(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.
ඔහු එම ප්‍රදේශයට ගොස් එහි ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමසා බැලුවේය.
ඒ ප්‍රදේශයේ ආරක්ෂක අංශ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වෙමිනි.
ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීහු දැනට එහි ක්‍රියාත්මක ආරක්ෂක සැලැස්ම පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළහ.
ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් පවත්වා ගැනීමට මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල සංචාරක ආකර්ෂණීය ස්ථාන වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
තවද සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි හා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
අරුගම්බේ ප්‍රදේශයට එලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු ලැබිණ. ඒ පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගැනිණ.
එම තොරතුර සමග ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දුන් අතර පසුව එම නිවේදන ඉවත් කරගන්නා ලදි
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්
විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝල
රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පා
එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි
Roshan Monday, 11 November 2024 11:01 AM
ෆොටෝ එක දැක්කාම ආරක්ෂාව තවම නෑ වගේ දැනෙන්නේ...!