IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ආර්ථික පිම්මකට මාවතක් - පී. බී.

(සටහන - රන්ජිත් ආනන්ද ජයසිංහ)

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා මෙරට සමාජ ජීවිතය අකර්මන්‍යය වී ඇති බව අපි කවුරුත් පිළිගනිමු. ඒ සමඟ ජාතික ආර්ථිකය ද අඩාල වී ඇත. කෘෂිකර්මය සඳහා ගොවි ජනතාවට ඉඩ කඩ ලබාදී ඇතත්, කර්මාන්ත අංශය ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී තිබේ. අපේ රටේ ඇඟලුම් කර්මාන්තය ප්‍රධානම ආදායම් මාර්ගයකි. දශක ගණනාවක් පුරා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් මෙන්ම කුඩා නිෂ්පාදකයන්ද මෙයින් ඵල ලබාගත් බව ප්‍රකටය. එහෙත් ඇඟලුම් කර්මාන්තයට චීනයෙන් ගෙනෙන අමුද්‍රව්‍ය කොරෝනාව හේතුකොටගෙන ගෙන ඒම දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බැවින් උද්ගතව ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

මෙයට අමතරව ඇඟලුම් කර්මාන්තය තවත් ප්‍රශ්නයකට මුහුණ දෙයි. අප්‍රේල් සහ මැයි මාස සඳහා යුරෝපා රටවලටත්, ඇමරිකාවටත් අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කළ ඩොලර් මිලියන 500කට අධික ඇඟලුම් තොග අපනයනය කරගත නොහැකිව ගොඩගැසී තිබේ.

අනෙක් පැත්තෙන් කලින් චීනයෙන් ආනයනය කර තිබූ රෙදි හා අමුද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ඉතිරිව ඇති බැවින් ඒවා උපයෝගි කරගෙන යම් මට්ටමකට (ටික දවසක්) මෙම කර්මාන්තය පවත්වාගෙන යා හැකිය. එහෙත් එය තාවකාලික විසඳුමකි. දැනට අපනයනය කර තිබෙන ඇඟලුම් තොග වෙනුවෙන් මෙරටට ලැබිය යුතු මුදල් ගෙන්වා ගත නොහැකිව ඇත. එයට හේතු වී ඇත්තේ සමහර සුපිරි සමාගම් පවා අර්බුදයේ පැටලී ඇති හෙයිනි.

මාර්ටින් ට්‍රස්ට් වැනි ලෝකප්‍රකට දැවැන්ත සමාගම් පවා මෙම අර්බුදයේ ගිලී ඇත. වෙළෙඳපොළ මෙන්ම සැපයුම් අංශ නතර වීම හේතුවෙන් මෙරටට ආදායම් සැපයෙන ප්‍රධානම අපනයන අංශය වන ඇඟලුම් ක්ෂේත්‍රය විශාල ප්‍රශ්නයකට මුහුණ දී ඇත. එයින් නිදහස්වීම කවදා සිදුවේ දැයි අපට කිව නොහැක්කේ ඇමෙරිකාව, එංගලන්තය වැනි අපෙන් භාණ්ඩ මිලට ගන්නා රටවල් කොරෝනා තත්ත්වය හේතු කොටගෙන බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින නිසා ය.

මා මෙහිදී සඳහන් කළේ මේ එක් සරල උදාහරණයක් පමණි. පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ආර්ථිකයම දැන් තිබෙන්නේ විශාල අර්බුදයක ය. ලෝකයේ ලොකුම ආර්ථිකය ඇත්තේ ඇමෙරිකාවේ ය. එහි ආර්ථිකය දැන් මාසයක් ඇණහිට තිබේ. ඒ ඇණහිටීමේ කම්පනය ඇමෙරිකාවේ ප්‍රාන්තවලට පමණක් නොව, ඔවුන් සමඟ ගනුදෙනු කරන අප වැනි රටවල් රාශියක ආර්ථිකයන් කම්පනයට ලක්කර ඇත. එරට ප්‍රධාන වාණිජ්‍ය නගරය ලෙස සැලකෙන නිව් යෝර්ක් ආර්ථිකය පාලනයෙන් තොර මට්ටමකට පත්ව ඇතැයි වාර්තා වෙයි.

පවතින මහා ව්‍යසනයෙන් ගොඩ එන්නට ලොව බොහෝ රටවල් විවිධ උපක්‍රම සොයද්දී මහ බලවත් ඇමෙරිකාව එරට ආර්ථිකය පණගන්වන්නට ඩොලර් ට්‍රිලියන 2ක මුදලක් අලුතෙන් අච්චු ගස්වා වෙළෙඳපොළට නිකුත් කළේය. එතරම් මුදලක් නිකුත් කළ ද එරට ප්‍රාන්ත රාජ්‍ය කියන්නේ තමන්ට ප්‍රමාණවත් මුදල් නොමැති බවකි.

