(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල-දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර 100 පිරෙන 2021 වසරේ දී පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ඌව පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයේ අද (29) පැවති නිළධාරි හමුවක දී අමාත්‍යවරයා ඒ බව පැවසීය.
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ආරාධනාවකට පැමිණි අමාත්‍යාවරයා එම ප්‍රදේශයේ සංචාරය කර පාලම සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ලෙස එය ජාතික උරුමයක් බවට පත්කිරීමට කටයුතු කර තිබේ.
1921 දී උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟ ඉදිකළ පාලම දිගින් අඩි 300ක් ද, පළලින් අඩි 25ක් ද , උසින් අඩි 80ක් ද වේ.
ආරුක්කු නවයේ පාලම ගල්, ගඩොල් හා සිමෙන්ති වලින් නිර්මාණය කර තිබේ. මෙම පාලම 'අහස් නවයේ පාලම' නමින් ද හඳුන්වනු ලැබේ.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් කරන්න යයි
Champa Tuesday, 29 September 2020 01:15 PM
මොනවා? "විදේශිකයන් අතින් නිමවූ පාලම?" ලෝක ප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු නමයේ පාලම හැදුවේ සුද්දෝ නෙමෙයි, අපේ සිංහලයෝ! සැලැස්මේ ඉඳන් වාස්තු කටයුතු සහ ඉදිකිරීම දක්වා සියල්ල කලේ අපේ සිංහලයෝ. ආණ්ඩුකාරයයි, ඇමතිවරයායි ඉගෙන ගන්න ඉතිහාසය...! දෙමෝදර ආරුක්කු නමයේ පාලම සැලසුම් කලේ ලෝක පූජිත ශ්‍රී ලාංකික ඉංජිනේරු සහ ගෘහ නිර්මාණ ශිල්පී ඩී.ජේ. විමලසුරේන්ද්‍ර. ඔහුගේ අධීක්ෂණය යටතේ පාලමේ ඉදිකිරීම් කටයුතු බාරව වැඩකලේ ඒ.කේ. අප්පුහාමි කියන මේසන්වැඩ සහ ඉදිකිරීම්වලට දක්ෂ සිංහලයෙක්... මේ පාලමේ සැලැස්ම සකස් කළාම ඉංග්‍රීසින්ට දැනන් හිටියේ නැහැ යකඩ සහ වානේ නැතුව පාලම ඉදිකරන්නේ කොහොමද කියලා. ඒ කාලේ ලංකාවේ සියලු යකඩ පළවෙනි ලෝකය යුද්ධයේ ආයුධ නිෂ්පාදනය සඳහා පිටරට යවන්න නියම කරලා තිබ්බ නිසා ඉංග්‍රීසින් මේ පාලම ඉදිකලේ නැහැ. එතකොට අප්පුහාමි තමයි ඉස්සරහට ඇවිල්ලා මේ පාලම ඉදිකරන කොන්ත්‍රාත්තුව ගත්තේ... එක යකඩ කූරක් හෝ කොන්ක්‍රීට් බිඳක් නැතුව, තනිකර ලංකාවේ කළුගල්, ලංකාවේ ගඩොල්, ලංකාවේ සිමෙන්ති පාවිච්චි කරලා මේ පාලම හදලා තියෙන්නේ. ඇස්වහක්, කටවහක් වදින්න එපා, මේ පාලම ජාතික උරුමයක් නෙමෙයි... ලෝක උරුමයක් වියයුතු විශ්මිත නිර්මාණයක්...
chandima Tuesday, 29 September 2020 01:38 PM
අනේ සුද්දෝ නොඋන්නානම්....
ChampaTuesday, 29 September 2020 04:26 PM
වැරැද්ද හරි ගස්සලා ඒ පේලිය අයින් කරලා...
