(ඩයනා උදයංගනී)
ආනයනයන් තවදුරටත් සීමා කිරීමට මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
දැනට පවතින තත්වය අනුව එවන් තීරණයක් ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි ද කබ්රාල් මහතා සඳහන් කළේය.
මේ වන විටත් භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම සීමා කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ තුළින් රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ද කීවේය.
තවදුරටත් ආනයන සීමා කිරීමෙන් එම කාර්යය පහසුවන බව මහබැංකුව යෝජනා කර තිබීම නිසා යම් ආන්දෝලනයක් මතුවුණත් එවන් තීරණයක් ගෙන නැතැයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආනයන තවදුරටත් සීමා කළොත් ආර්ථිකයට පහසුවක් විය හැකි බව මහබැංකුවෙන් යෝජනා කළත් ඒ ගැන තීරණ ගනු ලබන්නේ ඒ වෙනුවට ගත හැකි විකල්ප තිබේද, තවත් දේ කළ හැකිද ආදිය සළකා බැලීමෙන් පසුව යැයි රාජ්‍ය ඇමතිවරයා කීය.
මේ අවස්ථාවේ සියලු දෙනා වගකීමකින් කටයුතු කළ යුතු බව කී කබ්රාල් මහතා අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී දැන්ම ඊ ළඟ අවුරුද්දටම අවශ්‍ය දේවල් ආනයනය නොකිරීම ආදී සීමා දමාගෙන කටයුතු කිරීම වැදගත් බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම අපනයනකරුවන් ලබාගන්නා මුදල් සීමිත කාලයක් තුළ රුපියල් බවට පරිවර්තනය කළ යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා එවිට රට තුළ ඩොලර් ප්‍රමාණය ඉහළ මට්ටමක පවත්වාගත හැකි බව ද කීවේය.
රුපියල සියයට 39කින් කඩා වැටී ඇතැයි කී කබ්රාල් මහතා දැන් කළ යුත්තේ එම තත්වය වෙනස් කිරීම බව ද පැවසීය.
කොවිඩ් වසංගත තත්වය හමුවේ එය අසීරු වුවත් රජයට එම අරමුණ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘ආනයනය සීමා කිරීමට තීන්දුවක් ගෙන නෑ‘‘
සෙනෙවිරත්න Monday, 05 July 2021 07:25 PM
ඔබතුමා සත්‍ය ප්‍රකාශ කරන අයෙක් අපිට විශ්වාසයි. ජී.එස්.පී එක නොබියව ප්‍රතික්ෂේප කළා.. අපි ආසයි එහෙම අයට, හැබැයි වෙන්නේ වෙන දෙයක්... ඒකයි ඇමතිතුමෝ අවුල, ග්‍රීක බැඳුම්කර ගැනත් මොනවා හරි කියන්න...
ලලිත් එම් Monday, 05 July 2021 09:17 PM
ඔබතුමා කියන දේ හරියටම කරන කෙනෙක්. මහජනයාගේ මිතුරෙක්. ඒකනේ මිනිස්සු සල්ලි ඉතුරු කරලා පොලියෙන් ජීවනෝපාය හදාගෙන ඕනවට වැඩිය කාල ලෙඩ වෙන එක නවත්තන්න බැංකු පොලී අඩු කලේ. අනික මිනිස්සු නිකම් ඉන්න එක නවත්තලා මැරෙනකල්ම වැඩකරන්න සැලැස්සුවේ. ඔහොම යමු.
විජිත් Monday, 05 July 2021 10:16 PM
."...රුපියල සියයට 39කින් කඩා වැටී ඇතැයි කී කබ්රාල් මහතා දැන් කළ යුත්තේ එම තත්වය වෙනස් කිරීම බව ද පැවසීය....." මිනිහා කියන්නේ ඇත්ත.".එම තත්වය..." තව මාසෙකින් පමණ හොඳටම වෙනස් වෙනවා. ඒ කියන්නේ රුපියල බිමටම කඩා වැටෙනවා. ඩොලරය රුපියල් 215 විතර යාවි. මේ ගොබ්බයින් මේ රට විනාශ කළා.
Sri Lanka Monday, 05 July 2021 10:36 PM
අපේ රටේ නිෂ්පාදන මොනවද