පසුගිය වසර 10ක කාලයක් තිස්සේ එරට නිපදවූ රැකීරක්ෂා සියල්ලම ඇණ සිටි හෙයිනි. අප ද මෙයින් පාඩම් උගත යුතුය. අප රටේ ද බොහෝ ක්ෂේත්‍රවල රැකියා අහිමි වීමේ අවදානමක් පවතී. අප රටේ කොටස් වෙළෙඳපොළ වැනි ඉහළ ආර්ථික මර්මස්ථාන ද අඩාල වී ඇති අතර, ඇමෙරිකාව බඳු බලවත් රටවල තත්ත්වය ද එසේමය.

අපේ සංචාරක ක්ෂේත්‍රය අඩාල ය. එයින් ගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක් ශ්‍රී ලංකාව උපයා ගෙන තිබිණි. පාස්කු ප්‍රහාරය නිසා පසුගිය වසරේ සංචාරක අංශය යම් පසුබෑමක තිබුණත් පසුව එය යථා තත්ත්වයට පත් විය. මේ සංචාරක ආදායම් ගැන කතා කරන අතර තවත් විශේෂ යමක් ද සඳහන් කරනු වටී. වසරේ සංචාරක ආදායම ඩොලර් බිලියන 4.2ක් වන විට මෙරටින් පිට රටවලට සංචාරය සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් ගිය වසරේ ඩොලර් බිලියන 1.7ක් වැය කර ඇති බවයි. අප රටේ කෙතරම් තොගයක් සංචාර ගොස් සිටින්නේද යන්නට මෙම ගණන් හිලව් සාක්ෂි දරයි. කෙසේ හෝ දැනට ලෝකය පුරාම සංචාරක ක්ෂේත්‍රය අඩාලය. ලොව පුරා (අප රටද ඇතුළුව) ගුවන් තොටුපොළවල ගුවන් යානා 5000ක් පමණ නිකරුණේ ගාල් කර තිබේ. මෙරට නැතත් ලොව අනෙක් රටවල ගුවන් යානා ක්ෂේත්‍රය රැකියා විශාල ප්‍රමාණයක් කප්පාදු කර ඇත.

කොරෝනාව නිසා වාණිජ අංශය සංචාරක කටයුතු කර්මාන්ත නිෂ්පාදන ආදිය සියලු ක්ෂේත්‍ර අඩාලවීම අර්බුදයකටත් වඩා මහා ආර්ථික ව්‍යසනයක් ලෙස හැඳින්වීම යුක්තිසහගතය.

ඇමෙරිකාව ළඟට ලොව ප්‍රබලම ආර්ථික යෝධයා වන චීනය මාස තුනක් වසා දමා තිබිණි. මෙය ආසියාවේ පමණක් නොව ලෝකයේම පවතිනා අර්බුදයට තවත් හේතුවකි. 21 වැනි සියවස ආසියාවේ සියවස යැයි මෙයට පෙර ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කළ බව අපට මතකය. ජපානය වැනි තවත් ධනවත් රටවල් ද මෙම තත්ත්වයම අත්විඳිමින් සිටී. අපේ යෝධ අසල්වැසියා වන ඉන්දියාව ද විශාල අර්බුදයකය. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ද අදාළය. ඒ නිසා මුළු ලෝකයම ආර්ථිකයේ හැඩතල ගෝලීයකරණ තත්ත්වයෙන් වෙනස් වී දේශීයකරණයකට ලක්වෙමින් තිබේ.

අපේ දේ අපි නිෂ්පාදනය කර ගනිමු යන්න දැන් කාගේ කාගේත් තේමාව බවට පත් වෙමින් පවතී. අප රට ද ගොවි ජනතාවට හැකිතාක් වගා කරන ලෙස ඊට දිරි දෙන්නේ මේ නිසාය. මා කවදත් ප්‍රකාශ කරන ආකාරයට අප රටට නිසි කලට වැසි ලැබුණොත් එයම රටේ දළ දේශීය නිෂ්පාදිතයේ 2%ක පමණ වර්ධනයට හේතු වෙයි. මෙම දේශීය කරණයේ සැබෑ අරමුණ කොරෝනා ලෝක ව්‍යාප්ත ව්‍යසනයන් නිසා අප රට තුළින් මුලින්ම විසඳුමක් සොයා ගත යුතුය යන්නයි. වෙනදා අපට උදව් කරන්නට සිටි ලෝක බලවතුන්ද අපටත් වඩා අන්ත තත්ත්වයකට පත්ව ඇත. ඒ නිසා හැකිතාක් රටට අවශ්‍ය දේ අපේ භූමිය තුළින්ම උපයා සපයා ගන්නට සූදානම් වීම සමාජයේ වගකීමකි.

