(නිමන්ති රණසිංහ සහ දිලංගා ගෝමස්)
වයස අවුරුදු 12ත් 19ත් අතර “සංජානනීය ආබාධ” සහිත දරුවන් වෙනුවෙන් එන්නත්කරණය හෙට (24) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ආරම්භ කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණීය මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණීක නිර්දේශයන්ට අනුව එම දරුවන් සදහා “ෆයිසර් එන්නත” මෙහිදී ලබාදෙනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය සහ දෙමාපියන්ගේ අත්සන සහිත පත්‍රිකාව පිරවීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරියේ එම දරුවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එන්නත ලබාදීම සිදු කෙරෙන බව ද වෛද්‍යවරයා පැවසීය.
ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා එසේ සදහන් කළේ, “දරුවන්ගේ එන්නත්කරණය පිළිබද රජයේ සැලැස්ම සහ අභියෝග” යන මැයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන ලද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
“සංජානනීය ආබාධ” සහිත දරුවන් 50,000ක පමණ පිරිසක් මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් බහුතරය දිවයිනේ රෝහල්වල සායනවලට පැමිණෙන බවත්, ඒ අනුව එම දරුවන් සදහා රෝහල්වලදීම එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් වෛද්‍ය පාදෙණීය මහතා පැවසීය.
දරුවන් සදහා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලේදී ඛාණ්ඩ තුනකට නිර්දේශ ලැබී ඇති බව කී විශේෂඥ වෛද්‍යවරයා වයස අවුරුදු 12ත් 19ත් අතර “සංජානනීය ආබාධ” සහිත දරුවන්ට සහ වයස අවුරුදු 15ට වැඩි දරුවන් සඳහා මෙම එන්නත් ලබාදීමට නිර්දේශ ලැබී ඇති බවද පැවසීය.
කෙසේ වෙතත් වයස අවුරුදු 12ත් 15ත් අතර සංකූලතා රහිත දරුවන් සදහා එන්නත්කරණය වෙනුවෙන් මෙතෙක් නිර්දේශ ලැබී නැතැයිද වෛද්‍ය පාදේණීය මහතා පැවසීය.
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආබාධ සහිත දරුවන්ට කොරෝනා එන්නත හෙට සිට ඇරඹේ
Thirandi Thursday, 23 September 2021 11:59 PM
එන්නත් කිරීමේ වැඩසටහන ආවරණය කිරීමට මාධ්‍ය උත්සාහ නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේවා සංවේදී ගැටලු ඔවුන්ගේ පවුල් වලට