IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ආහාර

(ආහාර)

ආහාර ආරක්ෂිතතාව පුද්ගල යහපැවැත්වෙමන්, ශරීර සුවතාවයෙන් සහ සුබසාධනයෙන් ඔබ්බට යා යුතුයි. එය ජාතියක සමස්ත සුබසාධනය සහ ආර්ථික අභිවෘද්ධිය සම්බන්ධයෙන් සුවිශේෂී සහ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ආහාර කර්මාන්තයේ අති විශාල අවස්ථාවන් සහ හැකියාවන් හඳුනා ගැනිමට පමණක් නොව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂිතතාව ද සුරක්ෂා කරන ආහාර ආරක්ෂිතතා ප්‍රතිපත්ති නවීකරණයට ප්‍රමුඛතාවය ලබාදීම අත්‍යවශ්‍ය වේ.

ආරක්ෂිත නොවන දේ ආහාර නොවේ. ගෝලීය වශයෙන් සලකන විටදී, දූෂිත ආහාරවල ප්‍රතිඵලයක් වශයෙන් මරණ 420,000 පමණ සෑම අවුරුද්දක් පාසාම සිදුවේ. අනාරක්ෂිත ආහාර ආර්ථික වර්ධනයට ද බාධා කරයි. අනාරක්ෂිත ආහාර හේතුවෙන් අඩු සහ මධ්‍යම ආදායම්ලාභි රටවල වාර්ෂික ඵලදායීතාව ඇමරිකානු ඩොලර් බිලියන 95 දක්වා අඩුවන බවට ගණනය කර ඇත. ශ්‍රී ලංකාව තුළ, වැඩිදියුණු කරන ලද ආහාර ආරක්ෂිතතා දර්ශකයක ප්‍රතිලාභ මත පදනම්ව, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) විසින් සිදුකරන ලද ආසන්නතම අධ්‍යනයකට අනුව ආහාර ආරක්ෂිතතා අවදානම් කළමනාකරණයේ උන්නතිය උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ආයෝජනයකින් සහ ඇමරිකානු ඩොලර් මිලියන 9 ක වාර්ෂික අයවැය පිරිවැයකින්, වාර්ෂිකව අවම වශයෙන් ජීවිත 113 ක් ආරක්ෂා කරගත හැකි බවට සහ දශකයක් තුළ අපනයන ආදායම් අගයන් 24% කින් වර්ධනය කිරීමට හැකි වන බව පුරෝකථනය කර ඇත.

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වසර 70 කට අධික සමෘද්ධිමත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව, ආහාර ආරක්ෂිතතාව සහතික කිරිමෙහි ලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත. කෙසේ වෙතත්, යාවත් කාලීන කල යුතු රෙගුලාසි, රාජ්‍ය ආයතන අතර ප්‍රමාණවත් නොවන සම්බන්ධීකරණය සහ ආහාර නිෂ්පාදනය සම්බන්ධව විස්තීරණ අධීක්ෂණ රීති අඩුකම හේතුවෙන් රටේ ආහාර ආරක්ෂිතතා දර්ශකය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට අවශ්‍යව ඇත.

මෙම පරතර අවම කිරිමේ අවශ්‍යතාවය හඳුනාගත් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය (FAO), BESPA-FOOD (කෘෂි ආහාර අංශය සඳහා වන හොඳම ප්‍රමිතගත ක්‍රියාමාර්ග) ව්‍යාපෘතිය හරහා ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට එක්ව කටයුතු කරයි. යුරෝපා සංගමය (EU) විසින් මෙම ව්‍යාපෘතියට නොමසුරුව අරමුදල් සපයා ඇත.

