IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ආසියානු කුසලානයේ පළමු තරගයෙන්

(යොහාන් භාසුර)

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තානයේ, මුල්ටාන්හිදී අද (30) පැවැති පළමු තරගයේදී පාකිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 238 කින් නේපාලය පරාජය කිරීමට සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කය හඹාගිය නේපාල පිල ඕවර 23.4 කදී ලකුණු 104 කට සීමාවිය.

නායක බාබර් අසාම් (151) සහ ඉෆ්තිකාර් අහ්මඩ් (නොදැවී 109) පස්වැනි කඩුල්ලට ලකුණු 214 වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය ලකුණු 342 ක් දක්වා ගෙන ඒමට සමත් වූහ.

බාබර් අසාම් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 131 කින් හතරේ පහර 14 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 151 ක් රැස්කළේය.

ඉෆ්තිකාර් අහ්මඩ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 71 කට පමණක් පහර දෙමින් හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස්කිරීමට සමත් විය.

මෙවර තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (31) පැවැත්වේ.

පාකිස්තානු පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 342 (බාබර් අසාම් 151, මොහොමඩ් රිස්වාන් 44, ඉෆ්තිකාර් අහ්මඩ් නොදැවී 109, සොම්පාල් කමී 85/2) නේපාල පිල ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 104 (අරීන් ශෙයික් 26, සොම්පාල් කමී 28, ෂහීන් ෂා අෆ්රිඩි 27/2, ෂදාබ් ඛාන් 27/4)

 



අදහස් (1)

ආසියානු කුසලානයේ පළමු තරගයෙන්

Prabash Thursday, 31 August 2023 11:00 AM

නේපාලය හොඳටම කරලා තියනවා .උන්ට රජ මගුල්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 280 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 4153 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 1330 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5672 1

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4543 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 7320 2

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26124 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 424 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1369 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site