IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආපදා සහන මුදල වැඩි කරන්න

 


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආපදාවලින් විපතට පත් වූවන්ට ලබා දෙන සහනාධාර මුදල ප්‍රමාණවත් නැති හෙයින් වහාම ඊට අදාළ චක්‍රලේඛය වෙනස්කර සහනාධාර මුදල වැඩි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  රජයෙන් ඉල්ලීමක් කළේය.

එක පවුලකට ලැබෙන රුපියල් 400 මුදල ප්‍රමාණවත් නැතැයිද ඔහු කීවේය. විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ගංවතුරෙන් විපතට පත් වූ අයට සහන සැලසීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. මේ ජනතාවට ප්‍රමාණවත් සහන කෙටි කාලයක් තුළ සපයන්න.

බොහෝ දෙනාට ආහාර ඇඳුම් පැළඳුම් සියලු දේ අහිමි වෙලා තියෙනවා. මේ අය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන.  දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට  අමතර ලක්ෂ දහයක් යවල තියෙනව.  ඒ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.

චක්‍රලේඛයේ සඳහන් මුදල් සොච්චම ප්‍රමාණවත් නැහැ. ඒකෙන් විපතට පත්වෙච්ච ජනතාවට කන්න දෙන්න බැහැ. එක වේලක්වත් දෙන්න බැහැ. මේ චක්‍රලේඛය වහාම වෙනස් කරන්න ඕන. සහන ලබාදීමේ මුදල වැඩි කිරීමට කටයුතු කරන්න ඕන.

අපේ රටට රේඩාර පද්ධතියක් ලැබුණා. ඩොප්ලර් රේඩාර් පද්ධතිය.
තාම මේක හයි කරගන්න බැරි වෙලා තියෙනවා. මොකක්ද ඒකට වුණේ.සහන ලබාදීමේ වැඩපිළිවෙළ සහමුලින්ම වෙනස් වෙන්න ඕන. ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කරන්න.මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය බරපතලයි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම මහතා

මාතර පවුල් හත් දහසක් ගංවතුරට මුහුණ දීලා තියෙනවා. බෝට්ටු පහළොවක් නාවික හමුදාවෙන් ලැබිලා තියෙනවා. සමහර තැන් වලට අඟුල් නැතුව යන්න බෑ. ස්ථිර වශයෙන්ම අඟුල් 40  ලබාදෙන්න. ගොවි වන්දි ලබාදීම ප්‍රමාද වෙලා. මොකක් හෝ කඹ ඇදීමක් තියෙනවා.



අදහස් (0)

ආපදා සහන මුදල වැඩි කරන්න

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1111 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 10 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1151 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 845 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 508 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site