මෙම සහයෝගීතාව තුලින් ආහාර නිෂ්පාදකයන්, සකසන්නන්, සහ ආහාර ව්‍යාපාර ක්‍රියාකරවන්නන්/මෙහෙයවන්නන් යනාදී අයගේ ශක්‍යතා වැඩිදියුණු කිරීමෙන් සහ ජාතික ආහාර ආරක්ෂිතතා ප්‍රතිපත්තිය නවීකරණය කිරීම තුළින් ආහාර ආරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම පාරිභෝගික දැනුවත් භාවය වැඩිදියුණු කිරීමට සහ කෘෂිකාර්මික සහ ආහාර වටිනාකම් දාමයේ (food value chain) සියලු අංග ආවරණය වන පරිදි ආහාර ආරක්ෂිතතා නීති පටිපාටි සැකසිමෙන්, ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂිතභාවය සහ තත්ත්ව පාලන පද්ධතිය ශක්තිමත් කිරීමට ද BESPA-FOOD ව්‍යාපෘතිය අරමුණු කරයි.

ප්‍රමාණවත්, ආරක්ෂිත සහ තිරසාර ආහාර සඳහා සම ප්‍රවේශය සහතික කිරීම - යුරෝපා සංගමය

ආහාර ආරක්ෂිතභාවය සියලුදෙනාගේම ගැටලුවකි. අපගේ ගෝලීයකරණය වූ ලෝකය තුළ, ආහාර ආරක්ෂිතභාවය එක් රටකට පමණක් සීමා වන ගැටලුවක් නොවේ. එය සෑම රටකටම, සෑම කලාපයකටම බලපාන ගැටලුවකි. එමනිසා අපි සියලුදෙනාම එක්ව කටයුතු කිරීම අවශ්‍ය වේ. යුරෝපයේ අප, පරිසරය සහ අප ලෝකය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් තිරසාර, සාධාරණ, සෞඛ්‍යමත් සහ පරිසර හිතකාමී ආහාර පද්ධතියකට සංක්‍රමණය විය යුතු යැයි විශ්වාස කරන්නෙමු. එමනිසා සෑම අයෙකුටම ප්‍රමාණවත්, සුරක්ෂිත සහ තීරසාර ආහාර සඳහා ප්‍රවේශය සහතික කර ගැනීමට අවශ්‍ය වේ.

යුරෝපීය හරිත ගිවිසුම තුළ හරිත කෘෂිකර්මය සහ ගුණාත්මක ආහාර සඳහා විශේෂිත අපේක්ෂා සහිත ඉලක්ක පිහිටුවා ගත්තෙමු. උදාහරණයක් වශයෙන්, යුරෝපයට 2050 වන විට ලෝකයේ ප්‍රථම හරිත වායු විමෝචනය අවම මහද්වීපය බවට පත් වීමට ඉලක්ක කරගෙන සිටී. එමෙන්ම දැනටමත් 2030 වන විට, වසර 7ක් තුළ, යුරෝපයේ ගොවිබිම් වලින් සියයට 25 ක් කාබනික ගොවිබිම් බවට පරිවර්තනය කිරීමට කටයුතු යොදා ඇත.

යුරෝපීය සංගමය, ලෝකයේ ඇති ආහාර ආරක්ෂිතතා ප්‍රමිති අතර ඉහළ ගුණාත්මක බවක් උසුලයි. යුරෝපීය ආහාර ආරක්ෂිතතා අධිකාරියට අපක්ෂපාති,විද්‍යාත්මක උපදෙස් සැපයීම සහ ආහාර දාමය ආශ්‍රීත අවදානම් සම්බන්ධව සන්නිවේදන කටයුතු සිදු කිරීම පැවරි ඇත. එය උසස් තත්ත්වයෙන් සහ සුරක්ෂික ප්‍රමිතිවලින් යුතු අතර, ආහාර නිෂ්පාදන වල ප්‍රභවය,නිෂ්පාදිත දිනය, අන්තර්ගතය සහ ලේබලය පිළිබඳ පැහැදිලි තොරතුරු සහිත පෝෂ්‍යදායි ආහාර සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇත. මේ සියල්ල සිදු කරනුයේ සෞඛ්‍ය සම්පන්න ආහාර සහ තිරසර ආහාර පද්ධතියක් සඳහා පදනම් වන ආරක්ෂිත ආහාර සහතික කිරීම උදෙසාය.

