IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආන්දෝලන පිරුණු නවවැනි පාර්ලිමේන්තුවේ මතක

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ්වාසභංග යෝජනා ඉදිරිපත්කිරීම්, යෝජනා සම්මතයන් මගින් කොමිෂන් සභා සභාපතිවරයෙක් / සාමාජිකයෙක් ධුරයෙන් ඉවත් කිරීම් සහ විනය ක්‍රියාමාර්ග මත මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම් ඇතුළු සුවිශේෂී අවස්ථා දක්නට ලැබිණි.

නවවැනි  පාර්ලි‌මේන්තු කාල පරිච්ඡේදය 2020 අගෝස්තු 20 දින මංගල රැස්වීම් දිනයේ සිට විසිරුවා හරිනු ලැබූ දිනය දක්වා අවුරුදු 4 කුත් මාස 1ක් සහ දින 4ක් වේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන

ඒ අනුව, 2020 වර්ෂයේ නවවැනි පාර්ලිමේන්තුවේ ආරම්භ වීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා එවකට අධිකරණ අමාත්‍ය එම්.යු.එම්. අලි සබ්රි මහතා විසින් “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පත 2020 සැප්තැම්බර් මස 22 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදී. 

ඔක්තෝබර් 21 සහ 22 දෙදින තුළ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලදී. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 සහ විරුද්ධව ඡන්ද 65ක් ප්‍රකාශ කෙරිණි. කාරක සභා අවස්ථාවෙන් අනතුරුව පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම ද විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එහිදී ඡන්ද විමසීමෙන් පක්ෂව 156 සහ විරුද්ධව 65 ලෙස ඡන්දය ප්‍රකාශය කර පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය. අනතුරුව 2020 ඔක්තෝබර් 29 වැනිදා කථානායකවරයා විසින් පනත් කෙටුම්පතට සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමෙන් පසු විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය. 

එසේම, 2022 වර්ෂයේදී සිදුවූ අර්බුදකාරී තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අටවැනි විධායක ජනාධිපති ලෙස පත්වූ  රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන” පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අනතුරුව ඔක්තෝබර් 20 සහ 21 දෙදනින තුළ පැවති දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය අවසානයේ පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1 ලැබුණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත් කෙටුම්පතට සංශෝධන එක්වූ අතර තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 174 ක් සහ විපක්ෂව ඡන්ද 1ක් හිමි විය. ඒ අනුව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව “විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” ලෙස සම්මත කරන ලදී. 

අනතුරුව 2022 ඔක්තෝබර් 31 වැනිදා කථානායකවරයා විසින් පනත් කෙටුම්පතට සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමෙන් පසු විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය. 

විශ්වාසභංග ඉදිරිපත් කිරීම් සහ යෝජනා සම්මතයන් මගින් කොමිෂන් සභා සභාපතිවරයන්/සාමාජිකයන් ධුරයෙන් ඉවත් කිරීම්.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පළ කිරීමේ යෝජනාව නවවැනි පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කරන ලද ප්‍රථම විශ්වාසභංග යෝජනාව ලෙස සැලකෙන අතර, විපක්ෂනායක  සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විසින් මෙයට අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පිළිබඳ විවාදය 2021 ජූලි මස 19 සහ 20 දෙදින පවත්විණි. එහිදී පැවැති ඡන්ද විමසීමෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 61ක් සහ විරුද්ධව ඡන්ද 152ක් ලැබමෙන් එම යෝජනාව පරාජයට පත් විය.

ජේ.ඩබ්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනා සම්මතය

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව එම කොමිෂන් සභාවේ එවකට සභාපතීත්වය සහ සාමාජිකත්වය දැරූ ජේ.ඩබ්.එම්.ජේ.පී.කේ. රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත්කරන ලදී. ඒ පිළිබඳ විවාදය 2023 මැයි මස 24 වැනි දින පැවති අතර, එහිදී ඊට අදාළ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හා විපක්ෂව ඡන්ද 77 ක් ලැබීමෙන් යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත විය.

සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංගත්වය ප්‍රකාශ කිරීමේ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවට අදාළ විවාදය 2023 සැප්තැම්බර් 06, 07 සහ 08 යන තෙදින තුළ පැවැත්විණි. තෙදින විවාදයෙන් පසු යෝජනාවට අදාළව පැවති ඡන්ද විමසීමේදී ඊට විපක්ෂව ඡන්ද 113 හිමිවූ අතර යෝජනාවට පක්ෂව හිමිවූයේ ඡන්ද 73 ක් පමණි. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 40 කින් පරාජය කෙරිණි.

කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව

2024 මාර්තු 19 වැනිදා විපක්ෂය නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මාර්තු 19, 20 සහ 21 දිනයන්හි පැවති අතර විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 75 ක් පමණි. ඒ අනුව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් පරාජය වූ අතර, ඉන් අනතුරුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කළේය. 

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට මන්ත්‍රීවරයන්ගේ ඡන්දයෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සදහා මන්ත්‍රීවරයෙකු තෝරාපත් කර ගැනීම 

රටේ ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජූලි මස 14 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පුරප්පාඩු වූ ජනාධිපති තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ඡන්දයෙන් අයකු තෝරාපත් කර ගැනීම සිදුවිය. එතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය.

මේ අනුව 1‍981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජුලි 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. 

මේ අනුව පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම 2022 ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර, එහිදී වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මෙම රහස් ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක් ලැබී තිබූ අතර  ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් ද  අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 3 ක් ද ලැබී තිබුණි. 

මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම්.

2023 අගෝස්තු 23 වැනිදා පාර්ලිමේන්තු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට අදාළ අතුරු ප්‍රශ්න ඇසීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නලින් බණ්ඩාර ජයමහ සහ  වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් මුලාසනය අසලට පැමිණ ඝෝෂා කිරීම් සිදුකළහ. එම අවස්ථාවේදී නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු රැස්‌වීම් විනාඩි 10කට තාවකාලික අත්හිටුවන ලද අතර අනතුරුව මූලාසනයට පැමිණි කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එදින රැස්වීම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නලින් බණ්ඩාර ජයමහ සහ  වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් ඉවත් කිරීමට කටයුතු කටයුතු කරන ලදී. 

තවද 2023 ඔක්තෝබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසන අවස්ථාවේ ඇතිවූ කලබලකාරී තත්ත්වයක් සැලකිල්ලට ගෙන කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා  අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය එදින සිට සති හතරකට අත්හිටුවන බව දැනුම් දුන්නේය. සෙංකෝලය පාර්ලිමේන්තුවේ සභා ගර්භය ඇතුළත තබා ඇති අවස්ථාවකදී එය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග 77(3) ප්‍රකාරව බරපතළ විනය විරෝධි ක්‍රියාවක් වන බැවින් මෙම පියවර ගැනිණි.

මේ අතර 2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩයනා ගමගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී  කේ. සුජිත් සංජය පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහණ බංඩාර මහත්ම මහත්මින් අතර සිදුවූවා යැයි කියන සිද්ධියක් හේතුවෙන් එම මන්ත්‍රීවරයන්ගේ පාර්ලිමේන්තු සේවය 2023 දෙසැම්බර් 2 වැනිදා සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් කටයුතු කරන ලදී.

මෙම සිදුවීම, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට කරන ලද නිර්දේශ පදනම් කරගනිමින් මෙම යෝජනාව 2023 දෙසැම්බර් 2 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එහිදී පැවති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ද විරුද්ධව 01ක් ද ප්‍රකාශ විය. එමෙන්ම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් ගණන 3ක් ලෙස සටහන් විය. 

තවද 2023.05.23 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී ලෙස රුපියල් මිලියන 70 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට කටයුතු කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවා කාලය මසක කාලයක් සඳහා අත්හිටුවීම සිදුවිය. අලි සබ්රි රහීම් මහතාගේ නොමනා ක්‍රියා කලාපය හේතුකොටගෙන පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට ස්ථාවර නියෝග 118හි විධිවිධාන ප්‍රකාරව ඔහුගේ සේවා කාලය 2024 මාර්තු මස 6 දින සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් මෙම අත්හිටුවීම සිදුවිය.



අදහස් (0)

ආන්දෝලන පිරුණු නවවැනි පාර්ලිමේන්තුවේ මතක

ඔබේ අදහස් එවන්න

දියත

වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 85 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 391 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 93 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 988 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 3079 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5743 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site