(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කලේ යැයි කියන මහා ජාවාරමට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හො දුෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (19) නඩු පැවරීය.
නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ,පරිගණක වැඩසටහන් සම්පාදක රෝහිත සමරවීර ,වාහන පැවරුම් අංශයේ නිලධාරීන් හා ලිපිකරුවන් වනඋපුල් ප්‍රියන්ත,හේමන්ත මුත්තුංග,චන්න රෝහිත,ප්‍රියංගනී සිරිමාන්න ,වාහන ආනයනකරුවන් වන ටී බී ඊරියගම හා නලින්ද මහේෂ් කුමාර යන පුද්ගලයින් සැකකරුවන් කෙරෙමින් මෙම නඩුව පැවරීය.
2015 න් පසුව රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී රථ 2005 පෙර ආනයනය කළ සාමාන්‍ය රථ බවට අඟවමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම, 1999 වසරේ සිට මේ දක්වා ඊට ආධාර අනුබල සැපයීම,අංක තහඩු නිකුත් කිරීම,රථ ආනයනය කිරීම ඇතුළු චෝදනා ඉදිරිපත් කරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙ අංක 163 සමග කියවෙන 1994 අංක 20 දරණ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය ප්‍රකාරව වරදවල් සිදු කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පැවරීය.
අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ රහසිගතව බුද්ධි ඒකකය කළ විමර්ශනයක් අනුව මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇති අතර 2015 වසරෙන් පසුව සුඛෝපභෝගී වාහන දෙසීයක් පමණ ආනයනය කර ඇති බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
අදාළ වාහන රාජසන්තක කිරීමට අධිකරණය මගින් නියෝග ලබාගත් අල්ලස් කොමිසම පසුගිය සතිය වන විට වාහන විස්සක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රාජසන්තක කිරීම සඳහා අධිකරණය මගින් රේගු බාරයට පත් කළේය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර