IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ආපදාවෙන් හතරක් මරුට:11542ක් පීඩාවට

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි, අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් මරණ හතරක් සිදුව ඇති අතර දිස්ත්‍රික්ක හතක පවුල් 2750කට අයත්, 11,542 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල අලුත්වත්ත ප්‍රදේශයේ 32 හැවිරිදි දෙදරු පියෙකු ජල පහරකට හසුවී මියගොස් ඇති අතර, එම දිස්ත්‍රික්කයේම තවත් අයකු ද ගංවතුරට හසුව මියගොස් ඇත. කෑගල්ල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ද එක් අයෙක් මියගොස් ඇති අතර වාරියපොල ප්‍රදේශයේ අයෙක් ද ජල පහරකට හසුව මියගොස් තිබේ.

පීඩාවට පත් පවුල් 42කට අයත් 175 දෙනකු ආරක්‍ෂිත ස්ථානයක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කොළඹ, කළුතර, ආදී දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙම වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ප්‍රදේශ රැසකට ලැබුණු මිලිමීටර 200 ඉක්මවූ මහ වැසි හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා ගංගාවල සහ මහ ඔය, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් එම දිස්ත්‍රික්කයන්හි පහත්බිම්වල ජලගැලීම් තත්ත්වයන් මතුව තිබූ අතර වැඩිම බලපෑමක් එක්ක වී තිබුණේ ගම්පහ දිස්ත්‍රිතක්කයටය.

එම දිස්ත්‍රික්කයේ පවුල් 1385කට අයත් 6119 දෙනකු පීඩාවට පත්ව සිටි අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 663 කට අයත් 2806 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 325කට අයත් 1132 දෙනෙක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 270කට අයත් 1115 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

මෙම තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල නිවාස 205කට අර්ධ හානි සිදුව ඇත.

 



අදහස් (2)

ආපදාවෙන් හතරක් මරුට:11542ක් පීඩාවට

සිරිබිරිස් Friday, 14 May 2021 06:32 PM

ලංකාවට වෙන්න පුලුවන් අකරතැබ්බ ඔක්කෝම වෙනවා. අහලා තියනවා පාලකයෝ හොඳ නැති වුණාම එහෙම වෙනවයි කියලා.

:       1       7

siri Saturday, 15 May 2021 09:02 AM

කොරේ පිටට මරේ. ආවදවසේ ඉඳල ආපදාම තමා ඉතින්.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 61 0

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 462 2

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමිගෙන් කෝටියක්
2024 නොවැම්බර් මස 07 402 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 663 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි



’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 948 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 56 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1387 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site