IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ආනයනික පළමු සහල් තොගය හෙට ළඟා වෙයි

(යොහාන් භාසුර)

සහල් හිඟයට පිළියමක් ලෙස රජය ආනයන කරන පළමු සහල් තොගය හෙට (11) ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සහල් කිලෝවක් රුපියල් සියයට අඩුවෙන් ජනතාවට සැපයීමට කටයුතු කරන බවත් සතොස හරහා එය ඉටුකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (21)

ආනයනික පළමු සහල් තොගය හෙට ළඟා වෙයි

ආර්ථික විද්‍යා උපදේශක සහ බිලියන් වලින් පාඩු ලබන සතොස හොර ගුහාව Sunday, 10 October 2021 12:14 PM

කොමිස් එක කීයද.? අලුත් ඔෆිස් එක නම් මාසෙට මිලියන 9 ක් නේද .හොඳා හොඳා. කන්නකෝ තමුන්ලා මොනවා කලත් දැන් නැට්ටේ ඉඳන් ගොම කියල දන්නවා.

:       0       3

අගුපිලගේ Sunday, 10 October 2021 12:22 PM

පොහොර නැතිකමින් ගොවිතැන නොකරන තත්වයක් යටතේ චීන සහල් රබර් ගිවිසුම කාලයේ මෙන් සිරි ලංකාවෙ ජනයාට කන්න සහල් පිටරටින් එනතුරු මුහුදට දත නියවීමට සිදුවන බව නම් පැහැදිලිය.

:       0       3

Sunil Sunday, 10 October 2021 12:54 PM

මෙයිනුත් පහර වදින්නේ අසරණ ගොවි ජනතාවටයි. මෑත කාලේදී සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සපුරන්න සහල් ආනයනය කළේ නැහැ. දැන් ඒකත් ලැජ්ජා නැතිව පිටරටින් ගෙන්වනවා. මොන ජරාවක් ගෙනෙයිද මන්දා...? කොහොම වුණත් මේවා නම් රසායනික පොහොර යොදා නිපදවූ සහල්... අන්තිමේදී මේ සෙල්ලමෙනුත් මෝල් හිමියන් දිනයි.

:       2       13

BamunuarachchiSunday, 10 October 2021 02:18 PM

ගොවි ජනතාවට පහර වදිනවා නම් ඔහේ රුපියල් 160 සහල් ගන්න අපිට කමක් නැහැ... ගොයියා ගැන මෝල්කාරයා ගැනයි හිතන්න ඕනේ නැහැ... අපිට ඕනේ සහල් ලාබෙට... ජේ.ආර්. හඳෙන් හරි හාල් ගෙනාවා කිව්වම ඔහෙලා හැමපැත්තම වහගෙන හිටියා නේද? දැනුත් ඒ වගේ වහගෙන ඉන්න...

:       20       5

ගමරාළSunday, 10 October 2021 03:35 PM

කවද්ද බමුණෝ, ජේ.ආර් හඳෙන් හාල් ගෙනත් දෙනවා කිව්වේ? බත් දුන් පියා ලෙස සලකන ඩඩ්ලි මැතිතුමා නොමිලේ හාල් සේරුවක් බැගින් රටේ සැමටම දුන් නිසා 70 මැතිවරණය දිනන්න බැරිවේ යැයි සිතූ මැතිණිය කිව්වේ (1969 වනවිට ඇමරිකන් කාරයා හඳට ගිය කාලයයි) හඳෙන් හරි ගෙනැවිත් හාල් සේරු දෙකක්ම දෙනවා කියලා.. ඒ කාලේ තමුන් දෙපැත්ත වහගෙන හිටියා වගේ නොදන්නා දේ කියලා මෝඩබව ප්‍රදර්ශනය කරන්න එපා...

