(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සංවේදි හා අධිසංවේදී පරිසර පද්ධතියක් වන ආනවිළුන්දාව රැම්සා අභය භුමියේ හානිය පිළිබඳව සොයාබැලීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව වනජීවි හා වන සම්පත් අමාත්‍ය සී.බී.රත්නායක මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පවසා සිටියේ ආනවිළුන්දාව රැම්සා අභය භුමියට පිරිසක් ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් ඉස්සන් ටැංකි සැකසිමේ අරමුණින් සිදුකර ඇති හානිය සම්බන්ධව සොයා බැලීමට පැමිණීමෙන් අනතුරුවය.
ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම සිව් පුද්ගල කමිටුව සඳහා වනජීවි අමාත්‍යාංශ ලේකම් ඇතුළුව පුත්තලම දිස්ත්‍රික් ලේකම්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති යන නිලධාරින් මේ සඳහා නම් කර ඇති බවයි .
ආනවිළුන්දාව රැම්සා අභය භුමියේ විශේෂ නිරීක්ෂණයට එක්වූ ඇමතිවරයා මෙම කමිටුව පත් කිරීම සිදුවූ අතර එය සතියක් ඇතුළත ලබා දෙන්නැයි අදාල නිලධාරීන්ට එම ස්ථානයේදීම දැනුම් දීම සිදුවිණි.
එසේම තමන්ට ලැබුණු තනතුර කිසිඳු අයුරකින් කටු ඔටුන්නක් කර නොගෙන සියලුම පරිසර පද්ධති ආරක්ෂා කරමින් වනජීවින්ට හා මිනිසුන්ට නිදහසේ ජීවත් වීමේ පරිසරය නිර්මාණය කරන බවද හෙතෙම පැවසීය.
ඇමතිවරයා රැම්සා තෙත් බිමේ හානිය සිදුව තිබු ස්ථානයේ පැයකට ආසන්න කාලයක් රැදි සිටිමින් නිළධාරින්ගෙන් සමග දිර්ඝ සාඛජ්ජාවක් පැවැත්විම සිදුවිනි .
එහිදී මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබා දී ඇති බවත් අදාල සිව් පුද්ගල කමිටු වාර්තාව ලැබීමෙන් පසුව එය ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මෙහි වරද කරඇත්තේ කවුරුන්ද යන්න තමාට අදාල නැති බවත්, එයට සම්බන්ධ සියලු දෙනාටම නීතිය එකලෙස ක්‍රියාත්මක කරන බවටත් මෙහිදී පොරොන්දුවන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසුව ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.
ඒසමගම ඉන් පසුව එම ස්ථානයට පැමින සිටි රාජ්‍ය නිලධාරින් සමග ඉදිරියේදි ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡාවක්ද සිදුකෙරිණි.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආනවිළුන්දාව හානිය සොයා බලන්න සිව් පුද්ගල විශේෂ කමිටුවක්
විජේ Saturday, 29 August 2020 09:51 PM
සී බී මහත්තයෝ... මොකක්ද මේ පත්කරලා තියන කොමිසම? කිසිම පදනමක් නෑ. කරුෙණාකරලා අලුතින් කමිටුවක් පත්කරලා අපේ ඔක්සිජන් සනත්ව සභාපති කරන්න... අපිට පොඩි ග්‍රවුන්ඩ් කෑල්ලක් එහෙම හදාගන්න.
ලුම්බිණි Sunday, 30 August 2020 01:29 AM
මේකට මොන විශේෂ කමිටුද ඇමතිතුමා? ඕනෑම කෙනෙකුට පේනවනේ වෙලා තිබෙන දේ. වැරදි කරපු අයට දඬුවම් දෙන්න.
siri Sunday, 30 August 2020 08:24 AM
සිංහරාජෙ ගැන නම් කමිටු ඕනෑ වුණේ නැහැ. එක්කෙනෙක් හිතුවා. කරන දේ කිව්වා. පාර විතරක් නොවේ... බස් එකකුත් දාන්නයි යන්නේ... දැන් සනීපද?