මෙම කොරෝනා අර්බුදය හමුවේ යම් මට්ටමකත් ආර්ථිකමය සාර්ථකත්වයක් ලබාගත් රටවල් දෙක තුනක් වෙයි. එහෙත් ඒ රටවල්ද පවතින්නේ වසා දැමූ රටවල් ලෙසය. හොං කොං, සිංගප්පූරුව, ද. කොරියාව පවත්නා අර්බුදයේදී පවා යම් ස්ථාවරත්වයක් ආරක්ෂා කරගෙන ඇත. සෙසු ආසියාතික රටවල් ගත් කල ශ්‍රී ලංකාව අනෙක් රටවලට සාපේක්ෂව ආර්ථිකමය පැත්තෙන් පමණක් නොව සමාජ තත්ත්වය අතින් ගත්තද තවමත් සෑහෙන තරම් ස්ථාවර මට්ටමක සිටී.

ජනතාවට ආහාරපාන බෙහෙත් හේත් ආදිය පවා සපයන ක්‍රමයක් ක්‍රියාත්මකය. රජය හැකි පමණ ජනතාවට සහනාධාර ද සපයා තිබේ. අපට තිබෙන විශේෂ වාසිය ශ්‍රී ලංකාවේ තිබෙන විවිධාංගීකරණය වූ සම්පත් තොගයයි. උත්සාහ කළහොත් රටට ප්‍රමාණවත් වී, එළවළු හා සෙසු ආහාර ද්‍රව්‍ය රට තුළ නිපදවා ගන්නට පිළිවන.

ධනවත් සිංගප්පූරුව ගන්න, ධනවත් මැදපෙරදිග රටවල් ගන්න. ඒ රටවල මෙබඳු ආහාර වගාවන් තබා ජලයවත් නැත. සියල්ල පිට රටින් එනතුරු බලා සිටිය යුතුය. ඒ අතින් ගත් කල ස්වභාධර්මය අප රට නිර්මාණය කර තිබෙන්නේ වාසනාවන්ත පසුබිමකය.

අද කොරෝනාව ව්‍යසනයක් ලෙස අපි දකිමු. එහෙත් කොරෝනාවෙන් පසු ලෝක ආර්ථික න්‍යාය පත්‍රය නැවතත් අලුතෙන් සකස් කරන්නට සිදුවෙයි. එහිදී ස්වාභාවික සම්පත් බහුල අප රට වැනි රටවලට ආහාර නිෂ්පාදනය අතින් හොඳ තැනකට ගන්නට පිළිවන. ආහාර අතිරික්තයක් ඇති කරගන්නට ශ්‍රී ලංකාවට පිළිවන් බව මගේ විශ්වාසයයි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කරගන්නට නම් රට තුළ තාක්ෂණයේ ව්‍යාප්තිය, විදුලිය වැනි මූලික යටිතල පහසුකම් සම්පාදනය අත්‍යවශ්‍ය ය.

කොරෝනා අර්බුදයෙන් පසු ලෝකයේ බලවත් රටවලින් මුලින්ම එන්නේ ආහාර ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුමයි. දැනටමත් තේ සඳහා එබඳු ඉල්ලුමක් හටගනිමින් තිබේ. මේ ද්‍රව්‍ය අපෙන් ඉල්ලන්නේ දුප්පත් රටවල් නොවේ. මහා බලවත් පොහොසත් රටවල්ය. අපේ එළවළු, පලතුරු, මාළු වැනි දේ සඳහා සරු ඉල්ලුමක් අනාගතයේදී ඇති වන බව මගේ කල්පනාවයි.

පසුගිය කාලයේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය අඩාල වී ගියේ ය. බොහෝ දේ රටින් ගෙන්වා භාවිත කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබිණි. මේ නිසා අප රටේ බොහෝ නිෂ්පාදන කර්මාන්ත පවා අඩාල වී ගියේය. සීනි, පාම් ඔයිල්, කිරි පිටි, තෙල්, උඳු, කහ, සියඹලා පමණක් නොවේ, කුරක්කන්ද රටින් ගෙන් වූ බව අපි දනිමු. අප රට වසරකට පිටරටින් කුරක්කන් ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂයක් වියදම් කළා යැයි කී විට ඇති වන හැඟීම කවර ආකාරද?