:       2       19

BamunuarachchiMonday, 11 October 2021 01:50 PM

1952 අගමැති වෙච්ච ඩඩ්ලි සේනානායකට හාල්මිල සත 10කින් වැඩි කිරීම නිසා ඇති වුණු හර්තාලේ නිසා 1953දී ගෙදර යන්න සිද්ද වුණා. ඊළඟට නැවත අගමැති වුනේ 1960 මාස 4 කට.... තුන් වෙනි වරට නැවත අගමැති වුනේ 1965- 1970 දක්වා. හාල් මිල සත 10කට වැඩිකරලා ගෙදර යන්න සිදු වුණු නිසා 1966 සිට සහල් නිකන් දුන්නා. එහෙම නේද සිද්ද වුනේ?. එහෙම කලේ ලංකාව සහල් වලින් ස්වයං පෝෂිත වෙලා තිබුණු නිසාවත් ඩඩ්ලිගේ බූදලයෙන් සහල් ගෙන්වලාවත් නොවෙයි අනික් බාණ්ඩවලට බදුගහලා බව හිතෙන්නේ නැද්ද? අන්තිමට ඩඩ්ලි හාල් එක සේරුවයි නිකන් දුන්නේ. ඩඩ්ලි ඇසුවා සේරු දෙකක් කොහෙන්ද දෙන්නේ කියලා... එතකොටයි සිරිමාවෝ සේරු දෙකක් හඳෙන් හරි ගෙන්වා දෙනවයි කිව්වේ. ඔබ හරි. ඉතිහාසෙ ටැපලුණා.

:       1       0

fairoos Sunday, 10 October 2021 12:59 PM

කොහොමද අපේ සර්ගේ කෘෂිකර්මාන්තය නගා සිටුවන වැඩ... දැන් සැපද?

:       2       16

BamunuarachchiSunday, 10 October 2021 02:11 PM

නැතුව නැතුව එළුවන් බලපු අයට රටේ කෘෂිකර්මාන්තය දුන්නොත් ඔවුන් සහලුත් ප්‍රතිඅපනයනය කරාවි. හම්බයින් නැති ආණ්ඩුව අපිට කොහොමත් සැපයි කියා කීසැරයක් කියලා තිබෙනවද?

:       14       3

ගල් බමුණෙක් Sunday, 10 October 2021 06:35 PM

අලිබබා සහ හොරු හතළිහ ඉන්න ආණ්ඩුවට දැන් හරි සැප ඇති.. මොලේ උඩ වෙන්ඩැ ඉන්නේ...

:       0       5

BamunuarachchiMonday, 11 October 2021 02:11 PM

සැපනම් මොලේ උඩ හිටියාම මොකද? දන්න යකා නොදන්නා සුරදූතියට වඩා හොඳයි. මේ යකාගෙන් බේරෙන්න ගන්න කෙනා කොහොමද කියලා කව්ද දන්නේ..? ඔහෙලා හොඳයි කියන්නේ කවදාකවත් ආණ්ඩු නොකරපු ගොයියන් ටිකකට. කවදාවත් වෙදකමක් නොකළ වෙදෙක් ගාවට යන්නේ මොන මිනිහද? මුට්ටිය ගන්න බෙල්ල කපන්න කිව්වොත් මොකද කරන්නේ..?

:       1       0

Bamunuarachchi Sunday, 10 October 2021 01:53 PM

දැන් අහන්න එපා... මේ ආණ්ඩුව මොනවද රටට කලේ කියලා? 100 ට අඩුවෙන් දෙන්න ඇමතිතුමෝ මෝල් කාරයාට කෙළවෙලා යන්න. පොහොර ගෙන්වන විනිමයෙන් සහල් ගෙන්වමු. ජය වේවා! මෝල් කාරයෝ භංගවේවා!

:       18       8

අගුපිලගේ Sunday, 10 October 2021 03:46 PM

මෝල් කාරයාට කෙළවෙන්න පොහොර නවතා හාල් ගෙනාවාම බමුණුට කොමිස් කුට්ටිය තරවෙනවා... ගොවීන් වගාව අත් හැරියාම සෞභාග්‍ය දෝරෙ ගලනවා.. බත් කන ජනතාව පෝලිමේ ගොස් රටහාල් කාලා මැරෙනවා.. කවුද හිතුවේ පොර ටෝක් දෙන බමුණුආරච්චි මෙහෙම මෝඩයි කියලා...