යුරෝපීය කෘෂි ආහාර දාමය කෙතරම් වැදගත් දැයි පැහැදිලි වන්නේ, කොවිඩ් 19 වසංගතය සහ යුක්රේනයේ රුසියානු ආක්‍රමණයෙන් පසුව ලොව පුරා සිටින ජනතාවට ආහාර සැපයීමේ ක්‍රියාවලිය තුල සිදුවී ඇති බාධා තුලින්ය. ආරක්‍ෂිත ආහාර සැපයීම යනු ගොවිපලේ සිට මේසය දක්වා ආහාර දාමය තුළ සිටින සියලුම හවුල්කරුවන් විසින් දැරිය යුතු වගකීමකි.

යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ආහාර අංශයේ දිගුකාලීන හවුල්කරුවෙකි. එමෙන්ම ආහාර ආරක්ෂිතතාව යනු අපගේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතාවලින් එකකි. මෙතෙක් දුරට අප යූරෝ මිලියන 100 කට වැඩි (රුපියල් බිලියන 31 ට වඩා වැඩි) මුදලක් ප්‍රධාන වශයෙන් ආයෝජනය කර ඇත. රට තුළ වඩාත් ඵලදායී, වෙළඳපොළ නැඹුරු සහ තීරසාර කෘෂිකර්ම හා ආහාර අංශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ආයෝජන සිදු කර ඇත. එමෙන්ම අපි ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන වල තරගකාරීත්වය සහ අපනයනය වැඩිදියුණු කිරීමට උපකාර කරන්නෙමු.

අපි වර්තමානයේ UNIDO සහ FAO සමග එක්ව BESPA-FOOD ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින්නෙමු. යුරෝ මිලියන 9.5 ක මුළු වටිනාකමක් ඇති මෙම මුල පිරීම සමඟ, සියල්ලන්ටම ආරක්ෂිත ආහාර සැපයීම සඳහා ද ආහාර නිෂ්පාදනයේ උසස් භාවිත සහ ප්‍රමිති වැඩි දියුණු කිරීමටද අපට අවශ්‍ය වී ඇත.

ආහාර ආරක්ෂිතභාවයේ සහ ගුණාත්මක භාවයේ දර්ශකය වෙනස් කිරීම තුළ ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තයේ කාර්යභාරය හඳුනාගැනීම - එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO)

ආහාර ආරක්ෂිතභාවය සහ තත්ත්ව සලකුණු ප්‍රදර්ශනය කරන සහ ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූල වන නිෂ්පාදන වලට වෙළඳපොල අවස්ථා වැඩි වේ. ආහාර ප්‍රමිතීන් තුලින් සුරක්ෂිතභාවය, ගුණාත්මකභාවය, සමාජ වගකීම සහ තිරසාර බව සහතික කිරීම සම්බන්ධව මූලික කාර්යභාරයක් ඉටු කරයි. පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවලදී තාක්ෂණික රෙගුලාසි කරා ගමන් කිරීම නිරන්තරයෙන් සිදු වේ. විශේෂයෙන්ම මෙම ප්‍රමිතීන්ට අනුකූල වීම නෛතික බැඳීමක් වී ඇති අවස්ථාවලදී මෙය සිදුවන අතර, ඊට සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක (phytosanitary (SPS)) ක්‍රියාමාර්ග ද ඇතුළත් වේ.

