(ඉන්දිකා රාමනායක)
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබා දෙමින් දිවයින පුරා පිහිටි සියලුම ආරක්ෂයක සේනා මූලස්ථාන මගින් ටොන් 25,000කට වැඩි ප්‍රමාණයක් කාබනික පොහොර නිෂ්පාදනය කර ඇති බව හමුදාව පවසයි.
නැගෙනහිර භටපිරිස් මහ කන්නයේ කෘෂීකාර්මික අවශ්‍යතාවයන් සඳහා නිපදවා තිබු කාබනික පොහොර කිලෝග්රෑම් 91,000 ක ප්‍රමාණයක් ආරක්ෂයක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්රණ සිල්වාගේ ප්‍රධානත්වයෙන් 22 සේනාංක මූලස්ථානයේ දී පසුගියදා සීමාසහිත ලංකා පොහොර සමාගම "ලක් පොහොර" වෙත භාරදෙන ලදී.
මීට පෙර ඔවුන් ලබාදුන් කාබනික පොහොරවලට අමතරව මෙම මෙම පොහොර තොගය නිෂ්පාදනය කරන කර තිබු බව හමුදාව සඳහන් කරයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්රො සිල්වාගේ උපදෙස් පරිදි සියලුම ආරක්ෂරක සේනා මූලස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබාදෙන අතර 2021 ඔක්තෝම්බර් මස 26 දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ ග්රෑම් 86,961 ක ප්‍රමාණයක් සීමාසහිත ලංකා පොහොර සමාගම "ලක් පොහොර" වෙත භාරදෙන ලදී.
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරක්ෂක සේනා මූලස්ථාන මගින් කාබනික පොහොර නිෂ්පාදනය කරයි
Lalith M Monday, 29 November 2021 05:20 PM
කාබනික පොහොරද, කොම්පෝස්ට්ද? කොම්පෝස්ට් කියන්නේ පූර්ණ කාබනික පොහොරක් නොවේ. ශාක පෝෂණ හිඟයි. කුණුවලින් හදන කාබනික පොහොරවලට මූලික ශාක පෝෂණ ද්‍රව්‍ය එකතු කළ යුතුයි....
පිටිගල මිලානෝ Monday, 29 November 2021 08:42 PM
කාබනික පොහොර හදන්නේ සත්ත්ව මලපහ, සත්ත්ව ඇටකටු කුඩු, වියළි මාලු කුඩු, ස්වභාවික පොස්පේට් වැනි ඛනිජ නිධි කුඩුකර, සත්ත්ව කොටස් සහ ලේ සහ ශාඛ සහ ලී කුඩු, සිප්පි කටු වැනිදේ මිශ්‍රකර කුඩුකිරීමෙනි... කොම්පෝස්ට් යනු ගෙවත්තේ ශාඛමය කොටස්, මුලුතැන්ගේ අපද්‍රව්‍ය ආදී ගෙදර සීමාවෙන් සොයාගන්නා දේවල් පිළිවෙලට අසුරා තෙත් ගතිය මත දිරායන්නට සලස්වා සකසා ගන්නා පොහොර වර්ගයකි. හමුදාව නිෂ්පාදනය කරන්නේ මේ දෙකෙන් කෝකද? චීනාව විශ්වාස කරන්න බැරි ඉහත කාබනික පොහොර සෑදීමේදී ගොවිපොළවල් ආශ්‍රිත සත්ව මළපහ වෙනුවට මිනිස් මළපහ වේලා කුඩුකර ගන්නේදැයි යන සැකය නිසයි...