(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික ගැටලුව නැමැති ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩලය නැමැති ගොනා ඇන්න බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
එම ඇනීම කළේ විදුලි මිල වැඩි කිරීමෙන් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ
ආගමික ස්ථාන වල විදුලි බිල ද සියයට 55 කින් වැඩි කර ඇතැයි චෝදනා කළ සෝභිත හිමියෝ මෙය දරාගත නොහැකි වැඩිවීමක් බවද පෙන්වා දුන්හ
අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ විදුලිය බිලද සියයට 300 කින් පමණ වැඩි කර ඇතැයිද විදුලි බිල වැඩි කළ ආකාරය අසාධාරණය යැයිද එහිමියෝ පැවසූහ.
විදුලි බිල වැඩි කිරීම සංශෝධනය කළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථික ගැටලුව ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩල ගොනා ඇන්න
Lal Sunday, 14 August 2022 04:50 PM
Can you look after religious things only ...? they will look after the politics and economy.
ravin Sunday, 14 August 2022 04:50 PM
2019ට පෙර කීවූ බණ ආසා දැන් වැඩි කොටසක් මාර්ගඵල ලබලා පෙට්රෝල් පෝලිමේ හිටිය විසි ගණනක් රහත් වෙලත් ඉවරයි. ඒ මදිද? දැන් ඉතින් ඔබවහන්සේලාගේ කාලය නේද? අපේ හාමුදුරුවනේ
Kule Sunday, 14 August 2022 05:01 PM
අපි දැනට බරපතළ ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින අවස්ථාවක රජයටත් රටවාසීන්ටත් පන්සලවත් අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්න කියලා කාරුණිකව මෛත්‍රියෙන් භික්ෂූනමක් විදිහයට වටිනවා නේද
පුරවැසියා... Sunday, 14 August 2022 05:33 PM
රටේ ජනතාව තවත් පීඩනයට ලක් කරමින් විදුලි බිල වැඩි කිරීම ඉතා අසාධාරණය. විදුලිබල මණ්ඩල සේවක උපයන විට බදු ගෙවීමත් රටේ ජනතාව මත පැටවීම මෙන්ම නාස්තිය සහ දූෂණය නිසාවෙන් විදුලි මණ්ඩලය පාඩු ලබා එය ජනතාව මත පැටවීමට එරෙහිව අධිකරණය හමුවට යා යුතු නොවේද ? අර අරගලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතුන්ට මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු දේශපාලන පක්ෂවල අයට විදුලි බිල මෙලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් හඬක් නගන්න බැරි ඇයි?
Current-LowSunday, 14 August 2022 06:54 PM
සහෝදර පුරවැසියා..... අධිකරණයේදී අරගලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතුන්ට විදුලි බිල මෙලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් ඇයි හඬක් නගන්න බැරි... නඩුව අහන විට කුප්පි ලාම්පුව දාගෙන නඩුකාරයාට තීන්දුව අඳුරේ සිට දීමට අකැමැති නිසා වෙන්නට පුලුවනි! අනික අරගලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතුන්ට සාක්කු පිරෙන්න පෝරාවල් සල්ලි දුන්නනේ..! මේවට කවුද එහෙම ගෙවන්නේ...??
යෝගා Sunday, 14 August 2022 05:49 PM
ආගමික ස්ථාන වල විදුලි බිල දායකයින්ට ගෙවන්න කියන්න. ඕවායේ වියදම් සමස්ත ජනතාව ගෙවන්නේ මොකටද
"අරගලයෙන් වැටුණු ගොනාට වදී කරන්ට්" Sunday, 14 August 2022 06:07 PM
හාමුදුරුවනේ.... දැන්වත් ගහෙන් වැටුණ ගොනෙක් වගේ නොහැසිරෙන්න..!! ලිඳේ ඉන්න මැඬියාට පේන්නේ නිල් අහසේ වලාකුලු විතරයිලු.... ලොව බොහෝ රටවල උද්ධමනයට සාපේක්ෂිතව විදුලි බිල වැඩි උන බව හාමුදුරුවෝ දන්නේ නැද්ද?? යුරෝපා ශීත රටවල පවා විදුලි බිල සියයට 75 කින් වැඩි කර ඇත. පරිහරනය කරන තරමටමය බිල එවන්නේ..! සමහර පන්සල්වල විදුලි පංකා පැය 24 ම වැඩ..! හරියට ඒවා ඉවක් බවක් නැතිව දුවනවා වගේ... ...
ruwan Sunday, 14 August 2022 07:13 PM
ඇයි මේ මැට්ටන්ගෙ කතා පත්තර වල දාන්න එපා .අපේ ලේ කෝප වෙනව මේව දැක්කම
dm Sunday, 14 August 2022 08:53 PM
රුපියල් 30 -60 අතරේ ගන්න යුනිට් එකක් මිනිස්සුන්ට රුපියල් 10/= පන්සල් කෝවිල් පල්ලි වලට රුපියල් 2/= යි. ඉතින් පාඩු නැද්ද. අන්තිමට අපේ බදු සල්ලි අරගෙන පාඩු පියවල බෝනසුත් දෙනවා. ඕක පෙන්නේ නැතිද.
Saman Sunday, 14 August 2022 09:43 PM
මේ යකාට ඕන ගාණක් ගෙවන්න පුළුවන්... හැම ආණ්ඩුවෙන්ම කෑවා. ගිය ආණ්ඩුව ඉල්ලපු බෙන්ස් එක දුන්නේ නැති නිසා විරුද්ධ වුණා...
සමිත සේනක අලුත්ගමගේ., Monday, 15 August 2022 12:01 AM
" ගගෙන් වැටුණු මහ ජනයාට ඇන්න ගොනා.. විදුලි මණ්ඩලේ බව දැන් හඳුන ගෙනා ... කබලෙන් ලිපට වැටිලා දුක් විඳින දනා ... කෙලෙසක දිවි ගෙවන්නේ දැයි කියනු මැනා ...
නියම මිල Monday, 15 August 2022 02:15 AM
දෙයියන්ගේ නාමෙට මේ රටේ ආයතන සපයන සේවාවන්ට වියදම් වන මුදල සහ ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල පාරිභෝගිකයින්ගෙන් අයකරන්න දැන්වත්. එහෙම නොකරන එක තමයි මේ රට හැදෙන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුව. වියදම දන්න මිනිස්සු අරපිරිමසාගෙන වැඩ කරයි. පිනට දුන්නොත් හිතුමතේ පාවිච්චි කරයි. දේශපාලුවන්ගේ නිවාස වලට නොමිලේ විදුලිය දීම සහ නිළධාරින්ගේ බෝනස් ගසාකැමත් කෙසේ හෝ නවත්වා ගත්තොත් විදුලි බිල නැවත වැඩිකරන්න උවමනා නොවෙන්නත් පුලුවන්.
Lalith M Monday, 15 August 2022 12:33 PM
පන්සල්වල, පල්ලිවල වැඩට විදුලිය පාවිච්චිය හරියට ලංවිම අයිතිය ඒ අයට වගේ. ඒ ආයතන සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගික ගණයට දමා අයකරන්න...