කවරදාකවත් සිදු නොවූ මෙබඳු ආනයන නිසා අපේ විදේශ විනිමය පිටරටට ගලා ගියේ ය. එම ප්‍රවාහය නතර කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට දැඩි උත්සාහයක් දරන්නට සිදුවිය. එකළ ගම්මිරිස් ගොවියාගේ නිෂ්පාදන තුට්ටු දෙකට වැටුණේ මේ රටට පිට රටින් ගම්මිරිස් පවා ආනයනය කොට ප්‍රති අපනයනය කළ බැවිනි. හඳුන්කූරු, සරුංගල්ද පවා පිටරටින් ගෙන් වූ යුගය දැන් හමාරය.

කොරෝනාව නිසා ලෝක ආර්ථිකය නොව අප ලද වාසියක්ද වෙයි. ඉන්ධන මිල පහළ යාම විශාල සහනයකි. කලක් ඩොලර් 60-70ට ගත් ඉන්ධන බැරලය දැන් ඩොලර් 20-25ට පහත බැස තිබේ. රටේ ඉන්ධන භාවිතය ද සීමා වී ඇත. පසුගිය වසරේ ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 4000ක් පමණ වැය විය. මේ වසරේ ඉන්ධන ආනයනය සඳහා යන්නේ ඩොලර් මිලියන 1500 – 2000 අතර වියදමකි. ඉන්ධන වියදම හරි අඩකින් අඩුවීම මේ විපත නිසා මුදල් සිරවී තිබෙන අප රටට විශාල සහනයකි.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ ආර්ථික පරතරය ඍණ මට්ටමකට පත්වේද යන්න සමහරුන් විමසන ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් රටේ ආර්ථික වර්ධනය මනින්නේ ගිය වසරට සාපේක්ෂව මේ වසරේ කරන ජාතික නිෂ්පාදිතය අනුව ය. ගිය වසරේ අපේ රටේ ආර්ථික වර්ධනය 2.3% ක් බව පසුගිය රජයේ වගකිවයුත්තෝ කීහ. එහෙත් ආර්ථිකයේ ගණන් හිලව් සම්පූර්ණ කළ විට සැබෑ වර්ධන 2% ක් බව මගේ අදහසයි.

2019 එය වුවද 2020 මාස් කන්නය මෙරට ඉතාම සාර්ථක නිෂ්පාදන සමයකි. වී ඇතුළු බෝග රාශියක් ඉහළ පලදාවක් ලබා තිබේ. 2020 යල් කන්නය පවා කෘෂිකාර්මික අතින් ඉහළ තැනක තිබේ. මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ මා ලද අත්දැකීම් අනුව වසරේ නිසි කලට වැසි වැටුණහොත් ඒ වැස්ස විසින් රටට ලබා දෙන ආර්ථික වර්ධනය 2% ත් - 2.5% ත් අතරය. ඒ බව අපි මුලින් අවධාරණය කළෙමු.

එය කිසිවකුගේ පෞද්ගලික හපන්කමක් නොව ස්වභාව ධර්මයේ භාග්‍යයකි. කෘෂිකර්මයට පමණක් නොව, ජල විදුලිය නිෂ්පාදනය, පානීය ජල සම්පාදනය ආදියට ද වැස්ස අත්‍යවශ්‍ය බැවින් නිසි කලට ලැබෙන වැස්ස අප රටේ ඵලදායිතාවට පිම්මක් පනින්නට ආධාර වන බව පැවසීම නිවැරැදි ය. ඒ අතින් ගත් කල 2020 ආර්ථිකය කවර අර්බුදයක් මධ්‍යයේ වුවද ඍණ තත්ත්වයට පත්වන්නට ඉඩක් නැති බවට මගේ විශ්වාසයයි.

එහෙත් ලැබෙන වර්ධනය ඉතා විශාල මට්ටමක එකක් නොවේ. පසුගිය වසරේ අප 2.3% ක ආර්ථික වර්ධනයක් ලැබුවේ ගෝලීය ආර්ථිකය යහපත්ව තිබියදීය. අප රටට සිදුවූ එකම විපත පාස්කු ප්‍රහාරය පමණි. ඇඟලුම් වෙළෙඳාම සහ අපනයන විදේශ රැකියා ආදායම හොඳට තිබිණි. තරමක් පසුබෑවේ සංචාරක ව්‍යාපාරය පමණි. කෙසේ හෝ පවතින තත්ත්වය යටතේ කොරෝනා වසංගතය නිසා ගෝලීය ආර්ථිකය මේ වසරේ දෙසැම්බර් වන තෙක් විවෘත වන්නේ නැත. අපට ලබා ගත හැකි වර්ධනයක් ලැබිය යුත්තේ දේශීය නිෂ්පාදන අංශවලිනි. ඒ නිසා කොරෝනා විපත සැපතක් බවට පත් කර ගන්නට නම් අප හැකි පමණ දේශීය නිෂ්පාදන ආර්ථිකය පණ ගැන්විය යුතුය. අපේ විමුක්තිය ඇත්තේ එතැන ය.



