IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇඳුම් මල්ලටත් සියයට එකක වට්ටමක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පොලිතීන් බෑග් නොගන්නා රෙදිපිළි පාරිභෝගිකයන්ටත් මුළු බිලෙන්  සියයට එකක වට්ටමක් දෙන ලෙස පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව දිවයිනේ ප්‍රධාන පෙළේ රෙදිපිළි  අලෙවි ආයතනවලට අද  (22) නිර්දේශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ, ඒ  සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් දැනුම් දෙන බව එම ආයතන කාරක සභාවට දැනුම් දුන් බවයි.

මේ අතර පොලිතින් බෑග් නොගන්නා පාරිභෝගිකයන්ට රුපියල් පහක වට්ටමක් ලබාදීමට ප්‍රධාන වෙළෙඳසල් ( සුපර් මාර්කට්) හිමිකරුවෝ එම කාරක සභාව හමුවේ එකඟ වූහ.

පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු  අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

මේ අතර ප්ලාස්ටික් බෝතල් වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග  නිෂ්පාදකයන්  එම කමිටුව හමුවට ලබන  2 වැනිදා  කැඳවා ඇත.



අදහස් (3)

ඇඳුම් මල්ලටත් සියයට එකක වට්ටමක්

Indika Friday, 22 March 2024 02:52 PM

අන්න හොඳ වැඩක්... ජයවේවා...!

:       1       11

sam Friday, 22 March 2024 06:04 PM

අජිත් මාන්නප්පෙරුම ප්ලාස්ටික් බෝතල් වලට කිව්.ආර් කේතයක් හඳුන්වාදීමට පෙර අලෙවි සල්වල විවිධ නම්වලින් අලෙවි කිරීමට තිබෙන්නා වූ Bottle water සහ එම plastic bottles පිළිබඳව පරීක්ෂණයක් කිරීමට කටයුතු කළයුතු වේ. එමෙන්ම අලෙවි කිරීමට තිබෙන්නා වූ බීම වර්ගවල label මත කුමක් සඳහන් කර තිබුණද අලෙවි සල්වල විවිධ නම්වලින් අලෙවි කිරීමට තිබෙන්නා වූ සියලු බීම වර්ග පිළිබඳව අදාල අංශ විසින් පුර්ණ පරීක්ෂණයක් කළයුතු වේ. එම පරීක්ෂන අවසන්ව අදාළ DATA ලැබීමෙන් පසු පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග නිෂ්පාදකයන්, අදාළ ප්‍රමිති නිලධාරීන්, Health authorities එම කමිටුව හමුවට කවිය යුතුවේ. එමනිසා මිනිසාගේ health පිළිබඳව කාරණා වලදී පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලබාදී තිබුණාවූ තනතුරේ වගකීම කුමක්ද යන්න තේරුම්ගෙන ඒ පිළිබඳව පුළුල්ව සිතා කටයුතු කිරීමට නොහැකි නම් එම තනතුර / වගකීම දැරීමෙන් ඵලක් නොමැත....

:       0       1

sam Friday, 22 March 2024 06:04 PM

QR CODE සාකච්ඡාවට පෙර පළමුව කලයුතු සියල්ල නිවැරදිව සහ රජයේ අනුමත ක්‍රමවේදයන් මත සිදුවෙනවද යන්න පළමුව සොයා බලා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයකින් පසු සියල්ල නිසි ආකාරයෙන් සිදු වන්නේ නම් පමණක් QR CODE අනුමත විය යුතුවේ. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම විසින් කළ දේවල් හොඳින් මතකයේ තබා තීරණ ගැනීම වැදගත්වේ. විශේෂයෙන් රසකාරක (විවිධ පාටවර්ග) පාසල් සිසුන් සහ කුඩා දරුවන් පානය කරන්නා වූ නිසා මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කළයුතු වේ. කිව්.ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අධිකාරියේ ප්‍රධානීන් සහ වතුර සහ බීම වර්ග නිෂ්පාදකයන්, ප්‍රමිති නිලධාරීන්, Health authorities එම කමිටුව හමුවට ලබන 2 වැනිදා කැඳවා තිබෙන්නා වූ සාකච්ඡාව "හේතුවක් නොමැතිව" දින නියමක් නොමැතිව කල්දමා අදාල DATA ලැබුණු පසු අදාල සියලු අංශ කැඳවා QR CODE පිළිබඳව තීරණය කළ හැකිවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 661 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 246 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1374 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2601 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1516 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site