Champa Tuesday, 29 September 2020 01:48 PM
ආරුක්කු නමයේ පාලම හදලා ඉවර කරලා තියෙන්නේ 1921. පටන් ගත්ත දවස ගැන සඳහනක් නැහැ. හේතුව ඉදිකරන්න අවුරුදු 10ක් 20ක් යන මේ වගේ පාලමක් කෙටි කාලයකින් ඉදිකළා කියන එක වහන්න වෙන්න පුළුවන්. අනික අපේ තාක්ෂණයෙන් සිංහලයින් මේ පාලම ඉදිකරලා තියෙන්නේ අවුරුදු 100කට එහාදී. හැමතැනම මේ පාලම ගැන කියන්නේ යටත් විජිත සමයේ ගෘහ නිර්මාණ විස්මිතයක් කියලා. ගෞරවය දෙන්නේ සුද්දන්ට... පුරාවිද්‍යාව නිශ්ශබ්දයි. පුදුමයකුත් නෙමෙයි. අපේ බුදුදහමත් ඉන්දියාවට දුන්නු කොට. ජාතික උරුමය ඇමතිවරයා ඉතිහාසය දන්නේ නැහැ. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ කෘෂිකර්ම උපාධිධාරියෙක්ව කෘෂිකර්ම ඇමති නොකර, ජාතික උරුමය බාර දීම... අවුරුදු 72ක් පුරා නැගිට ගන්න බැරිව ඉන්න ලංකාවට තියෙන ප්‍රශ්නේ දේශපාලකයින්ගේ නොදැනීම... ලංකාව වගේ ස්වභාවික සම්පත් පිරිණු රටකට පොතේ උපාධි, ආචාර්ය, මහාචාර්ය පට්ටම් තියෙන මන්ත්රීලාගෙන් වැඩක් නැති බව අවුරුදු 72ක් තිස්සේ පෙන්නලා තියෙනවා. පාර්ලිමේන්තු යන්න ඕනේ ලංකාවේ ඉතිහාසය, භූගෝලය, සිංහල, බුද්ධාගම, ගණිතය, ගෙදර අයවැය ගැනවත් සාමාන්‍ය දැනීමක් තියෙන මිනිස්සු. පාර්ලිමේන්තුවට තෝරාගන්න ඕනේ බුද්ධි පරීක්ෂණයකින්. ජනාධිපතිවරයා චක්‍රලේඛ ගැන දන්නෑ...
shanthaWednesday, 30 September 2020 07:45 AM
චම්පා, ඔයා අංගොඩින් දුන්නු බෙහෙත් බිව්වද? මොනවද ඔබ මේ ලියලා තියෙන්නේ..? කවුද? කොහේද කියලා තියෙන්නේ මේ පාලම හැදුවේ විදේශිකයින් කියලා..? ඔබගේ මොලේ අමාරුවට ඔබ විසින්ම හිතලා, ඔබම පිළිතුරු දෙනවා. ඔබ වැනි අයට හැදෙන මේ රෝගයට බෙහෙත් නැහැ. අපි කවුරුත් දන්නවා මේ පාලම හැදුවේ ලාංකිකයින් කියලා. ඔබ කොහෙන්දෝ හොයාගත්ත එකක් දාලා තියෙන්නේ.
ChampaWednesday, 30 September 2020 11:56 AM
ශාන්ත, පස්සේ මේක බලන අය ඔහොම අහන බව දන්නා නිසා, වෙලා තියෙන දේ මම උඩ තනි වාක්‍යයකින් ලියලා තියෙනවා...
banda Tuesday, 29 September 2020 02:00 PM
ඇයි.. දැන් වෙනකම් මේ පාලම කාටද අයිතිවෙලා තිබුණේ? මොලේ අවුල්වෙලාද?
ජොනි මේයර් Tuesday, 29 September 2020 02:01 PM
අර ඇතුගල්පුර නගරාධිපති දුම්රිය සාමාන්‍යාධිකාරී කරානම් ඔය පාලම බිමට සමතලා කරලා නවීන පාලමක් ඉදිකරාවි.
Prabha Tuesday, 29 September 2020 04:36 PM
පුවත දකිද්දීම තේරුණා ඊළඟට හැදුවේ සුද්දාද? අප්පුහාමිද? කියලා යුද්දෙ පටන් ගනීවි කියලා...
භද්‍රානි Tuesday, 29 September 2020 09:04 PM
ඇත්තමයි.., මේ චම්පා හොට දැම්මොත් මොකක් හරි බොරු ලෙඩක් ඇදගන්නවා. එයාමයි කියලා තියෙන්නේ විදේශිකයන් ගැන. මේ කොමෙන්ට්ස් දමන කවුරුවත්වත්, පත්තරෙන්වත් කිව්වේ නැහැනේ ඔය කියන පාලම හැදුවේ විදේශිකයින් කියලා.එයා දන්නා දෙයක් නැහැ. ඔය පත්තර කෑල්ලක තිබුණු දෙයක කාබන් කොපියක් ලියනවා...
