණිවල හොදම නොඉදුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් බවත් මෙවර 22 වන වරට දළඳා වහන්සේ උදෙසා මී පැණි පූජාව පැවැත්වු බවද ආදි වාසි නායකයා පැවැසිය.
 
ඉන් අනතුරුව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ආදි වාසින් සදහා ත්‍යග පිරිනැමික් සිදු කළේය .



අදහස් (18)

ආදිවාසීහු සාම්ප්‍රදායික මී පැණි පූජාවට එති

පූජා Thursday, 30 July 2020 09:29 AM

මොනතරම් ආශ්චර්යමත් පූජාවක්ද "මී පැණි පූජාව... මී මැස්සන් මලින් මලට ගොස් දුකසේ එකතු කරගත් නොයිඳුල්,. මිහිරි රසයෙන් යුක්තවූ මීපැණි වලින් දළදා සමිඳුන්ට පුදන ඒ මහත් පුන්‍ය කර්මයේ පිනෙන් කොටසක්, මෙතුමාලන්ට පමණක් නොව ඒ අහිංසක මී මැසි සේනාවටත් ලැබෙනවා නොඅනුමානයි. ඒ උතුම් පුණ්‍යකර්මයේ බල මහිමයෙන් සියල්ලන්ටම යහපතක්ම වේවා...!

:       0       213

විජිත් Thursday, 30 July 2020 09:48 AM

අපේ ආදිවාසී වන්නිලා ඇත්තන් පරිසරයට කොතරම් ආදරය කරනවාද, ගරු කරනවාද, යන්න දැනගැනීමට ඔබත් කැමතිනම් යන්න දඹානේ ඒ අය ජිවත්වන පළාතට. මිනිසා සහ පරිසරය (සතා සීපාවා, ගහකොලන්..) අතර ඇති සුහද අන්තර් සහජීවනය ප්‍රායෝගිකවම ඔබට දැනගන්නට ලැබේවි. ආදිවාසීන් ඒ අයගේ එක සංස්කෘතික අංගයක්, චාරිත්‍රයක් ලෙස වසරක් පාසා සිදුකරන "නොඉඳුල් මීපැණි" දළදා වහන්සේට පුජා කිරීම මෙවරත් සිදුකිරීම අගේ කල යුතු ක්‍රියාවක්. මේ මීපැණි සාදන මි මැස්සන් අපි හිතනවාට වඩා අපේ ජීවිතය හා බැඳී අපිව ජීවත් කරනවා. ඒ නිසා තමයි විද්‍යාඥයින් පවසන්නේ දවසක මීමැස්සන් මේ ලොවෙන් තුරන් වුවහොත් ඒ මිනිස් වර්ගයාගේ අවසානය පටන්ගැනීම බව. මී මැස්සා මේ ලොවින් සමුගෙන අවුරුදු 10කදී මුළු මිනිස් සංහතියම විනාශ වෙලා යනවාලු. අප ආහාරයට ගන්නා සියලු දේම අපට "ඵලයක් " ලෙස ලැබෙන්නේ මේ මිතුරාගේ "පරාගණය" කිරීම නිසයි. අප අපේ රටට ආවේනික මී මැස්සන් ආරක්ෂා කරගත යුතුයි. එසේ නැතිව වැඩිපුර පැණි ලබාගැනීමේ අපේක්ෂාවෙන් වෙනත් විදේශික මීමැසි විශේෂයන් කිසි ලෙසකින්වත් මේ රටට වැද්ද ගැනීමෙන් වැළකිය යුතුයි. එයට හේතු රාශියක් තියෙනවා ..

:       0       206

kamaniFriday, 31 July 2020 02:36 PM

ඇයි අනේ ඔයා පරිසරයට ඔයතරම් අසා නම්, දඹානේ ඉඩම් කෑල්ලක් අරන් එහෙ ජීවත් වෙන්නේ නැත්තේ?

:       208       3

සපුමල්.(සපුමල්.)Friday, 31 July 2020 03:16 PM

කිව්ව කතාවෙන්ම තේරෙනවා දඹානට සුදුසු කෙනෙක් බව නැතිනම් පරිසරයට හිතැති උගතෙකු පිටරටක සිටියත් වටිනා කෙනෙක්. ඒ බව අවබෝධ කරගන්න බැරි අය හොඳ දඹානටම තමයි.