අදහස් (23)

ආර්ථික පිම්මකට මාවතක් - පී. බී.

Pradeep Thursday, 23 April 2020 04:44 PM

සිදුවූ දේ ආශීර්වාදයක් කොට ගනිමින් රටක් ලෙස අප නැගී සිටිමු. සාමාන්‍ය ජනයා මෙයට කොහොමත් කැමැත්තෙන් පසු වුනත් ප්‍රශ්නයකට තිබුනේ පාලක පක්ෂයේ එයට දැක්වූ අකමැත්තයි. දැන් අපේ තරුණයන් වාහන පමණක් නොව රොබෝ වරුන්ද නිර්මාණය කරමින් ඇත. ප්‍රශ්නය තිබුනේ ඔවුන්ගේ නොව ඔවුන්ගේ හැකියාවන් වලට නිසි තැනක් ලබා නොදුන් අමන පාලනයයි. රේ විජේවර්ධන මහතා අත් ට්‍රැක්ටරය නිපදවා ඒ ගැන එවක පාලනයට දැන්වූ විට ඔවුන් කිවේ "අපිට උඹගේ මැෂින් එක නැතුවට කුඹුරු හාන්න ඕන තරම් මි හරක් ඉන්නවා" කියාය. එදා පාලනය මි හරකුන් සේ ක්‍රියා නොකලා නම් අපි අදටත් දියුණු ජාතියකි. සිදුවූ වැරදි නැවත නොවන්නට වග බලා ගැනීම වත්මන් පාලනයට බාරයි.

:       226       473

ගොන්ගාලේ ගොඩබණ්ඩාThursday, 23 April 2020 08:26 PM

ප්‍රදීප්, ලෝකයේ සමහර විපත් සැපතට හරවාගත් සිදුවීම් ඕනෑතරම්. මේ හැමදාම දුක් විදපු ශ්‍රී ලාංකිකයින්ට හොදක් වෙන අවස්තාවක් වෙන්නට පුළුවන්. හැබැයි රටට අවශ්‍ය අහාර අපිම වගාකල යුතුයි කියමින් රටේ තිබෙන කැලේ කපල වනාන්තර එලි පෙහෙළි කරමින් ඉඩම් අල්ල ගන්නට බලාසිටින දේශපාලකයින් සහ ඔවුන්ගේ අයගෙන් වනාන්තර රැක ගන්නටත්, මැදපෙරදිග ධන කුවෙරයන්ට රටේ ඉඩම් ගොවිපොළවල් සදහා බදු දෙන්නටත් කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි. නැවත ඉන්දියාවෙන් දිගට හරහට අල ලුණු කහ මිරිස් තුට්ටු දෙකට ගෙන්වමින් දේශීය ගොවියා සිය දිවි හානි කරගන්නා තැනට තල්ලු නොකළ යුතුයි. අනවශ්‍ය ලෙස මහාපරිමාණ කර්මාන්තශාලා ඉදිකර රටේ ජලය පරිසරය හානි කරමින් විදේශිකයන්ට (චීන, ඉන්දියානු) රැකියා ලබාදෙන උප්පරවැට්ටි වලට හසු නොවිය යුතුයි. චිනුන්ගේ බදු ගැනීම ලෝකයම ප්‍රතික්ෂේප කරන මොහොතක ඔවුන් අපේ රටේ කර්මාන්තශාලා ඇතිකර ඔවුන්ගේම අය වැඩට යොදවා අපේ රට සුරා කන්නට ඉඩ ඇත. මැද පෙරදිග රැකියා අහිමිව ලක්ෂ ගණන් ආපසු පැමිණෙමින් සිටින නිසා ඔවුනට රැකියා බිහිකළ යුතුය.

:       0       2

sorisenaFriday, 24 April 2020 03:42 AM

ප්‍රදීප් මහත්මයාණෙනි, සියලු දේ අප රටේම නිෂ්පාදනය වනු දැකීම අප සැමගේත් ප්‍රාර්ථනයයි. නමුත් එම ක්‍රියාවලිය බලගැන්වීමට අපේ රටේ නීති නැහැ. උදාහරණයක් ලෙස අපේ රටේ වාහනයක් නිෂ්පාදනය කළවිට එම වාහනය ලියාපදිංචි කර මහාමාර්ගයට දැමීමට කිසිදු නීති ප්‍රතිපාදනයක් නොමැත. නීති හදන ඕලමොට්ටලයින්ට මේවා ගැන හාන්කවිස්සියකවත් දැනුමකුත් නොමැත!!!