ChampaWednesday, 30 September 2020 12:22 PM
නිකම් හැම එකටම බුරන්න එපා. මම ඒක ලියන කොට තිබ්බ වාක්‍යය අයින් කරලා බව මම උඩ තනි වාක්‍යයකින් ලියලා තියනවා. සුද්දට කත් අදින ඔබෙයි, පරගැතියන් සිංහලයගේ සැබෑ ඉතිහාසය වළලමින් සිංහලයාට කරන අසාධාරණයට එරෙහිව ලියන මගෙයි ලොකු වෙනසක් තියෙනවා. මම කිසි දෙකට එරෙහිව මගේ මතය ලියන්නේ නැහැ හේතුවක් නැතුව. මං ලියන කොට තිබ්බ හේතුව "අයින් කරපු" එක මගේ පාලනයෙන් බැහැරව නම්, මට කරන්න දෙයක් නැහැ. මේ සම්බන්ධ වෙන තැන්වල තවම ඒක තියෙනවා.
amila Wednesday, 30 September 2020 03:43 AM
සුද්දා හැදූ පාලම ජාතික උරුමයක් කරන්න යනවාලු.. සුද්දාට පින් දෙන්න ඕනේ මෙහෙම දෙයක් හැදුවාට. මෙහෙමත් රටකනේ අපි ඉපදුණේ..
sharm warn Wednesday, 30 September 2020 03:44 AM
අපොයි, මේ පාලමටත් කෙළින්න වගේ. මෙතනට හතර වටින්ම විදේශික සංචාරකයෝ එනවා මේ විශ්මිත නිර්මාණය නරඹලා පරිසරය රස විඳින්න. නමුත් මෙතනට යන්න හරිහමන් පාරක් නැහැ. ගෙවල් වතු මැද්දෙන් පල්ලම් දිගේ රූටලා ගිහින් තමයි යන්නේ. ඉස්සෙල්ලාම ඒක පිළිවෙළක් කරන්න.
මුණසිංහ Wednesday, 30 September 2020 03:47 AM
මෙතන ජාතික උරුමයක් කිරීමේ ගැටලුවක් නැහැ. නමුත් මේවා නිරන්තරයෙන් අලුත්වැඩියා කළයුතු වෙනවා. ජීවිත දහස් ගණනක් මේ මතින් දිවෙනවා. නිසි කලට අලුත්වැඩියා නොකළොත් ජීවිත දහස් ගණනක් අනතුරේ. මේ විදියට පවරා ගනිපු ඒවායේ අලුත්වැඩියා කටයුතු අන්තිමයි. ඒකයි මෙහෙම කියන්නේ. මම දන්න විදුහල්පති නිල නිවසක් තියෙනවා වසර 200ක් විතර පරණ (දකුනේ). ඒකේ අලුත්වැඩියාව පටන් ගත්තේ 2016 විතර.. දැනටත් ලක්ෂ 100කට වැඩිය වියදම් කරලා. අද වෙනතුරු කිසිම නිමාවක් නැහැ. මේ දරපු වියදමින් තවත් නිලනිවාස 2ක් හදන්න තිබුණා. වැඩ ඉවර කරන්න තවත් ලක්ෂ ගාණක් ඕනෑලු... ඔන්න ඔහොමයි වැඩ...
sirisoma Wednesday, 30 September 2020 06:20 AM
මේ පාලමට අවශ්‍යවන්නේ හොඳ නඩත්තුවක්.. ඕවා පම්පෝරි නොවේ.