:       1       19

kamaniFriday, 31 July 2020 04:09 PM

ඒ කියන්නේ ආයෙමත් දඹාන හොඳ නැහැ කියලද?

:       0       0

kamaniSaturday, 01 August 2020 12:39 PM

ඒ කියන්නේ දැන් දඹානේ ඉන්නේ පරිසරය අවබෝධ කරගත නොහැකි උදවියද?

:       9       2

කමනි Saturday, 01 August 2020 04:58 PM

තවත් අලුත් කමනි කෙනෙක් ඇවිල්ලා. හොඳයි. හොඳයි. ඒ වුණාට කමනි නමින් අනුන්ට එක එක දේවල් දමද්දී, ඒ අය හිතන්න පුළුවන් මේ මමයි කියලා. විජිත්ට දඹානෙන් ඉඩමක් ගන්න කියලා ලීවේ මම නොවෙයි. මම විජිත්ව කාලයක් තිස්සේ ලංකාදීපයෙන් දන්නවා. ඔහු කාටවත් මොනවත් කියන කෙනෙක් නොවෙයි. ඒ වුණත් මේ අලුත් කමනිට මම කියන්නේ ඔයා කරන දේවල් වලට අනිත් අය වගකියන්නේ නැහැ.

:       1       25

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 05 August 2020 02:30 AM

ස්තුතියි,කමනි(Original), අපව දැනුවත් කළාට. මං ඇත්තටම පුදුම වුණා. ඒත්, මටත් කිසියම් සැකයක් ඇතිවුණා ඔයා මේ වගේ නොදැනුවත් ප්‍රකාශයක් කරාවිද කියලා. ඒත්, මේ පැටලිල්ල ඔයාට ප්‍රශ්ණ අතිකරාවි. ඔයා මෙතෙක් කල් ගොඩනගාගත් අනන්න්‍යතාව අපරාදෙනේ නේද ? ඒ නිසා නමට මා ඉහත දැම්මා වගේ කුමක් හෝ සලකුණක් දමා පාවිච්චි කරන්න. ස්තුතියි.

:       0       25

සමිත සේනක අලුත්ගමගේ.Friday, 31 July 2020 05:02 PM

විජිත්, සමහර දෙනාගේ නොසරුප් වදන්වලින් හිත දුක් කරගන්න එපා. පරිසරය ගැන තේරුම් ගත හැක්කේ එහි වටිනාකම දත් අයට පමණයි.

:       0       0

විජිත් Thursday, 30 July 2020 10:23 AM

1600 ගණන්වල ඇමෙරිකාවේ ජීවත්වුණු රටට ආවේනික විෂ දල නැති මීමැස්සන් අභාවයට යාමට හේතුවී ඇත්තේ " යුරෝපිය මී මැසි විශේෂයන් " ඇමෙරිකාවට හඳුන්වාදීමයි. නමුත් දැන් ඒ යුරෝපීය මීමැස්සන් අලුත් තර්ජනයකට මුහුණපාලාලු. ඒ තමයි මෑතකදී අලුතෙන් හඳුන්වාදුන් "අප්‍රිකානු මීමැසි විශේෂ" සමග පැමිණි පරපෝෂිතයින් නිසා යුරෝපිය විශේෂයන් නොයෙකුත් රෝගයන්ට ගොදුරුවීම... කෙසේවෙතත් නොඉඳුල් අප්‍රිකානු මී පැණිවලට බටහිර රටවල ඖෂධ නිෂ්පාදනය කරන ආයතනවලින් ලොකු ඉල්ලුමක් පවතිනවා. ඒ මීපැනිවල පුදුමාකර ඖෂධීය ගුණ තියෙනවලු. අපි කවදාවත් දැකලා නැති, අහලාවත් නැති, මල්වලින් ඒ අය රොන් අරගෙන සාදන මීපැණි ඒ තරම්ම ගුණයිලු. සත්ව ප්‍රජාවට ඉමහත් සේවයක් සලසන මේ අපේ "මිතුරා" ගේ සතුරා කව්ද..? ඒ "නොමිනිසා" යි. ඔහුගේ පරිසර විරෝධී ක්‍රියාකාරකම් සියල්ලම මේ අහිංසකයට විනකළා. තවමත් නැවතී නැත. ..මිනිසාගේ දුරකථන කුළුණු වලින් පිටවන සමහර තරංග සංකයාතයන් නිසා මීමැස්සන්ගේ ස්වභාවික සන්නිවේදන ජාලය අවහිර වෙලා ඒගොල්ලෝ හාමතින් මිය ගිය අවස්ථාවන් කිහිපයක්ම අපි යුරෝපයේදී අත්දැකලා තියෙනවා. නමුත් දුරකථන "මාෆියාව" ඊට වඩා ප්‍රබල වෙලා..

