(ඩයනා උදයංගනී)
ආනයන සීමා ලිහිල් කිරීම ඉතා වගකීමෙන් සහ ක්‍රමාණුකූලව සිදුකිරීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය වගබලාගත යුතුයැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
එසේ නොකර වක්කඩ කැඩුවාක් මෙන් ආනයන සීමා ලිහිල් කළහොත් යළිත් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මේ වන විට ආර්ථික අර්බුදය යහපත් අතට පත්වෙමින් තිබුණත් සුළු හෝ වරදකින් අළු යට ගිනි පුපුරු මෙන් එය යළි මතුවිය හැකි බව ශාන්ත බණ්ඩාර මහතා කීය.
එබැවින් ආනයන සීමා ලිහිල් කිරීමේදී නිෂ්පාදන අමුද්‍රව්‍ය, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදියට මිස වෙසක් කූඩු, සරුංගල් ආදියට අවසර නොදිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නිලධාරීන් එවැනි වැරදි පියවර ගෙන යළිත් ගැටලුකාරී තත්වයක් මතු වුවහොත් ජනතාවගෙන් දොස් අහන්නට සිදුවන්නේ රජයට බව ද ඔහු සඳහන් කළේය.
රාජ්යග අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාරම්මල ප්‍රෙද්ශයේ පැවති ජන හමුවක් අමතමිනි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ආනයන සීමා ලිහිල් කිරීම මහ බැංකුව වගකීමෙන් සිදුකළ යුතුයි
ravin Thursday, 06 April 2023 06:35 PM
මහ බැංකුවෙ නිලදාරින්ට ඔවුන්ගෙ වගකිම් හරිහැටි ඉටුකිරිමට ඉඩ නොදුන් නිසානේද දැන් ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ? මෙයාට ලකුනු කියක් දෙනවාඩ? තොත්ත බබාලා ටික.
Nimal Friday, 07 April 2023 11:27 AM
මෙයාට දුන්නා නම් හරි මහ බැංකුවේ අධිපතිකම... කරන හැටි බලන්න...