Sanjeewa Wednesday, 30 September 2020 06:40 AM
මේ පාලම ඉදිකරන සමයේ පැහැදිලි මතකයක් සහිත කිසිවකු අද ජීවතුන් අතර නැත. මා මෙය ඉදිකලා යයි කියන පුද්ගලයින්ට අපහාස නොකරමි. එහෙත් යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලෝකයේ රටවල් ගණනාවක මෙයට පෙර මෙම ආකෘතියේම පාලම් කිහිපයක් ඉදිවී ඇත. එම පාලම් සඳහා මග පෙන්වූයේ ද අප්පුහාමි මහතා විය නොහැක. ඉන්දියානු ශිල්පීන් අතින් නිමවූ රම්බඩගල්ල සමාධි බුදුරුවද තව ශතවර්ෂ ගණනාවකදී සිංහල කළා නිර්මාණයක් ලෙස කිසිවකුට හෝ සිතිය හැකිය.
ChampaWednesday, 30 September 2020 10:55 AM
ඔබේ කතාවට හිනාගියත්, ඔබ වගේ හිතන පිරිස් තවත් ඉන්නවා. ඒ කාලේ ජීවත් වෙච්ච හෝ පැහැදිලි මතක තියෙන කවුරුවත් අද නැහැයි කියලා ඉතිහාසය වෙනස් වෙන්නේ නැහැ. ඒ කාලේ හිටි මිනිස්සු ඉතිහාසය ගැන සටහන් තියලා තියෙනවා. ඔබ හිතුවාට, මේ පාලම ගැන කියලා තියෙන්නේ අප්පුහාමි නෙමෙයි. ඉංග්‍රීසි ජාතිකයින්මයි. මේ වගේ පාලම් තව ඕනෑතරම් ඇති. හැබැයි, පළවෙනි ලෝක යුදසමයේ, යකඩ හෝ කොන්ක්‍රීට් නැතුව ඉදිකළ එක පාලමක් ගැන උදාහරණයක් දෙන්න ඔබට පුලුවන්ද? ඉංග්‍රීසි ජාතිකයාත් පුදුම කළ අපේ සිංහල අප්පුහාමිගේ වැඩ ඔබට අගය නැති එක, සමහර සිංහලයින්ට ජන්මයෙන් එන දෙයක්... පිටරැටියෙක් කිව්වොත් හරි ලොකුයි. සිංහලයෙක් කිව්වොත් අගය අඩුයි. ලෝකයේ පළමු වතාවට තනිකර ගඩොලින් විතරක් හදපු උසම ගොඩනැගිල්ල ජේතවනාරාමය. හැදුවේ සිංහලයෝ. රම්බඩගල්ල සමාධි පිළිමය හදන්න පටන් ගත්තේ 2002... විවෘත කලේ 2016. හදන්න හේතුව ඇෆ්ගනිස්ථානයේ බුදුපිළිම කඩාදැමීම නිසා පන්සලේ නායක හාමුදුරුවන්ට අඩි 50ක් උස විශාල බුදු පිළිමයක් හදන්න ඕනෑ වුණා. ආධාර ගත්තේ ඉන්දියාවෙන්. හදන්න ඉන්දියානුවෙක්ව ගන්න කියලත් කිව්වද? මම දන්නෑ. හාමුදුරුවෝ ඔහුට සමාධි බුදු පිළිමයක පින්තූරයක් පෙන්නලා හදාගෙන තියෙන්නේ
siri Wednesday, 30 September 2020 07:58 AM
ඔය පාලම බලන්න යන දහස් ගණනක දෙස්විදෙස් සංචාරකයින්ට පිරිසිදු වැසිකිළියක්වත් හදා දුන්නොත් තමයි වටින්නේ. අවශ්‍ය නම් අල්ලා දුම්රිය පළට ගිහින් බලන්න. එතන ස්ථානාධිපතිතුමා සහ සේවක පිරිස දුම්රිය ස්ථානය සහ මගී පහසුකම් කොච්චර අගේට පවත්වාගෙන යනවාද කියලා. හිත ඇත්නම් පත කුඩා නැහැ.