සෞඛ්‍ය, සාධාරණ වෙළෙඳාම, සහ පාරිසරික තිරසරත්වය යනාදිය සම්බන්ධයෙන් තිබෙන සමාජයීය සම්මතයන් නිරූපණය වන ආකාරයෙන් පරිභෝජක අයිතීන් ආරක්ෂා කිරීම, ස්වේච්ඡාවෙන් ප්‍රමිත හා තත්ත්වවලට අනුකූලව වීම සමඟ ප්‍රගතිශීලී ලෙස බැඳී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රමිති හා තත්ත්ව ස්වයං -නියාමන ක්‍රමවේදයකින් භාවිත කළහොත් හෝ යෙද වුවහොත්, අපනයනය කිරීමේ අවස්ථාවන් වැඩිදියුණු කිරීමට ඉඩප්‍රස්ථා ඇති ගෝලීය වටිනාකම් දාමවලට (Value Chains (VC)) එකතු වීම ඉහළ නැංවිය හැකි ය. ආනයනය කරන රටවල පාරිභෝගික කැමැත්ත, එසේත් නැතිනම් පාරිභෝගක මනාපය මේ දෙසට යොමු වෙමින් තිබෙන මෙවන් අවස්ථාවක, ස්වේච්ඡාවෙන් ප්‍රමිත හා තත්ත්වලට අනුකූලවීම ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය වන බව මනාව පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස බැලීමේදී, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා තිබෙන ප්‍රමිත හා තත්ත්වවල අනුකූලතාවයට බලපාන සමාජ-ආර්ථික වශයෙන් පවතින දුෂ්කරතා, ආපදා අඩු කරගැනීමට ආහාර පාලන පද්ධති තුළින් පැන නැගෙන අසමර්ථ නිවැරැදි කිරීම තුළින් කළ හැකි ය. සැපයුම් දාමය සමඟ ක්‍රියාකරන ආහාර ව්‍යාපාර මෙහෙයවන්නන් (Food business operators (FBO)) ආහාර සුරක්ෂිතතා තත්ත්ව උසස් කිරීම සඳහා ආයෝජනය කළ යුතු අතරම, උපද්‍රව විශ්ලේෂණ සහ විවේචනාත්මක පාලන ලක්ෂ්‍ය පද්ධති (Hazard Analysis and Critical Control Points (HACCP)) වැනි ආහාර සුරක්ෂිතතා කළමනාකරණය පද්ධතිවලට (Food Safety Management Systems (FSMS)) වැය වන ඉහළ මෙහෙයුම් පිරිවැය යනාදිය තිරසර කළ යුතු ය.

ඉහත සඳහන් කළ අධ්‍යයනය මගින් UNIDO, ආහාර කර්මාන්තයේ ආයෝජනය කිරීමෙන් ඇතිවන වාසි පිලිබඳ පැහැදිලි තර්කයක් ඉදිරිපත් කරයි. වසර 10ක කාලයක් මුළුල්ලේ ආහාර කර්මාන්තයට කෙරෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.25ක ආයෝජන සහ මෙහෙයුම් පිරිවැය වැඩි කිරීම මගින්, දළ ජාතික නිෂ්පාදිතය සියයට 2.5කින් වැඩි කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර,ඒ තුළින් කෘෂිකර්මාන්තයේ සහ ආහාර කර්මාන්තවල සිටින 122,236 දෙනකුගේ රැකියා ද සුරක්ෂිත කරයි. මෙම වාසි සහ ප්‍රතිලාභ අත්කරගැනීම සඳහා, ආහාර ව්‍යාපාර ක්‍රියාකරවන්නන් සහ ඔවුන්ගේ සැපයුම්කරුවන් අපනයනය ක්‍රියාවලි තුල පිළිපැදිය යුතු ප්‍රමිතීන් හා නීති වලට අනුගත විය යුතුය. ඒ සඳහා කළ යුතු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 822ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ආයතන 3,823ක්, උපකරණ, කාර්යමණ්ඩල පුහුණුව, පාලන පද්ධිත ශක්තිමත් කිරීම යනාදිය උසස් කිරීම සඳහා එවන් ආයෝජන අවශ්‍ය වේ. එපමණක් නොව, අපනයන සැපයුම් දාමවල සිටින ක්‍රියාකාරුවන්/මෙහෙයවන්නන් සහ අමතර වාර්ෂික මෙහෙයුම් පිරිවැය සඳහා ද ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක මුදලක් වසරකට අවශ්‍ය වේ. මෙම අත්‍යවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට මෙන්ම ඊට ඉඩ සැලසීම සඳහාත් රජය සංවර්ධන ක්‍රියාවලි වලට සහාය දිය යුතු ය.

