IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


ආනවිළුන්දාව පරිසර පද්ධතිය

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව  පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.

මෙම පරිසර පද්ධතිය පුරා පක්ෂීන්ට වාසස්ථානයක් සැලසු වෘක්ෂයන් සියල්ලම මැරි යාමට පටන් ගැනිම, මෙන්ම  භුමියෙ වැව් පද්ධතිය පුරාම ජලජ ශාක වලින් පිරි තිබිමත් සමග එයට අදාල බළධාරීන් නිසි අවදානයක් නොමැතිවීමෙන් බව පරිසරවේදිහු පවසති.

මෙම පරිසර පද්ධතිය දේශීය හා  විදේශීය  පක්ෂීන්ගේ රජ දහනක් වෙති.එහි පහස විදිමට  සැතපුම් දහස් ගනනක් පියාසර කරමින් විදෙස් පක්ෂින් පැමිනීම සිදුවන්නේ දශක ගණනාවක සිටය.

එක් පසකින් මහ සයුරත් තවත් පසකින් කලපු පද්ධතියත් තවත් පසකින් දැවැන්ත කඩොලාන පරිසර පද්ධතියත් තවත් පසකින් ඕලන්ද ඇලත්  සමග එක්ව වැව් හතකින් පෝෂීත ආනවිළුන්දාව ජෛව විවිධත්වයේ සුවිශේෂම වු  පුත්තලම දිස්ත්‍රික්කයෙ විශේෂීත  පරිසර පද්ධතියක් වෙති.

ආනවිලුන්දාව 2001 වසරේ අගෝස්තු 1 දින රැම්සා තෙත් බිමක් බවට පත් කිරීමට ඒ පිළිබදව දැඩි පරිශ්‍රමයෙන් ඒ පිළිබදව අධ්‍යනය කල සුවිශේෂ කණ්ඩායමක් මහත් වෙහෙසක් ගෙන තිබුණි .

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම රැම්සා තෙත් බිම ලෙස ආනවිළුන්දාවයි. ඒ නිසාම ඇත්තේ එහි සුවිශේෂත්වය නිසි සැලකිල්ලට  ගනිමින් රැම්සා තෙත් බිමක් බවට පත් කිරීමට කටයුතු කර තිබුණි.

එහි ප්‍රතිපලයක් ලෙස රැම්සා තෙත් බිමක් බවට පත් කල මෙම සුවිශේෂ භුමිය අන්තර් ජාතික රැම්සා සම්මුතියට යටත්ව රැම්සා තෙත් බිමක් ලෙස  2001 වසරේම අගෝස්තු 3 දින ප්‍රකාශයට පත් කිරීම සිදුව ඇත්තේ මෙම සුවිශේෂ භුමියෙ වටිනාකම තවත් වැඩ කරමිනි.

හෙක්ටයාර් 1397 ක වපසරියකින් යුත් ආනවිළුන්දාව කුරුළු පරාදිසයක්ව ඇත්තේ මෙම එහි පරිසර පද්ධතියට මහත් ආඩම්බරයක් ලබා දෙමිනි මෙම භුමියෙ දේශිය පක්ෂි විශේෂ 131 ක්,පර්යටන පක්ෂීන් 37 ක වාස භුමියක්ව තිබේ.

ඒ සමගම මෙම භුමියෙ ශාක විශේෂ 264 ක් හදුන් ගෙන ඇති අතර එයින් එයින් 110 ක් ගස් වර්ග ද තවත් 54 ක් පදුරු විශේෂ ලෙසද හදුනා ගැනිමට පර්යේෂකයින් සමත් ව තිබේ.

ඒ සමගම මෙම භුමියේ කඩොල් වර්ග 13 ක් ද සමනළුන් විශේෂ 74 ක් මත්ස්‍ය විශේෂ 47 ක් උරග විශේෂ 34,උභය ජීවි විශේෂ 11,ක්ෂීරපායි විශේෂ 20 ක් ලෙස ද මෙම භුමියෙ රැදි සිටින බව හදුනා ගෙන තිබේ.

නමුත් මේ සියල්ල හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ පිහිටි මෙම සුවිශේෂ භුමිය දැනට වසර කිපයක සිට ක්‍රමයෙන් එහි පැවති අලංකාරත්වයට බරපතල තර්ජනයක් වෙමින් පෙර සදහන් කල ලෙස දැවැන්ත වෘක්ෂයන් මැරි යමින් තිබිම පරිසර පද්ධතියටම මරු පහරක් එල්ල කර තිබේ.

මෙම තත්වය පිලිබදව අදහස් දක්වන පරිසරවේදින් පවසන්නේ ආනවිළුන්දාවේ පරිසර පද්ධතියට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුව ඇත්තේ වසර කිපයක සිට බවයි.

එය ඔවුන් විග්‍රහ කරන ආකාරයට දැදුරු ඔය හරස් කරමින් සෙන්ගල්ඔය හරහා ජලය මෙම ආනවිලුන්දාව වැව් පද්ධතියට රැගෙන ඒමට කටයුතු කිරීමත් සමග ආනවිලුන්දාව වසර පුරාම ජලයෙන් පිරී යාමත් සමග දැවැන්ත වෘක්ෂයන් වල මූල පද්ධති නිරන්තරයෙන් ජලයෙන් යටව තිබිමත් සමග මෙලෙස ක්‍රමයෙන් වෘක්ෂයන් මැරි යාම සිදුව ඇති බවයි.

අතීතයෙ ආනවිලුන්දාවේ වැව් පද්ධතිය වසරේ ජූලි සිට  ඔක්තෝම්බර්  අවසානය දක්වා  මාස කිපයක් ජලය සිදි යාමේන් දැවැන්ත වෘක්ෂයන් වලට යම් කාලයක් තම මූල පද්ධති ජලය අඩුවිමත් සමග එහි පැවැත්මට නිසි දායකත්වයක් ලබා දුන් බව පරිසරවේදින් පවසයි.

නමුත් දිගින් දිගටම ජලය මෙම මෙම වෘක්ෂයන් වැසි තිබිමත් සමග එහි පැවැත්මට බරපතල තත්වයක් මතුව ඇති බව පරිසරවේදිහු පෙන්වා දෙති.

මේ සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.

මේ පිළිබදව අපි මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබේනවා පසුගිය කාලය පුරාම විශාල වශයෙන් මෙම පරිසර පද්ධතියෙ ගස් මැරි යාම සිදුවුනා.

නමුත් දැන් යම් අඩුවිමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.කෙසේ නමුත් මෙම තත්වයට හේතු සොයා බලන්න අපි විශේෂ කණ්ඩායමකින් සැදුම් ලත් පිරිසක් සමග ඉදිරියේදි කටයුතු කරන්න සුදානම් ව සිටිනවා.එහිදි ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැන ගන්න හැකි වෙවි.යැයි ඔහු පවසන්නට විය.

 



අදහස් (0)

ආනවිළුන්දාව පරිසර පද්ධතිය

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි
2024 ඔක්තෝබර් මස 22 12 0

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිප


ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 22 153 0

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධ


ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 214 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 40 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ
2024 ඔක්තෝබර් මස 22 801 0

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට
2024 ඔක්තෝබර් මස 22 601 0

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site