:       0       57

PradeepFriday, 24 April 2020 04:59 PM

බලධාරීන් ඒ සියල්ල විසදිය යුතුයි. රටට හිතැති නීති සම්පාදනයට යමෙකු අකුල් හෙලන්නේ නම් ඔහු දේශ ද්‍රෝහියෙකි. අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉහල නංවන්න ඕන කියලා කිව්ව එකට ඩිස්ලයික් වැටිලා තියන එකෙන්ම පේනවා නේද? දේශද්‍රෝහීන් කොයිතරම් ඉන්නවාද කියලා. ඇයි ඒ.. එයාලා කැමති නෑ භාණ්ඩ ආනයනය කරන විට එයාලට ලැබෙන කොමිස් මුදල නැති වෙනවට. රටට හෙන ගැහුවත් කමක් නෑ, තමන්ගේ මඩිය තර වෙනවානම්..

:       3       154

lalithmSaturday, 25 April 2020 06:45 AM

වාහනයක් ගැන මොන කතාද ? ලංකාවට ලීටර් ලක්ෂ ගණනින් එතනෝල් ගෙන්වනවා. රටේ තියෙන පොල් මෝල් වල ලීටර් ලක්ෂ ගණනක් පොල් වතුර දිනපතා ඉවත දමනවා. මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා බ්‍රැන්ඩි , එතනෝල් හදන්න පුළුවන්. මතට තිත නිසා අවසර නොතිබූ යුගය දැන් නැහැ කියල හිතමු. බොන එක හොඳ නොවුවත් බොන එකා කසිප්පු හරි බොනවමයි. ඒ හින්දා මේ අහිමිවී යන සම්පත පාවිච්චි කර පිටරටින් ගෙන්වන එතනෝල් අඩු කරන්න. පොල් මෝල් හිමියන් අඩු තරමින් තව සිය ගණනකට රැකියා දේවි බදුත් ගෙවන ගමන්. සිය රට දේ සිරි සැප දේ.

:       0       53

vidya Thursday, 23 April 2020 05:57 PM

කරුණාකර මෙම දරුවන්ට ආරක්ෂක කණ්ණාඩි සපයන්න.

:       157       168

ඉන්දික Thursday, 23 April 2020 09:56 PM

කොරෝනා පහව ගිය පසු බොහෝ දුරට ඇමරිකාව යුරෝපය චීනයේ තිබෙන ඔවුන්ගේ සමාගම් වල කම්හල් අයින් කර ගැනීමට ඉඩ තිබෙනවා. ලංකාවේ පාලකයන්ට එම කම්හල් ලංකාවට ගෙන එන්නට පුලුවන්නං එය විශාල ජය්‍රහණයක්.

:       1       7

jagath Friday, 24 April 2020 02:45 AM

තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රධානම නිෂ්පාදන කර්මාන්තය වන්නේ වී ගොවිතැනයි. වී ගොවිතැනෙහි කාර්යක්ෂමතාව උපරිම තලයට ගෙන ඒමට මූලික අවධාන යොමු කළ යුතුයි. එසේම වී ගොවිතැන සදහා මිනිස් ශ්‍රමය අවම කර තාක්ෂණය උපරිම ලෙස යොදා ගැනීමෙන් ලාභ ප්‍රතිශතය ඉහළ නංවා ගත හැකි අතර එමගින් රජය මගින් ලබා දෙන සහනාධාර අවම කර ගත හැකි වනු ඇත.

:       1       5

siri Friday, 24 April 2020 08:00 AM

ආර්ථිකය අයියට බාරදුන්නා කියල අද වාර්තා වෙනවා. මෙදා පොටෙනම් පනී නියම පිම්මක්.

:       111       179

ranaSaturday, 25 April 2020 05:46 AM

නරියට කුකුල්ලු බාර දුන්න වගේ නේ ?

:       105       135

de silva Saturday, 25 April 2020 10:52 AM

දැනට දශක කිහිපයක් ඉඳන් අජිත් නිවාඩ්, අර්ජුන මහේන්ද්‍රන්, කුමාරස්වාමි වැනි පුද්ගලයන් රටේ ආර්ථිකය මෙහෙයවනවා. ඔවුන්ගේ පුද්ගලික අර්තිකය නම් දිනෙන් දින වර්ධනය වුන බව පෙනී යනවා. නමුත් රටේ ආර්ථිකය සහ අපේ ආර්ථිකය නම් දිගින් දිගටම කඩා වැටෙනවා.. අපි හැමදාම දුප්පත්...

