(මොහොමඩ් ආසික්)
දෙපිරිසක් අතර ඇති වූ ආරාවුලකදි පහර කෑමකට ලක් වූ බව කියන පුද්ගලයෙකු පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටියදී එම ස්ථානයට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකුට පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් පොලීසිය තුලදීම පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කටුගස්තොට පොලිස් බල ප්‍ර දේශයට අයත් ගම්මානයක දෙපිරිසක් අතර ඇති වූ ආරාවුලක් දුර දිගගොස් පහර දී ගැනීම දක්වා වර්ධනය වී තිබිණ. මෙසේ පහර කෑමට ලක්වූ එක් පුද්ගලයෙකු තුවාල ද සමඟ කටුගස්තොට පොලිසියට දිව ගියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිම සඳහායි. එම අවස්ථාවේ ඔහුගේ පුතාද ඔහු සමඟ පැමිණ සිටි අතර අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකුද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටියේය.
මේ අවස්ථාවේදී මුල් පැමිණිලිකරුගේ පුතා අනෙක් පාර්ශවයේ පුද්ගලයා දැක කෝපයට පත්ව පොලීසිය තුලදීම ඔහුට පහර දී තිබේ. එම අවස්ථාවේදී පොලීස් නිලධාරින් ඉදිරිපත් වී ඔහු නවතා අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර පසුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආරවුලකට පැමිණිලි කරන්න ඇවිත් පොලිසිය ඇතුළේදීත් ගුටි ඇනගෙන
Sremitha Priyankara Senanayaka ( Puthu Ayiya) Sunday, 18 September 2022 05:19 PM
හොරුන්ගේ ගුහාවක්.., පගාමරුවෝ පිරිලා, මගේ කේස් කීයක් මම සල්ලි දීලා බේරුණාද? තාම මට වොරන්ට් 4ක් තියෙනවා. රාළහාමිට මාසෙට 30000 ක් දුන්නාම ගෙදරටම ඇවිත් තේ බීලා යනවා.