ආහාර පාලන ක්‍රියාවලියට ස්වාධීන ආයතනික සහ නීතිකාරක ප්‍රතිසංස්කරණය අවශ්‍ය කෙරේ. ආහාර කර්මාන්තය සමූහයක් ලෙස, පොදු පිළිවෙතක් අනුගමනය කිරීම තුළින් ආහාර පාලනය සඳහා ස්වයං පාලනය ඇති කරගැනීමත්, එය කාර්යක්ෂමව භාවිත කිරීමත් ඉතා වැදගත් වේ. අදාළ බලයලත් ආයතන හා සංවිධාන සමඟ එක්වමෙින්, UNIDO අදාළ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීමට සහාය වෙමින් සිටියි. ඊට ප්‍රමිත සම්මත, උපදෙස්, මාර්ගෝපදේශ, තාක්ෂිණික කරුණු සහ පුහුණුව යනාදිය අයත් වේ. ඊට අමතරව BESPA-FOOD ව්‍යාපෘතියට සරිලන පරිදි තාක්ෂණික සහාය ලබාගැනීම සඳහා ද ක්‍රියාමර්ග ගැනෙමින් තිබේ. කෘෂි ආහාර ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් මෙය සිදු කෙරෙන අතර BESPA-FOOD හි තෝරාගත් අංශ සඳහා මෙය සිදු කෙරේ. ඊට පොල්, වැනිලා, කෙසෙල් සහ මඤ්ඤොක්කා වැනි වටිනාකම් ඇති භෝග ව්‍යාපෘති අයත් වේ. දැනට පවතින නීති රෙගුලාසි රාමු වල පවතින හිඩැස් පිරවීමට වඩා එහා යමින්, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය, සංවර්ධන ක්‍රියාකාරකම්වලට එළැඹ සිටි. විශේෂයෙන්ම සම්මතකරණය සහ ශ්‍රී ලංකාව සාර්ථකව ජාත්‍යන්තර තත්ත්වකරණය නියෝජනය සඳහා යොමු කිරීම ඊට අයත් වේ. එමෙන්ම, ප්‍රමිත සහ සම්මත ස්වයං නියාමන ක්‍රමවේදයක් තුළින් භාවිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන අතර, ආහාර ව්‍යාපාරික මෙහෙයන්නන්/ක්‍රියාකරවන්නන්ට ආහාර ආරක්ෂිතතා කළමනාකරණය පද්ධතිවලට (food safety management systems (FSMS)), ගුණාත්මක කළමනාකරණ පද්ධති ප්‍රමිති/තත්ත්ව (quality management system (QMS) standards) සහ අනෙකුත් ආහාර සුරක්ෂිත සහ ගුණාත්මක සංකල්පවලට ගමන් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දේ.

ආහාර ව්‍යාපාරික මෙහෙයන්නන්/ක්‍රියාකරවන්නන්ට, ඔවුන්ට අදාළ ප්‍රමිතීන්ට අනුකූල බව ප්‍රදර්ශනය කිරීමට හැකි වන පරිදි දේශීයව ප්‍රවේශ විය හැකි, ජාත්‍යන්තරව පිළිගත්, අනුකූලතා තක්සේරු සේවා සඳහා ප්‍රවේශය ඉහල නැංවීම සඳහා, UNIDO විසින් ජාතික තත්ත්ව යටිතල පහසුකම් (NQI) ආයතන සහ අනුකූලතා තක්සේරු ආයතන (CAB) 28ක් පරීක්ෂණ වලදී නව සහ විස්තීරණ සේවා තුලින් සහය ලබාදීමට කටයුතු කර ඇත. ඒ තුලින් ක්රමාංකනය, පරීක්ෂා කිරීම, නිෂ්පාදන/පද්ධති සහතික කිරීම සහ වලංගු කිරීම මෙන්ම තහවුරු කිරීම ධ අයත් වේ. එවැනි ව්‍යාපෘති මැදිහත්වීම් හරහා, ආහාර කර්මාන්තය සමඟ අත්වැල් බැඳගනිමින්, ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පිළිබඳ දර්ශනය වෙනස් කිරීමේදී, එහි කාර්යභාරය, හිමිකාරිත්වය සහ බලපෑම සම්පූර්ණයෙන්ම හඳුනාගෙන ඇති ආහාර කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල වැදගත්කම සහ පාරිභෝගික දැනුවත්භාවය - එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය

වර්තමානයේ, ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂිතතාව පාලනය කරන ප්‍රමිතීන් ප්‍රධාන මූලයන් දෙකකින් ඇති වේ - 1980 ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ආහාර පනතට යටත්ව පනවනු ලබන විවිධ ප්‍රමිතීන් ඒ අතර වේ. දැනට පවතින නීති, සම්පාදනය, සැකසීම, නිෂ්පාදනය වැනි ආන්තික අංශ වල ගුණාත්මක සහ ආරක්ෂණ පරාමිතීන් සලකනු ලබයි. එහෙත්, ක්ෂුද්‍රජීවී සම්බන්ධ ප්‍රමිතීන් වැනි නිශ්චිත පරාමිතීන් දැනට පවතින නීති, රෙගුලාසි හෝ ප්‍රමිතීන්ගෙන් ආවරණය නොවන අතර, එවන් ප්‍රවේශ සම්පූර්ණ සැපයුම් දාමය ඉලක්ක කර නොගනී. ඒ වෙනුවට, නිෂ්පාදකයින්, ගබඩා කිරීම සහ ප්‍රවාහනය කරන්නන්, සැකසුම්කරුවන්, වෙළඳුන් සහ සිල්ලර වෙළෙන්දන් දැඩි ආරක්ෂක පියවරයන් අනුගමනය කරන බවට සහතික කරන, සමස්ත ආහාර වටිනාකම් දාමය ආවරණය වන රෙගුලාසි ඇති කළ යුතුය.

ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඇත. නියාමන රාමු සහ ආයතන ශක්තිමත් කිරීම, සැපයුම් දාම සොයා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම, ආහාර නිෂ්පාදනයේ සෑම අදියරකදීම සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික දැනුවත්භාවය වැඩි කිරීම අහාර ආරක්ෂිතතා දියුණු කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක පියවර වන අතර, FAO, BESPA-FOOD හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් ආයතන සමඟ සමීපව කටයුතු කරන්නේ මෙය සාක්ෂාත් කරගැනීමටයි. පාර්ශවකරුවන් මෙන්ම යටිතල පහසුකම් සහ ධාරිතා ගොඩනැගීමට සහ තාක්ෂණික දියුණුව සඳහා වන ආයෝජනයන් මගින්, ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමට සහ බලාත්මක කිරීමට හැකි වේ.

ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ සාර්ථකත්වය සඳහා ආහාර සුරක්ෂිතතාවයට අදාළ සියලුම රාජ්‍ය ආයතන අතර සහ බාහිර පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණයද ඉතා වැදගත් වේ. මේ සම්බන්ධයෙන් දැනට පවතින ආහාර උපදේශක කමිටුව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. එහෙත්, කල්පවත්නා වෙනසක් අත්කරගැනීම සඳහා, විධිමත් යාන්ත්‍රණයන් හරහා සහයෝගිතාව වඩාත් කාර්යක්ෂම කළ යුතුය. ආහාර සුරක්ෂිතතා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා රජය, ආහාර සම්බන්ධ නිසි බලධාරීන්, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජ සංවිධාන එක්ව කටයුතු කළ යුතුය.

වැඩිදියුණු කළ ආහාර ආරක්ෂිතතා ප්‍රතිපත්තියක ප්‍රතිලාභ අති විශාලය. ශ්‍රී ලංකාවට, කෘෂිකාර්මික සහ ආහාර කර්මාන්ත සඳහා වැඩි විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමටත්, අපනයන වෙළෙඳපොළ අංශ පුළුල් කිරීමටත්, සංචාරකයින්ට මෙරට ආහාර භෝජන වල ආරක්ෂාව සහ ගුණාත්මක බව සහතික කිරීමෙන්, සංචාරක ව්‍යාපාරය නංවාලීමටත් හැකිය. එපමනක් නොව, ශක්තිමත් ආහාර සුරක්ෂිත තන්ත්‍රයක් මගින් ආහාර නැතිවීම සහ නාස්තිය අවම කිරීම තුලින්, ආහාර සුරක්ෂිතතාවයට දායක වීම සහ සම්පත් මත ඇති වන පීඩනය අවම කිරීමද සිදු කල හැක.

