IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ආබාධිත දරුවෝ 200ක් මැතිසබය බලන්න ඇවිත්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විවිධ ආබාධිත සහ  විශේෂ අවශ්‍යතා සහිත  දරුවෝ  200 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවේ කටයුතු දැක  බලා ගැනීම සඳහා අද (4) පැමිණියහ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ආබාධිත දරුවන් මෙපමණ ලොකු පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා එකවර පැමිණි පළමු අවස්ථාව මෙයයි.

සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඒ ආබාධිත දරුවන් සියලු  දෙනා සතුටින් පිළිගන්නා බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් 2008 ඉඳල පැහැදිලි අණ පනත්  ඉදිරිපත් කරන බව  කිව්වත් අද වනතුරු  එවැනි පනතක් ඉදිරිපත්වී නැහැ.

පාර්ලිමේන්තුවේ 225 ම ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා  ඒ අණ පනත් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා

සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමති අනූප පැස්කුවෙල්

ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ  පනත ඉදිරි දිනවල ඉදිරිපත් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

ආබාධිත අයිතිවාසිකම් පනත එන්නේ නැති හේතුව  මම පැහැදිලි කරන්නම්. ආබාධිත ප්‍රජාව එකම  ඉල්ලීමයි  කරන්නේ. මේ විෂය සමාජ සේවා අමාත්‍යාංශය යටතේ තිබීමට බොහෝ දෙනා විරුද්ධයි. මෙය ජනාධිපති හෝ අගමැති යටතට ගේන්න.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මේ පනත ඉක්මන් කිරීම ගැන සතුටු වෙන බවයි.



අදහස් (5)

ආබාධිත දරුවෝ 200ක් මැතිසබය බලන්න ඇවිත්

බන්දුකුමාර Monday, 04 December 2023 11:30 AM

එහෙනම් අද දවසේ එහි එකවගේ 425 ක් එකම වහලක් යට ඉන්නවා කියන්න පුළුවන්...!

:       0       2

M. SAMAN PERERA Monday, 04 December 2023 11:58 AM

මහළු මඩමේ මොනවා බලන්නද? මැති සබය නෙවෙයි, මැති හබය...!

:       0       1

Shantha - Qatar Monday, 04 December 2023 12:33 PM

අනේ දරුවනේ පරිස්සමෙන් ගිහින් බලලා එන්න. ඕකෙ ඉන්න අයගෙන් ගල්මුල් ප්‍රහාර එන්නත් ඉඩ තියෙනවා. ඒ තරම් ශුවර් නැහැ ඕකෙ ඉන්න අය.

:       0       1

ගමේ එකාලා Monday, 04 December 2023 11:06 PM

වෙලාවකට සත්තු වත්ත වගේ, තව වෙලාවකට පිස්සන් කොටුවක් වගේ, අනික් වේලාවට කෝලම් මඩුවක් වගේ කෝකටත් පරිස්සම් වෙන එක තමා ඇඟට ගුණ...

:       0       0

Perera Monday, 04 December 2023 11:24 PM

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ද බුද්ධිකයින්ගේ මෝඩ කථා අහන්නේ මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 268 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 220 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 134 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 168 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 352 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 08 376 0

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39391 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25679 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site