IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආනයන-අපනයන පරතරය පියවා නොගත්තොත් රට යළි බංකොලොත්

(අංජුල මහික වීරරත්න)

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා  අවධාරණය කළේය.

ඊට අදාළව නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අරමුණින් රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බව කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌ඓතිහාසික බෝධිය  වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට අද (20) සහභාගී වෙමිනි.



අදහස් (11)

ආනයන-අපනයන පරතරය පියවා නොගත්තොත් රට යළි බංකොලොත්

Bamunuarachchi Wednesday, 20 March 2024 07:22 PM

තොරොම්බල් බඩු, මඤ්ඤොක්කා, බතල, එළවළු ආනයනය කිරීම නවත්තන්න. බෙහෙත්, සෞඛ්‍ය උපකරණ, වාහන අමතර කොටස් වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ පමණක් ගෙන්වන්න. විදුලි බිල නැන්වීම නිසා කර්මාන්ත වැසී ගියා.. ඉතින් කොහේද ලොක්කා අපනයනය හරි යන්නේ?

:       0       0

Jagath Wednesday, 20 March 2024 07:28 PM

රට කරගෙන යන්න බෑ නේ, දාලා යන්නකෝ කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නේ නැතුව, කරගන්න පුළුවන් කෙනෙකුට රට දීලා.. වැල් බයිලා ගහන්නේ නැතුව, මඟුල මහා වදයක් වුණානේ මේක...

:       0       0

Dilanthi Wednesday, 20 March 2024 09:31 PM

වයස 70 වෙනකල් රනිල්ට නොතිබුණු මොලේ දැං AI වලින් සපුරා ගෙන දින පතා පොර ටෝක්ස් දෙනවා. රනිල්, සජිත්, අනුර මේ සියල්ල කරන්නේ වචන හරඹය පමණයි. රට දියුණු කරන ප්‍රායෝගික සැලසුම් නෑ.

:       2       5

Kalum Wednesday, 20 March 2024 09:35 PM

අප්පා.අපි හිතුවේ 2048 දී අපේ රට සංවර්ධිත රටක් කියලා.නාකි පඩංගු මේ කියනවා මේ මතක නැහැ

:       1       8

chandima Wednesday, 20 March 2024 09:58 PM

ඊට අමතරව දැන් වගේ ණය ආපසු නොගෙවා ඉන්නත් ඕනද ?

:       1       6

නිලන්ත Wednesday, 20 March 2024 10:20 PM

එහෙම කියන ඔබතුමාම නැවතත් වාහන ගෙන්වීම සදහා අවසර දෙන්න හදනවා කියලා ආරංචියක් ලැබුනා එහෙම කරන්න ගොයොත් ඔය කියනදේ කොරන්නෙ බැරිවේවි

:       0       8

Nimal Thursday, 21 March 2024 05:47 AM

යලි බංකොලොත් කියා කියන්නේ ඇයි ?රට තවමත් හොඳටම බංකොලොත්.ලබාගත් මහ ණය කන්දරාවවත් කලට වෙලාවට ගෙවාගන්න තබා ගෙවීම හිතාගන්නවත් බැරි තත්වයක රට තිබෙන්නේ .මේ ලෙස සත්‍ය ප්‍රකාශ කරන්න

:       0       8

මමයි මොට්ටපාල දොට්ට දැමීම පාසලෙන් Thursday, 21 March 2024 06:48 AM

එළවළු ,මාලු,සහල් වගේ ඒවා මෙන්ම සරුංගල ප්ලාස්ටික් සෙල්ලම් බඩු,දේවලුත් ලංකාවට ගෙන්වීම ගෙවීමට තියෙන ණය ගෙවා අවසන් වෙනතුරුම නවතන්න ඊළඟට අපනයනය කරන්න පුළුවන් දේශීය දේවල් ප්‍රවර්ධනය සදහා දිරිගැන්වීම කරන්න ලංකාවට වාහන ගෙන්වීමෙන් විශාල ධනයක් නාස්ති වෙනවා අධිවේගී මාර්ග හැදීම වෙනුවට (කොමිස් කුට්ටිය සදහා මහාමාර්ග හා අධිවේගී මාර්ග හැදිම කරනවා) රට පුරා විහිදුණු දුම්රිය මාර්ග පද්ධතියක් හදා දුම්රිය ස්ථාන සම්බන්ධ කර පොදු ප්‍රවාහනය දියුණු කරන්න එහෙම කලොත් නාස්තිය අවම වෙනවා ඉන්ධන පාවිච්චිය අඩුවෙලා රටේ මුදල් වෙනුවෙන් පිටරටට ඇදීයන මුදල් ඉතිරි වෙනවා

:       0       12

පිටරටවැසියා Thursday, 21 March 2024 09:17 AM

දැන් අපිද රට පාලනය කරන්නෙ? වසර දෙකක් පුරා බිත්තරෙත් ඉන්දියාවෙන්. රටේ නිෂ්පාදනය කළ හැකි (කොස්ස, ඉදල ඇතුළුව) බොහෝ දේවල් චිනගෙන්. රටේ ආර්ථික මර්මස්ථාන කුණුකොල්ලෙට ඉන්දියාවට විකුණලා ඒවායේ වාර්ෂික ලාභාංශ ඩොලර් කරලා පිටරට පටෝනවා. දැන් රටේ ජනතාව කිව්වද මෙහෙම කරල ආනයන-අපනයන පරතරය පියවා ගන්න කියල ??

:       1       12

pakeer Thursday, 21 March 2024 09:17 AM

ඕක තමයිනේ බන් මේ ප්‍රශ්නෙට මුල .ඕක උඹලට කවදාවත් කරන්න බැහැ .නිෂ්පාදනයක් නොකර සහ විදේශයන්ට සේවා විකුනන්නේ නැතුව

:       0       9

ගමේ එකාලා Thursday, 21 March 2024 04:53 PM

අමුතුවෙන් බන්කොලොත් වෙන්න දෙයක් නැහැ. බලයේ හිටපු දූෂිත දේශපාලුවෝ රටම, හොරාකා, බන්කොළොත් කරලා හමාරයි. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම රෙද්ද පල්ලෙන් බේරෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1301 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 797 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1328 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 943 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 774 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site