:       0       102

upali Saturday, 25 April 2020 04:55 PM

කරුණාකර නාස්තිය පිටුදකින ක්‍රමවෙදයක් ගැන කතාකරමුද ? අම්බරුවන් 225 ක නඩත්තුව නවතන ක්‍රමයක්...? නොමිලේ කෑම වෙලක්, අවුරුදු 5කට පසු විශ්‍රාම වැටුපත්...? තව එකී මෙකී නොකී දේවල් බොහෝය...

:       1       41

Rathnayake Saturday, 25 April 2020 07:57 PM

මේ අය පැනපූ පිමි අපිට නමි තාම මතකයි. නිදහස ලැබිලා දැනට අවුරුඳූ 72යි. අවට තියන අනෙකුත් රටවල් අපව පසු කරගෙන ගොඬක් ඳුර ගිහින්. අඩුම තරමෙ අනෙක් රටවල් දීහාවත් බලලා කටයුතු කරන්න. අපේ රට පාලනය කලේ පක්ෂ දෙකයි. කොල සහ නිල් උගත් දරු පරපුරක් ඇති නොකර උගත් ඡනපරපුරක් ඇති නොකර මේ හැම දෙයක්ම බොළඳ උත්සාහයන් පමනයි.

:       0       104

RanasingheWednesday, 29 April 2020 07:39 PM

කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමති කෙනෙක් හිටිය රතු කමිසයක් දාගන 2000ස් ගණන් වල වස විස ගොවිතැනට එරහිව කිසිම මතක හිටින දෙයක් කරේ නැහැ...

:       0       52

සපුමල් Sunday, 26 April 2020 06:12 AM

ඔය යල් පැන ගිය තර්ක අදට හරියන්නේද නැත.

:       0       3

de silva Sunday, 26 April 2020 06:14 AM

ඔය පාර්ලිමේන්තු මත්‍රිලගේ විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනස් කරමු , ඔවුන්ටත් පුද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් කර විශ්‍රාම වැටුප් ගෙවමු. එහෙම නැතිනම්, ඔවුන් සේවය කරන කාලයට අනුව රජයේ සේවකයන්ට දෙන ආකාරයට විශ්‍රාම වැටුප් ගෙවමු, අවරුදු 5 සේවය කරන පුද්ගලයෙකුට සම්පුර්ණ විශ්‍රාම වැටුප ගෙවන එක ඉතා අසාධාරණය. මෙවැනි ක්‍රමයක් ලෝකේ කොහෙවත් නැතුව ඇති

:       0       104

සපුමල් Sunday, 26 April 2020 06:25 AM

ඇඟලුම් කර්මාන්තය නැවත පණ ගන්වුවත් දැනට කිසිම ආදායමක් එන්න වෙළඳපොළක් නැත. සංචාරක කර්මාන්තය සහ හෝටල් හාන්සිය. කුඩා කර්මාන්ත සහ ව්‍යාපාර වලට යන එන මන් නැතිය.විදේශගත ශ්‍රී ලාංකීකයන් ඔවුනට රට සැලකුව ආකාරය ගැන ඇත්තේ දැඩි කලකිරීමෙනි.සල්ලිකාර මිනිසුන්ගේ උසස් අධ්‍යාපනයට ගිය දරුවන්ට රට විවෘත වෙද්දීත්, මිලියනකට අධික විදේශ ශ්‍රමිකයන් දස දුක විඳිමින් රටට ඒමට නොහැකිව ලතවෙන්නේය. ඔවුන් හම්බකොට එවූ ඩොලර් වලින් සැප ගත මොවුන්ට තව දුරටත් ඩොලර එවීමට ඔවුන් සත්ව ඇති සිතීම විහිලුවක්ය. රටේ ණය බර දත් විලිස්සගත් රකුසෙක් ලෙස බලා ඉන්න විට මොවුන්ට ඇත්තේ මුගාබේට එදා තිබු විසඳුම් පමණි. ඩොලර් කොටි දෙකක් තබා එක ඩොලරයක් වත් ණයට දෙන්නට මිනිහෙක් හොයාගන්නට නැතිවනු ඇත.

:       0       82

සමන්ත Sunday, 26 April 2020 08:19 AM

කොහෙද ඇමෙරිකාව ට්‍රිලියන දෙකක සල්ලි අච්චු ගහලා තියෙන්නේ?