අප්පුරාළ Wednesday, 30 September 2020 07:58 AM
මෙවැනි ආරුක්කු සහිත පාලම් යුරෝපයේ බහුලව දකින්න පුළුවන් පාලම් විශේෂයක් වන අතර (උදා. ස්විට්සර්ලන්තයේ පිහිටි Landwasser_Viaduct පාලම) උඩරටට මාර්ගය එළීමේදී අලගල්ල කන්ද පාමුල තිබූ මෙවැනිම පාලමක් (Alagalla viaduct) පිළිබඳවද ඉතිහාසයේ සඳහන් වනවා. ඒ නිසා මෙය අප්පුහාමි බාස්ගේ නිර්මාණයක් නොවන බව නම් පැහැදිලියි. අනිත් කාරණය මෙය තනිකර ගල් පමණක් යොදාගෙන කළ නිර්මාණයක් බව පැවසෙතත් මෙම ප්රකාශනයේ හැටියට එයට කොන්ක්‍රීට් යොදා වැරගන්වා තිබෙනවා. එයින් හොඳින්ම පැහැදිලි වෙනවා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේ පිළිබඳව පළපුරුද්දක්, අත්දැකීමක් තිබුණු බවත් ලාංකික ගැමියෙකුගේ අදහසක් බව කීම අප විසින් අපවම රවටාගැනීමක් බවත්... අපට ආඩම්බර විය හැකි අපේම නිර්මාණ කොතෙකුත් තිබියදී ඇයි මේ සුද්දන්ගේ දේවල්ම පුරාජේරු කීමට යොදා ගන්නේ? අපට අපේම දැනුම් සම්භාරයක් තිබුණු නමුත් රජරට රාජධානි වල පිරිහීමත් විදේශීය ආක්රමණත් නිසා එම දැනුම අභාවයට ගිහින් තියෙනව. ඒ නිසා ඇත්තටම ආඩම්බර වෙන්න අපේ දේවල් තිබියදී ඇයි අපේ නොවන දෙයක් අපේ කරගන්න උත්සාහ ගන්නේ?
භද්‍රානි Wednesday, 30 September 2020 09:17 AM
අප්පුහාමි බාස් කියන්නේ චම්පාගේ සීයාගේ සීයා, චම්පාට ඕනකළා එයාගේ සීයාව ඉතිහාසයට එකතු කරන්න. ඒ දවස්වල රාබීලා හැමතැනම වැටි වැටි උන්නු අප්පුහාමි සියයට ගඩොලක් උස්ස ගන්නවත් පණක් තිබිලා නැහැ. මේවා පච. ඕවා ගණන් ගන්න එපා. මේ හඳ දවස් නිසා මොලේ කචල් වෙලා...
ChampaWednesday, 30 September 2020 12:46 PM
ඒ.කේ. අප්පුහාමි ආරුක්කු නවයේ පාලම හදන කාලේ මගේ සීයා තරුණයෙක්. තාත්තා නම් ඉපදිලා නැහැ. මම ලියන හුඟක් දේවල් පත පොතෙන් ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තේ ගෙදරදී තාත්තාගෙන්... ඒ හින්දා ඔබට වඩා බොහෝ දේවල් මම අහලා තියෙනවා. පහු කාලෙක මම ඒ හැමදෙයක්ම සනාථ කරන දේවල් පොත්පත්වලින් හොයා ගත්තා. මගේ සීයාගේ නමේ අගටත් අප්පුහාමි කියලා තියෙනවා. හැබැයි ඔබේ සීයා වගේ කවදාවත් රා අරක්කු කට ගෑවේ නැහැ. සීයා විතරක් නෙමෙයි සීයාගේ පුත්තුත්, මුණුබුරෝත් රා අරක්කු කට ගෑවේ නැහැ...
බද්රානි Wednesday, 30 September 2020 08:56 AM
සමහරක් සිංහල දේශප්‍රේමීන්ට පිළිගැනීමට නොහැකි වූවාට, සුද්දෝ අපේ රටට, ජාතියට උරුම කළ දේවල් නම් බොහෝයි. බාස් උන්නැහේ ඇතුළු කම්කරුවන් සිංහලයින් වුවත්, සැලැස්ම හා ඉංජිනේරු තාක්ෂණය සුද්දා ලබාදුන් බව පිළිගැනීමට ඕනෑතරම් සාධක යුරෝපයේ සංචාරය කළ කෙනෙකුට අැස්දෙකෙන්ම දැක සත්‍යය වටහාගත හැකියි. මෝඩයින් හැමදාම කලේ තමන් විසින් තමන්ව රවටාගෙන මනස සකස් කර ගැනීම තමයි. අන්න ඒ උද්දච්ඡ කුහකයින් නිසා තමයි රටට මේ තත්වය උදාවී තිබෙන්නේ... ඇත්ත කතාව නම් ඉතින් සුද්දෝ නැත්නම්, තවමත් වැද්දෝ වගේ තමයි ජීවත් වෙන්නේ...