කෙසේ වෙතත්, සැබෑ සාර්ථකත්වය පවතින්නේ මහජනතාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය සහ දැනුවත්භාවය තුළ ය. FAO, BESPA-FOOD හරහා පාරිභෝගික දැනුවත්භාවය ශක්තිමත් වූ ආහාර ආ ක්ෂිතතා ප්‍රතිපත්තියක මූලික කුළුණ බව පිළිගනී. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්, තමන් පරිභෝජනය කරන ආහාර පිළිබඳව දැනුවත් භාවයකින් යුත් තේරීම් කිරීමට අවශ්‍ය දැනුම සහ මෙවලම්වලින් බල ගැන්විය යුතුය. තත්ත්ව සහතික, ලේබල් සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්හි වැදගත්කම අවබෝධ කර ගැනීම ද මේ සඳහා ඇතුළත් වේ.

පාරිභෝගික අධ්‍යාපනය තනි ගෘහ එ්කකවලින් ඔබ්බට යා යුතු යැයි FAO දැඩිව විශ්වාස කරයි. ආහාර ආරක්ෂිතතාව සම්බන්ධයෙන් දැනුම හා අවබෝධය වැඩි කිරීම සඳහා පාසල්, විශ්ව විද්‍යාල, සහ ප්‍රජා සංවිධාන ඉතා වැදගත් හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ආහාර ආරක්ෂිතතාව සම්බන්ධයෙන් පවතින දැනුම පාසල් විෂය මාලාවට ඇතුළත් කල යුතුය. එමගින් ආහාර ආරක්ෂිතතාව, යාවජීව එසේත් නැතිනම් ජීවිත කාලයටම ඇතිකරගන්නා පුරුද්දක් බවට පත්කල හැකි අතරම, සිය සෞඛ්‍ය සහ ශරීර සුවතාව හා සුබසාධනය සම්බන්ධයෙන් දැනුවත් තීන්දු තීරණ ගන්නා, දැන උගත් පාරිභෝගිකයන්ගෙන් සමන්විත පරම්පරාවක් සහ රටක් නිර්මාණය කළ හැකි ය. ශක්තිමත් ආහාර ආරක්ෂිතතා පද්ධතියක් මගින් අපට ආහාර උපද්‍රවවලින් ඇති උපද්‍රව අවම කල හැකි අතර සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සහ රටක් නිර්මාණය කළ හැකි ය. එමෙන්ම වැඩිවෙන පාරිභෝගික විශ්වාසය සහ වෙළෙඳපොළ අවස්ථා මගින්, ආර්ථික වර්ධන වේගය ඉදිරියට ගෙන යා හැකි ය. වඩාත් සුරක්ෂිත, සවිමත් හා ස්ථීර ආහාර කර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව යන ගමන අභියෝගාත්මක ය. එහි කිසිදු විවාදයක් නොමැත. නමුත් එයින් ලැබෙන ප්‍රතිඵල හා ප්‍රතිලාභ ගණනය කළ නොහැක. එකට එකමුතුව වැඩි කිරීම තුළින් ආරක්ෂිත සහ පෝෂදායී ආහාර තවදුරටත් වරප්‍රසාදයක් නොවන මෙන්ම ඒ සඳහා සෑම ශ්‍රී ලාංකිකයකුටම අයිතියක් තිබෙන අනාගතයක් ගොඩනැගිය හැකි ය.

 



අදහස් (0)

ආහාර

ඔබේ අදහස් එවන්න

දියත

අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 23 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 24 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 856 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2740 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5373 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1366 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site