:       0       2

Rata Perata Sunday, 26 April 2020 01:20 PM

මේ මනුස්සයාගේ ආචාර්ය පට්ටම පරීක්ෂා කරන්න ඕනෑ.. නැත්නම් මොලේ පරීක්ෂා කරන්න ඕනෑ. හෙජින් වගේ ගොන් වැඩ කරලා, අධිකරණයෙන් රජයේ සේවය තහනම් කරපු කෙනෙක්නේ මෙයා. එ්ත් එක පවුලකට වැඳගෙන ඉන්න නිසා තාම රට කන්න ඉඩ දීල තියෙනවා.

:       0       0

vipula Sunday, 26 April 2020 01:51 PM

රටේ ඉන්න බක පණ්ඩිතයන් එක්ක කොහොමත් දේශීය ආර්ථිකයක් ගේන්න අමාරුයි. මිනිස්සු කැමති ණයට අරන් කාලා බීලා දවස ගෙවන්න. පිටරට ආයෝජකයෝ එන්න ඕනෙම නැහැ. දේශීය ව්‍යවසායකයන් මහා පරිමාණ දේශීය කර්මාන්ත ඕනෙ හැටිය තියෙනවා. නිකමට උදාහරණයක් ගන්න අද දේශීය සමාගමක් එක්ක සම්බන්ධ වෙලා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය මැදිරි අලුත්වැඩියා කරනවා. අලුත්වැඩියා කියන වචනය එයට සුදුසු නැහැ. හරියටම බැලුවොත් දුම්රිය මැදිරිය දේශීයව නිර්මාණය කරනවා. නමුත් අපිට ඕනේ නම් පිටරට ආයෝජකයෙක් ගෙන්වලා කර්මාන්ත ශාලාවක් හදලා කරන්නත් පුළුවන්. නමුත් මේවා කරන්න ලංකාව වැනි රටකට එන්නේ නැහැ. හේතුව කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපේ රටේ වැටුප නිවාඩු නීති රීති වැඩියි. නමුත් දේශීය ව්‍යාපාරිකයින්ට ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒකයි වෙනස...

:       0       0

lalithm Sunday, 26 April 2020 06:02 PM

වගකිවයුතු තනතුරු දැරීමට උසාවියකින් තහනම් කරපු අයත් ඉහලම රැකියා වලට ගන්න පුළුවන් නම් රටට මොන දෙයියන්ගේ පිහිටද? තව බොහෝ දේ වෙනස් විය යුතුයි. කෘෂි ආර්ථිකය සැමදාම පරිභෝජන මට්ටමින් ඉහලට ගියේ නැහැ. කුඩා රබර් පොල් වගාත් එහෙමයි. රබර් මිල වියදමට වඩා අඩුයි. ලංකාවට පාම් තෙල් කෝටි ගණන් දීල මැලේසියාවෙන් ගෙන්වනවා. පාඩු ලබන රබර් වගාව ඉවත් කොට පාම් වවන්න දෙන්නේ නැහැ. ජලය ඉතිරි කරන්න කියල . බයිලා වාසු ලොක්ක ලඟදි ජනපතිට කරුණු දැක්වුව දැක්ක. අනික පොල් වගාව ලෙඩ රෝග වලින් විනාශ වෙනවා. පොල් මණ්ඩලේ ඉන්න එකෙක් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මැලේසිය වගේ රටවල් දියුණු වුනේ මේ වගේ අනාගත්ත හොර දේශපාලුවෝ සහ නිලධාරී ඇතුගල දමපු හින්ද සහ කාලීනව වගාවල් වෙනස් කල හින්ද. වතු කඩන්න දෙන්නෙත් නැහැ ඒ රටේ... මිනිසුන්ට ආදායම් එන වගාවල් කරන්න දෙන්න ඕනේ.

:       0       40

Gamarala Monday, 27 April 2020 02:22 AM

ඔබතුමා අද ඔය තනතුරට එන්ට ප්‍රථම කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් දේශීය කර්මාන්ත පිළිබදව ලබාගත් විශාල අත්දැකීමි සමිභාරයක් ඇත. ඒවා උපයෝගී කරගනිමින් එවකට මැතිණිය විසින් ගන්නා ලද ප‍්‍රතිපත්තිද යොදාගනිමින් අතිගරු ජනාධිපතිතුමා සමගින් සුදුසු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය මෙයයි. ඔබ ක්‍රියාත්මක වන්න.

:       0       0

ranasinghe Wednesday, 29 April 2020 07:35 PM

මෙතුමා අභියෝග වලට බය නැහැ . සුබ පැතුම්...!!! කාබනික ගොවිතැන ගැනත් බලනවා නම් හොදයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දීග ජන්තු 1ක් මරා දමයි
2024 නොවැම්බර් මස 28 3 0

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 12 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 28 350 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 14 0

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 28 490 0

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල


ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ
2024 නොවැම්බර් මස 28 559 0

දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site