ChampaWednesday, 30 September 2020 12:12 PM
ආරුක්කු නවයේ පාලම හැදුව විතරක් නෙමෙයි සැලැස්ම සහ ඉංජිනේරු තාක්ෂණයත් සිංහලයාගේ කියලා ලියලා තියෙන්නෙත් සුද්දාමයි. අප්පුහාමි හෝ විමලසුරේන්ද්‍ර නෙමෙයි. සුද්දත් පිළිගත්තා අපේ සිංහලයින්ගේ දක්ෂකම් පිළිගන්න අකමැති විජය හොරාගෙන් පැවත එන සිංහලයෝ විතරයි. යුරෝපයේ කොහෙද තියෙන්නේ යටත් විජිත සමයේ යකඩ හෝ කොන්ක්‍රීට් නැතුව හදපු එක පාලමක්? ඔබ යම් මතයකට විරුද්ධ නම් ඔබේ මතය ඔප්පු කරන්න උදාහරණ දෙන්න. මාදුරු ඔය වේල්ල හදන්න ආපු සුදු ජාතික ඉංජිනේරුවෝ ගණන් හදලා කිව්වලු මාදුරුඔයේ මෙන්න මෙතන සොරොව්ව හදන්න ඕනේ කියලා... පස්සේ හාරලා බලපුවාම, අවුරුදු දහස් ගාණකට ඉස්සෙල්ලා අපේ සිංහලයින් හරියටම එතන සොරොව්ව හදලා තිබුණාලු, මැටි පාවිච්චි කරලා... සුද්දො පුදුම වුණාලු, ඒ තරම් ඉහළ ඉංජිනේරු ඥාණයක් පුරාණ සිංහලයින්ට තිබ්බද කියලා... අතීත සිංහලයින් ඒවා හැදුවේ අලි ඇතුන් සහ මිනිස් ශ්‍රමය පමණක් පාවිච්චි කරලා. බුලතා වැව හෙවත් සොරබොර වැව හැදුවේ එක සිංහලයෙක්, තනිවම. ගල්පඩිහෙළ කන්දේ ගල් පඩිපෙළ හැදුවේ ඔහුගේ බිරිඳ තනිවම. සුද්දා වැද්දා කාලේ වෙනත් ග්‍රහලෝක වලටත් ගිය හැකි ගුවන් යානා හදපු ජාතියක් අපි. අපි කිව්වේ යක්ඛ අපි. පරගැතියන්ට අදින්නේ විජය හොරාගේ කට්ටිය...
බද්රානි Wednesday, 30 September 2020 03:50 PM
ඔයා නම් යක්ෂණියක් බව හොඳටම පෙනෙනවා. ඔයාගේ ඔය මරුමෝස් ගතිය නිසා තමයි ඔයාට ගෙදරටම නාකි වෙන්න වෙලා තියෙන්නේ. දැන් ඉතින් පරක්කුයි කවුරු බලන්නද අපේ සීයත් නැතිවුනානේ.එයා ජීවතුන් අතර හිටියා නම් ඔයාට මංගල යෝජනාවක් ගෙනෙන්න තිබුණා. අනේ ඉතින් එහෙම වුණා නම් චම්පා මගේ ආච්චි වෙනවා.
