(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර ඇත.ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.ශ්‍රී ලංකාවේ 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5555 ක් බව එහි දැක්වේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වෙනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී තිබෙන අතර 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 කි.
දෙවන සහ තුන්වන ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමිව තිබේ. එම රටවල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 ක් වේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වෙනි ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියාවට වන අතර එහි 2021 වසරේ එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 කි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආසියාවේ දුප්පත්ම ගොඩට ලංකාවත් වැටෙයි
මැක්ස් Tuesday, 23 May 2023 12:23 PM
ඔය ගණනය කිරීම්වලට යොදා ගන්න නිර්ණායක ගැනත් හොයල බලන්න ඕන. කොහොම උනත් ලංකාවේ පාරවල යන නවීන වාහන, මිනිස්සු පාවිච්චි කරන ස්මාට් දුරකථන දැක්කම, තබාරුම්වල පෝලිම් දැක්කම, බෝජුන්හල්වල කෑම කන්න ඉන්න සේනාව දැක්කම නම් මේක දුප්පත් රටක් ද කියල දෙසැරයක් තුන්සැරයක් හිතන්න වෙනවා. බණ්ඩාරවෙල ඉස්කෝලෙකට ආධාර දෙන්න ආපු සුද්දත් පුදුම උනේ එකනේ.
Yamuna KanthiTuesday, 23 May 2023 02:56 PM
ඔවු ඔබතුමා කියපු එක හරියට හරි
මොහොට්ටාල Tuesday, 23 May 2023 12:45 PM
මෙහි ගෞරවය නිදහසින් පසුව පාර්ලිමේන්තුවේ සිටි සියලු සමාජවාදීන්ට හිමිවෙනවා අන්සතු සැපතට ඊර්ෂ්‍යා කර පුද්ගලික අංශයේ විනාශය ඇතිකිරීමේ පුරෝගාමී රදල පංතියට දෙවැනි තැන දෙන්න පුළුවන් හරිම සතුටුයි අපේ හිටපු හා සිටින සියලු දේශපාලුවො නැවත නැවතත් සිරි ලංකාවේ ඉපදී මේරට ආසියාවේ දුප්පත් කමින් පළමු තැනටම ගෙන ඒවා
saman Tuesday, 23 May 2023 12:56 PM
මෙම ගණන් පිලිබදව නැවත සොයා බලන්න. ඒක පුද්දගල දළ දේ.නි වැඩිනම් ඒක හොද රටක්. එතකොට 931 වෙලා පළවෙනියා වෙලා
Akila Tuesday, 23 May 2023 01:13 PM
දශක පහක් පමණ මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු රනිල් සියා සහ මහින්ද සියා ගේ කෙරුවාව තමයි මේ
සූජිත් චමින්ද කස්තුරි Tuesday, 23 May 2023 01:23 PM
ලංකාවේ දූප්පත් මිනිසුන් තෝරන ක්‍රමය මොකක්ද. ලංකාවේ ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුව ඒකයි
සුරලොව ඇල්මන්ගේ Tuesday, 23 May 2023 01:52 PM
දුප්පත්කම තෝරන්නේ ලබාදෙන සහනාධාරය මත තමයි.. ලොකු ලොකු වාහන තියාගෙන ඉන්නේ කුලියට ගත්තු වාහන තමයි... එහෙම වාහන ඔවුන්ට අයිතිය නැති නිසා ඔවුන් ධනවතුන් කියන්න ලේඛන මොකුත්ම නැහැ. ඉතින් සමෘද්ධි දෙනවා 5000/= දෙනවා. තවතවත් ආධාර දෙනවා.. ඉතින් එම වාර්තා අනුව තමයි දුප්පතුන් තෝරන්නේ. තවත් එකක් තමයි ලංකාව මේ වනවිට ලෝකයට ණයවෙලා නොගෙවා තියෙන ණය ජනගහනයෙන් බෙදුවාමත් තීරණය කරන්න පුළුවන්...
ලුම්බිණි Tuesday, 23 May 2023 01:35 PM
රනිල් කියන විදියට බය වෙන්න එපා. 2048 වෙනකම් ඉන්න.
හින්ද රාජ Tuesday, 23 May 2023 04:34 PM
අපිට යටින් 17ක් ඉන්නවා. ඉදින් ඔබලා ඊළඟ වතාවෙත් මට ඡන්දේ දෙන්න...
Sunil Tuesday, 23 May 2023 07:39 PM
පිනාධිපතිට අනුව නම් අපි තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි. අපි හිඟන රටක් පමණයි....
Perera Wednesday, 24 May 2023 07:41 AM
රටේ ජනතාව බුද්ධිමත්ව මෙතෙක් කල් චන්දය පාවිච්චි කරපු නිසා තමයි ඔය ප්‍රතිපලය
Bunny Preena Wednesday, 24 May 2023 10:08 AM
ඔවු ඉතින් අපි දුප්පත් උනත් වංචා ,දූෂණ ,හොර මැරකම් වලින් පොහොසත්