:       0       113

Champa Thursday, 30 July 2020 05:30 PM

සිංහල බෞද්ධයින්ගේ ඡන්දෙන් බලයට ආපු පාලකයින් සිංහල අපේ පෞරාණික වස්තු විනාශ කරමින් ඒවා සාධාරණීකරණය කරද්දිත් ඊට එරෙහි වන්නට කොන්ද පණ නැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙන රටක, තමන්ගේ පෞරාණික සිරිත් විරිත් කඩ නොකර අදටත් පවත්වා ගෙන යන එක ගැන වැදිනායක වන්නියලැත්තන්ට රටේම ගෞරවය හිමි වෙන්න ඕනේ. සත්තුන්ගේ නම් දෙකකින් තමන්වම වර්ගීකරණය කරගෙන පාර්ලිමේන්තුවට එන්න හදන 225ට, වන්නිලැත්තන්ගේ දැනුමෙන් සියයට 10ක් වත් නැහැ. අනාගතේ දවසක ආදීවාසීන් නියෝජනය කරමින් වන්නිලැත්තෝ ලංකා පාර්ලිමේන්තුවේ ඉස්සරහම පුටුවක වාඩිවෙන්න ඕනේ...

:       60       201

සමිත සේනක අලුත්ගමගේ. Friday, 31 July 2020 09:44 AM

වැදි ජනතාව වුණත්, දළදා වහන්සේට මේ මිනිසුන්ගේ තිබෙන ගෞරවනීය භක්තිය අගය කළ යුතු දෙයක්. විශාල කැපවීමකින් මේ කරන පූජාව ජීවමාන බුදුපියාණන් වහන්සේ හා සමාන දළදා හාමුදුරුවන් වෙතයි. මිනීමරු ත්‍රස්තවාදී සහරාන් කල්ලිය මේ වැදි ජනතාව තරම්වත් වැදගත් කමක් නැහැ. සහරාන්ලාට, ඒ අයගේ නැට්ටේ එල්ලී යන අන්තවාදීන්ට මේ වැදි ජනතාව හොඳ ආදර්ශයක් තමයි දී තිබෙන්නේ. මේවා හෝ ආදර්ශයට ගෙන හැදෙන්නට සහරාන් කල්ලිය සිතට ගන්නවා නම් එය යහපත් දෙයක්...

:       0       260

පූජා Friday, 31 July 2020 03:08 PM

දඹානට යන්න මට පුලුවන් නම්, මම නොවරදවාම යනවා... පුලුවන් නම් ඔක්කොම දමලා ගහලා යනවා. ඒ මිනිසුන් පරිසරයට ආදෙරයි වගේම හොඳ මානුෂීය ගුණධර්මයන් ප්‍රගුණකරපු සුන්දර මිනිසුන්. හිත තුළ එකක් තියාගෙන, එළියට වෙන මුහුනක් පෙන්වන කුහක මිනිසුන් නොවෙයි.. එයාලගේ මනුස්සකමට, අව්‍යාජ ගති සිරිත්වලට මම කැමතියි. එයාලත් එක්ක ටික කලක් හෝ ජීවත් වෙලා අමුතුම අත්දැකීමක් ලබන්නට මම කැමතියි. කවුද එන්නේ මාත් එක්ක..?

:       0       260

lathaSaturday, 01 August 2020 10:07 AM

අපිට නම් බෑ අනේ. වීක් එන්ඩ් එකට අපිට කොළඹ සිටි සෙන්ටර් එකේ ෂොපින් යන්නට තියෙනවා.

:       0       16

පූජාSaturday, 01 August 2020 12:44 PM

ලතා, ඔයාට එන්න බැරිනම් කමක් නැහැ. මට යන්න ආස වුණාට මේ කොරෝනා ප්‍රශ්නය නිසා දැන් කොහොමටත් යන්න බැහැනේ.. පස්සේ යෙහෙළියන් ටිකක් එකතු කරගෙන ගිහිල්ලා බලමු. මම කැමතියි එයාලා කුරහන් වලින් විවිධ කෑම ජාති හදන්නේ කොහොමද කියලා දැනගන්න...

:       0       22

lathaSaturday, 01 August 2020 01:59 PM

හොඳ වෙලාවට කොරෝනා අාවේ නේද?

:       0       16

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 August 2020 06:39 AM

විජිත්, මා අසා තිබෙනවා අපේ මීමැස්සා මරා දමන විස සහිත දරුණු ගණයේ මී මැසි වර්ගයක් විදේශයකින් අප රටට ගෙනැවිත් අතහැර දමලා කියලා. මෙය අපේ මී මැසි ජනාවාසවලට තර්ජනයක් වෙලා තිබෙනවලු නේද? ඒ වගේම ඔයා කී දේත් හරි. දුරකථන අධිබලැති තරංග නිසා මීමැස්සන්ගේ පණිවුඩ හුවමාරුවට බාධා සිදු වෙනවලු. ඒ අය දුරකථන තරංග ඔස්සේ බොහෝ දුර ගොස් අතරමංව මියයනවාලු. මේවට විසඳුම් නැහැ. විජිත් කීවා වගේ මිනිසා නමැති සත්ත්වයා අද මේ සතුන්ගේ වඳවී යාමට හේතුවී තිබෙනවා. මේවා තේරුම් ගන්න බැරි අයෙකු කියා තිබෙනු මා දුටුවා දඹානේ ගෙවල් හැදීමක් ගැන. මොනවා කරන්නද? මේ වගේ පරිසරය ගැන දැනීමක් තිබෙන අය තමයි මේ රටේ ඉන්නේ...

:       0       56

විජිත් Saturday, 01 August 2020 09:19 AM

සමිත, පසුගිය අවුරුදු 30 ඇතුළත ඇමෙරිකාවේ සහ යුරෝපයේ මීමැසි ගහනය අඩකින් අඩුවෙලාලු. ඒක සුළුවෙන් බාරගන්න බැහැ.. ඒ වගේමයි ස්විට්සර්ලන්තයේ ලූසන්වල කරපු පරීක්ෂණ 83 කින්ම ඔප්පුවෙලා තියෙනවා. සෙල්ෆෝන්වලින් නිකුත් කෙරෙන රේඩියෝ සංඛ්‍යාත වලින් මීමැස්සන් " අතරමන් වෙනවා " පමණක් නොවේ. ඒ ගොල්ලන්ගේ ජීවිත හානි සිදුවෙනවා කියලා. සෙලියුලර් ටෙලිෆෝන් ආරම්භයේදී යොදාගත්තේ අඩු ෆ්රික්වන්සිස්, එතකොට ටෙලිෆෝන් "මුදලාලිට" පුළුවන් විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න. නමුත් සෙලියුලර් ෆෝන්වලට ඉල්ලුම වැඩිවනවිට ඉහල සංඛ්‍යාත යොදාගෙන කුඩා ප්‍රදේශයක සිටින විශාල ග්‍රාහකයින් ප්‍රමාණයකට දුරකථන පහසුකම් සපයන්න හැකිවුණා. නමුත් එයින් මේ අහිංසකයින්ට සිදුවන ජීවිත තර්ජනය තවත් වැඩිවුණා. අපේ රටවල සිටින තාක්ෂණයට පමණක් වහල්වුණු "උපන්ගෙයි මෝඩයින් " 5G තාක්ෂණය ගැන ඉහළින් කතාකරද්දී.. තාක්ෂණයේ ඉහළින්ම සිටින යුරෝපයේ රටවල මිනිසුන්ගෙන් වැඩි කොටසක් 5G තාක්ෂනය ප්‍රතික්ෂේප කරනවා. මිනිසා කියන කෙලෙහිගුණ නොදත්, ආත්මාර්ථකාමී, මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාට වඩා වනයේ වෙසෙන " භයානකම " සතුන්පවා අහිංසකයි. අව්‍යාජයි. ආදරණීයයි.

:       0       56

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1081 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6687 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3660 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 308 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1535 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1642 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28687 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site