(යොහාන් භාසුර)
භාණ්ඩ වර්ග 300 ක ආනයනය තහනම් කිරීමට රජය පියවර ගැනීමෙන් ජනාතවගේ ජීවනෝපායන් මෙන්ම ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් මෙම ආනයන තහනමත් සමඟ ක්ෂේත්‍ර ගණනාවක ලක්ෂ ගණනක රැකියා අහිමිවීමේ අවධානමක් ඇති බවත් පොරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (26) පැවසීය.
දුම්රිය සඳහා වන සංඥාා පද්ධති සහ ඒවාට අදාල අමතර කොටස් ආනයන තහනම් කිරීමෙන් දුම්රිය අනතුරු වීමේ දැඩි අවධානයක් ඇති බව කී ජයගොඩ මහතා වාහන ගිනිනිවීමේ උපකරණ ආනයනය ද සීමාකර ඇති බව ද සඳහන් කළේය.
යකඩ, ඇළුමිනියම්, ජලනළ ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්රයේ උපකරණ රැසකට ආනයන තහනම පැනවීම නිසා මහ පරිමාණ ඉදිකිරීම් සමාගම් මෙහෙයුම් සියයට 60 කින් අඩු වී ඇති බවත් කඩදාසි සහ කාඩ්බෝඩ් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන තහනම් කිරීම නිසා පුවත්පත් සහ පොත් යන අංශවල රැකියා දැඩි අවධානමකට පත්ව ඇති බවත් ජයගොඩ මහතා කීය.
අස්වනු නෙළන යන්ත්‍ර ඇතුළු ගොවි උපකරණ රැසක් ආනයන කිරීම තහනම් කිරීමෙන් මෙම ආනයන තහනම ආර්ථිකයට දැඩි හානියක් වන බව ද ජයගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආනයන තහනම ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක්
මැක්ස් Friday, 26 August 2022 03:14 PM
මේ අයගේ සමාජවාදයේ දිග පළල මැන ගන්න මේ ප්‍රකාශය වුවද සෑහේ...
Dasa PFriday, 26 August 2022 04:50 PM
මම මේගොල්ලන් ගැන හිතන් හිටපු විදිහ.. මේක කියෙව්වාම තනිකරම වෙනස් වුණා.
යෝගා Friday, 26 August 2022 03:59 PM
දැන් රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර, ආනයන අඩු නොකර රට ගොඩගැනීමේ ඔයගොල්ලන්ගේ වැඩ පිළිවෙල කියන්නකෝ...
podi mole Saturday, 27 August 2022 02:18 AM
බිලියන ගණනින් මහජන මුදල් කොල්ලකාපු හොරුන්ගෙන් අන්තිමට සතය දක්වා අයකරගැනීම සහ ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීම...
de silva Friday, 26 August 2022 04:02 PM
කුහක වෙන්න එපා. පුබුදු ජාගොඩ සමාජවාදියෙක් වුණත් ඔහු මේ කියන දෙය සත්‍යයකි. ඇත්ත කියන කොට දොස් කියන්න එපා. කර්ල් මාක්ස්ගේ සමාජවාදය අද කරන්න බැහැ. සමාජවාදය කාලයට ගැලපෙන ලෙස අනුවර්තනය විය යුතුයි. නැතහොත් සිදුවන්නේ රුසියාවේ, නැගෙනහිර ජර්මනියේ සමාජවාදය මෙන් විනාශ වෙන එක. එසේ නොමැති නම් උතුරු කොරියාවේ මිනිස්සු මෙන් බඩගින්නේ දුක් විදින එක. වියට්නාමයේ, චීනයේ වගේ කාලයට ගැලපෙන ලෙස අනුවර්තනය වන ප්‍රජාත්‍රාන්තික සමාජවාදයක් අපට අවශ්‍ය වෙනවා.
චන්දන Friday, 26 August 2022 05:03 PM
දේශීය කර්මාන්ත 89 දි ගිණි තියනකොට ඕවා මතක් වුනේ නැත්ද? දේශී කර්මාන්ත වල වැදගත්කම දැන්වත් තේරෙනවද?
Common people Saturday, 27 August 2022 07:33 AM
Pretty true....