බද්රානිWednesday, 30 September 2020 04:14 PM
අනේ චම්පා නොදන්නා ඉංග්‍රීසි කියවලා හොට පටලවා ගන්න එපා. විකිපීඩියාවල පැහැදිලිව තිබෙනවා මේ බෝක්කු පාරේ නිර්මාණකරු වූයේ, හැරල්ඩ් කත්බර්ට් මාර්වුඩ් බව... ලංකා රජයේ ඉදිකිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කල ඉංජිනේරුවරයෙකු ලෙස තමයි එතුමා මේ නිර්මාණයට දායක වූයේ. ව්‍යාපෘති අධ්‍යක්ෂක තමයි. ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා. මෙතුමාත් ඉංජිනේරුවරයෙක්.. ඔහු තමයි මෙය නිමාකළේ. මෙය ඉදිකළ තැනැත්තා තමයි (BUILDER) පී.කේ. අප්පුහාමි මහතා... එතුමා බ්‍රිතාන්‍ය ඉංජිනේරු මහතුන්ගේ උපදෙස් මත මේ ඉදිකිරීම සිදුකළ බව ඉතාම පැහැදිලිව සඳහන් වී තිබෙනවා. අනුන්ගේ සහයෝගයෙන් නිමකළ බොහෝ දේවල් තමන්ගේ නමටම පමණක් ලියා ගැනීමට උත්සාහ කරන ඔබ වැන්නන් මේ රට තුළ බොහෝමයක් ඇති නිසා, ඔබත් එවැන්නකින් එක් අයෙකු ලෙස සිතා ඔබට උපේක්ෂාවෙන් අනුකම්පා කරනවා විනා වෙන ඉතින් මොනවා කරන්නද?
ChampaFriday, 02 October 2020 09:02 PM
විජය ගෙන් පැවතෙන කලවම් සිංහලයන් තර්කයක් ගොඩ නගා ගන්න බැරිවුනහම කරන්න දන්නේ අනෙකාට ගරහන එක විතරයි. සමහර සිංහලයන් තොරතුරු ගන්න ලොකුම තැන විකිපීඩියා. හැබැයි ඒකෙ තියෙන යොමුව කියවන්නේ නැහැ. මම නම් මේක ලියන කොට විකිපීඩියා බැලුවේ නැහැ. ඒ හින්ද අලුතින් හදල තියෙන ඔය කතාව මම දන්නේ නැහැ, පැහැදිලිවම ඒ කාලේ හිටපු සුද්දෝ තමන්ගේ පොත් වල ලියල තියෙන්නේ යකඩ නොතිබ්බ නිසා අත ඇරලා දාපු පාලම යකඩ නැතුව හදන්න බාර ගත්තේ ඒ කේ අප්පුහාමි බව. සැලසුම කලේ විමලසුරේන්ද්‍ර. විමලසුරේන්ද්‍ර ගැන විකිපීඩියා එකෙන් දැන ගත්ත ඔබේ සාමාන්‍ය දැනීම ගැන කණගාටුයි. මේ සීය අවුරුදු 16 - 17ක තරුණයෙක් ඕක ඉවරවෙන කාලේ. ඔහු ලියපු සටහන් තිබුන පොත් මගේ ළඟ තියෙනව
shanthaWednesday, 30 September 2020 12:13 PM
බද්රානි, ඔයා ඔය නොකියා කියන්නේ චම්පා මෝඩියෙක් කියලා නේද...? චම්පාට අංගොඩින් ගෙනාපු බෙහෙත් බොන්න බැරිවෙලා. සිමෙන්ති කාලා මැරුණු සීයාව මතක්වෙලා.
JAN Wednesday, 30 September 2020 10:31 AM
අප්පුහාමිද, සුද්දාද මේ පාලම හැදුවේ කියලා දැනගන්න විකිපීඩියා එකට ගිහින් බලන්න.. ඒකේ තියෙනවා ඔක්කොම විස්තර. මෙතන රණ්ඩු වෙන අයට කියන්න තියෙන්නේ... එදා සුද්දා කියපු කතාවක්... "සිංහලයා මෝඩයා, කැවුම් කන්න සූරයා " කියලා තමයි.
sampath Wednesday, 30 September 2020 11:40 AM
අප්පුහාමි හැදුවට කමක් නැහැ. දැන් ඕක උඩින් අලුත් පැල්ලමක් හදලා පාලමට දැනෙන්න බර අඩු කරන්න. නැතිනම් ඔය පාලම උඩින් යන අප්පුහාමිලා 300, 400ක් පල්ලෙහාට වැටිලා තියේවි. ඒ කාලේ තිබුණු කෝච්චි නෙමෙයි දැන් තියෙන්නේ. ඔය ලෝඩ් එක දරන්න අමාරුයි. ඒ නිසා අලුත් පාලමක් ඉක්මණින් හදන්න හිතුවොත් හොඳයි. අනෙක ඔය පාලම උඩින් යද්දී වගේ සීමාවක් පනවන්න.