IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආර්ථික විශේෂඥයින් - ජාජබ නියෝජිතයින් අතර හමුවක්

(ආරියරත්න රණබාහු)

බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද  (10) දහවල්  දෙස්  විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින්  අතර හමුවක් සිදු විය.

ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar ඇතුළු පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ. 

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය අනුර කරුණාතිලක, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, චතුරංග අබේසිංහ, ඉංජිනේරු එරංග වීරරත්න, මහාචාර්ය උපාලි පන්නිලගේ සහ වරලත් ගණකාධිකාරි සුනිල්  ගමගේ යන අයවලුන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම්, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. 



අදහස් (9)

ආර්ථික විශේෂඥයින් - ජාජබ නියෝජිතයින් අතර හමුවක්

බණ්ඩා Monday, 10 June 2024 08:10 PM

මාර බඩු ටිකක් තමයි ආර්ථික විශේසඥයෝ විදිහට ගෙන්න ගෙන තියෙන්නේ. උදාහරන විදිහට කිව්වොත්, මේ කවුරුවත් ජාත්‍යන්තරයෙන් පිළිගන්න අය නෙමෙයි. මේ අතර රට පට්ට බංකොලොත් භාවයකට ඇද දැම්ම ආර්ජන්ටීනාවේ හිටපු මුදල් ඇමතියෙකුත් ඉන්නවා. ජා.ජ.බ. අඳුරේ අතපත ගානවා.ජාත්‍යන්තර පිලිගැනීමක්වත්, කිසිම සැලැස්මක්වත් නැති අනාතයන් ට පුලුවන් ද රට ගොඩ දාන්න​. විහිළුකාරයෝ.

:       6       46

Bandara Monday, 10 June 2024 08:14 PM

ගෝඨාගේ පාරෙම මෙයාලත් යන්නේ. එකපාරක් පොතේ ගුරාලා ගෙනත් කෙලවගත්ත මදිද...

:       7       41

saman Monday, 10 June 2024 08:45 PM

ආර්ජන්ටිනාව කියන්නේ වසර 2000 සිට ජාත්‍යන්තර බැදුම්කර ආපසු ගෙවීම් තෙවරක් පැහැර හරිය රටක්.

:       2       40

Kamal Monday, 10 June 2024 09:40 PM

හඳුන් දිවියා කෝ? මිනිහ භාගෙට දැනුම මත ප්‍රකාශ නිකුත් කරලා දැන් කොන් වෙලා වගේ.

:       5       37

Prabha Monday, 10 June 2024 10:01 PM

එකත් එකටම සජිත් එක්ක විවාදෙට උපදෙස් ගන්න ඇති

:       35       3

Vithana Tuesday, 11 June 2024 04:05 AM

දැන් නම් විශේෂඥයෝ වැහි වැහැලා. කොහේද දන්නේ නෑ මෙච්චර කල් හිටියේ. අපරාදේ මෙයාලගේ සේවය ලබා ගත්තා නම් රට බංකොලොත් වෙන්නේ නෑ.

:       2       33

Rata Perata Tuesday, 11 June 2024 11:52 AM

අවුරුදු 50 ක් විතර රට පාලන කරලා රට ඩොලර් මිලියන 100 ක් ණය කරලා තිබුණත් තවම උන්ටම කඩේ යන අපතයෝ ඉන්නවා නම් අපේ රට ගැන තියන බලාපොරොත්තු අත් හැරගන්න එක හොදයි

:       32       2

chinthakaTuesday, 11 June 2024 04:14 PM

හරියටම හරි රට පෙරට, නූගත් , මෝඩ,වහල් මානසිකත්වයෙන් පෙලෙන " පිස්සන්ට " දොස්තරව පෙනෙන්නෙත් පිස්සෙක් විදිහට. නමුත් හරි දොස්තර ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් දෙකක් ගහලා ලෙඩාව පනගත්තාම උන්ගේ ඇස් සමහරවිට ඇරෙන්න පුළුවන්, සමහරවිට ජිවිත කාලයම පිස්සෙක් වෙලා ඉන්න ලෙඩ්ඩුත් ඉන්නවා ඒක ජානවල ප්‍රශ්නයක්. උන් සදාකාලිකවම මෝඩ වහල්ලු. මාලිමාවට ජයවේවා .

:       28       0

Vithana Tuesday, 11 June 2024 03:01 PM

රට පෙරට උන්නැහේ දන්නේ නැද්ද දන්නේ නෑ ඔය කියන අවුරුදු 50 ඇතුලේ උතුරේ දකුණේ ත්‍රස්තවාදීන් මේ රට බිමට සමතලා කරලා බිලියන ගානක විනාශයක් සිද්ද කරපු බව. දකුණේ පොදු ජනතාවගේ දේපළ විනාශ කරපු විදියට රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්.

:       2       26

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 661 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 548 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1825 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site