:       1       16

BamunuarachchiMonday, 11 October 2021 02:03 PM

කොමිස් ගැන ගොන්ටෝක් දෙන්න එපා.. මම හාල් සල්ලි වලට ගන්න කෙනෙක්.. එම නිසා මම බලන්නේ අපිට ලාබෙට හාල් ලැබෙන්නේ කොහෙන්ද කියන එකයි. මට කවුරු පෝසත් වුණත් කමක් නැහැ. ලංකාවේ හම්බයෙක් නැතිව... ඉන්දියන් ගොවියා පොහොසත් වුණාට මට ප්‍රශ්නයක් නැහැ. ජනතාවගේ බදු මුදලින් ලාබෙට පොහොර, වතුර අරගෙන මෝල්කාරයාට වී ටික විකුණලා අපි මෝල් කාරයාගෙන් සහල් වැඩිමිලට ගන්නේ මොන බම්බුවකටද? ලාබෙට ඉන්දියාවෙන් ගන්න පුළුවන්කම තියෙද්දී... අපි අවඥාවට ලක්කළාට යහපාලක කාලේ රවී කරුණානායක කිව්වේ ඔය ටික තමයි. දාන පොහොර රසායනිකද? කාබනිකද? කියලා මට අදාළ නැහැ. මොකද බත්වල තිබෙන අාසනික් 75%ක් අයින් කරගන්න ක්‍රම තිබෙන නිසා...

:       1       0

Naushad. Sunday, 10 October 2021 02:08 PM

ඔන්න ළඟදී හාල් පෝලිමක් බලන්න පුළුවන්.. හාල්පාරුවන්ට රට බාරදුන්නොත් පෝළිම් තමයි.

:       2       18

sam Sunday, 10 October 2021 02:09 PM

ඇයි, එහෙම කියන්නේ...? මේ ආණ්ඩුවනේ සෞභාග්‍යයේ දැක්මට යමින් හොඳටම කළේ. සුදු ළූණුවලටත් වාසි ඇති. මේවා කාබනික පොහොරවලින් වගා කළ සහල්..

:       0       15

BamunuarachchiSunday, 10 October 2021 02:22 PM

කාබනික පොහොර නොවෙයි, අමෘතය දාලා වගා කළත් රු 160ට කිලෝ එක එපා... රටින් ගෙන්වලා 160ට කිලෝ 2 දෙන්න. මෝල්කාරයා හාන්සි වෙනහැටි කියන්නකෝ...

:       10       3

Ruhunu Sunday, 10 October 2021 02:16 PM

ඔයා එක්කම වෙළඳ ඇමැති කෙනෙකුත් පිටරටකින් ගෙන්න ගත්තොත් හොඳයි නේද?

:       0       16

de silva Sunday, 10 October 2021 02:42 PM

කරුණාකර දැන්වත් විකාර නවත්වලා ගොවියාට අවශ්‍ය පොහොර ටික සපයලා දෙන්න. එහෙම නොකළොත් ඩඩ්ලිලා පිටරටින් එන සහල් තොග සියල්ලම මිලට අරන් සහල් මිල නැවත ඔසවලා දමාවි..

:       0       12

WCA Sunday, 10 October 2021 04:32 PM

මෝල් කාරයන්, ගොවියන් ඔක්කොම එකතුවෙලා තමයි ගියසැරේ මාෆියාව ගොඩදාලා දුන්නේ.... 30-35ට ඔය මෝල් කාරයෝ වී ගන්නකොට ඔය ගොවියන් දෙන්න බෑ කිව්වේ නෑ. මේකෙන් තැලෙන්නේ පොඩි මිනිහා. මේ වෙලාවේ හාල් ගේනවා නම් හොඳයි...

:       0       3

මුදියන්සේ, Sunday, 10 October 2021 07:40 PM

ලොකු ඇමති තුමා, කෑමට හැකි සහල් ද........ගේන්නෙ.

:       0       3

Sriland Monday, 11 October 2021 01:52 AM

වෙළඳ ඇමති රටින් හාල් ගේනකොට හරිනම් කෘෂිකර්ම ඇමති ඇතුළු ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවම ඉල්ලා ඇස වෙන්න ඕනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 646 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4800 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1800 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 721 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3995 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3013 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site