IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇප ලැබුණු ඥානසාර හිමියෝ පන්සලට වඩිති

(රෝෂන් තුෂාර)

අන්‍ය ආගමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්  ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද(22) නියෝග කළේය.

අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මෙම ඇප ප්‍රධානය කෙරිණි.

මහාධිකරණය ලබාදුන් වසර හතරක සිර දඬුවම් නඩු තීන්දුවට  එරෙහිව ඥානසාර හිමියන් විසින්  අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම විභාග කර තීන්දුවක් ලබා දෙන තෙක් ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම මහාධිකරණය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණි.

මහාධිකරණය ඇප ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම ඉල්ලීම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අතර අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රකාරයව ඇප නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා  සඳහන් කළේය.

රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් විත්තිකාර හිමියන්ට නියම කළේය.

අභියාචනාධිකරණ නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් විදෙස් ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ගුවන් ගමන් බලපත්‍රය මහාධිකරණයේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.

අදාල නියෝගය පිටපතක් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසද දන්වා සිටියේය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (11)

ඇප ලැබුණු ඥානසාර හිමියෝ පන්සලට වඩිති

පිටිගල මිලානෝ Monday, 22 July 2024 11:42 AM

අද හවසටම ස්ක්‍රිප්ට් එක ඉස්තරම්ම දානේ බෝතලේකුත් එක්ක පූජාකරයි.

:       28       25

fairoos Monday, 22 July 2024 01:09 PM

දැන් එහෙනම් චන්දයක් තියලා රට බේරාගන්න ලැහැස්තිවෙයල්ලා

:       25       24

Senarath Monday, 22 July 2024 01:20 PM

අන්‍ය ආගමික පූජකවරු ,අන්‍ය ආගමික කාන්තාවෝ බුද්ධාගමට අපහාස කරලා බොහොම නිදැල්ලේ ජීවත් වෙනවා .ඒත් ඔබවහන්සේ කරා කියන කතාව තාම කාටත් පෙනිලා තියෙන්නේ අපහාසයක් විදියට .ඔබ වහන්සේ ප්‍රවේශම් වෙන්න .කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වගේ පෙනෙනවලුනේ .තෙරුවන් සරණයි ඔබ වහන්සේට

:       35       58

Nihal Monday, 22 July 2024 03:49 PM

උන් වහන්සේ කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නැතුව රට වටේම ගිහින් අන්තවාදය ක්‍රියාත්මක වීම ගැන බෙරිහන් දීලා කියලත් එයට පාලකයන් ඇහුම්කන් දුන්නා නම් අදත් 249 ජීවත් වෙනවා

:       17       32

GAMA VARESE Monday, 22 July 2024 04:19 PM

කව්ද මේ පිටිගල මිලානෝ අන්‍යාගමිකයෙක්ද කොහේද? තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න යන්න එපා ඒක කැතයි..

:       14       26

පිටිගල මිලානෝMonday, 22 July 2024 05:45 PM

ඔයා බෝට්ටුවෙන් ඇවිල්ලා දරුපවුලටම කන්න දෙන්නේ අන්‍යාගමික රටක රැකියාව කරමින් අන්‍යාගමිකයන්ගෙන් යැපෙමින් බව අමතක වුණාද…? ඇයි ඔයාට අන්‍යාගමිකයින් පිළිකුල්ද?

:       16       13

athula Monday, 22 July 2024 04:20 PM

ගරුතර ස්වාමින් වහන්ස, බුද්ධ ශ්‍රාවකයෙකු වශයෙන් මහණ වී, මහණදම් පුරන්න. ඒ ටික හොඳටම ඇති... තෙරුවන් සරණයි.

:       4       17

Surain Monday, 22 July 2024 04:33 PM

මා දන්නා විදිහට මෙයා සුරාව පානය කරනවා. ගවමස් කනවා..

:       9       14

Lalla Monday, 22 July 2024 04:51 PM

පන්සලට වඩින්න නම් ස්වාමීන් වහන්සේ නමක් විය යුතුයි. මේ තැනැත්තා අපරාධකරුවෙකු වී සිරදඬුවම් නියමව ඇප මත මුදාහැරිය චීවරධාරියෙක් පමණයි.. නවාතැන් ගන්න පන්සලට ආවා කියන එක නම් හරියයි.

:       13       10

Upali Monday, 22 July 2024 05:34 PM

ඡන්දේ ළඟ නිසා එළියට දාලා සුපුරුදු පරිදි ජාතිවාදය ඇවිස්සීමේ කොන්ත්‍රාත්තුව කරන්න...

:       14       12

අරවින්ද මොනරවිල Monday, 22 July 2024 06:18 PM

දේශපාලකයින්ගේ කුණු කොන්ත්‍රාත් වලට කර නොගා දැන්වත් හරියට බණක් භාවනාවක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න බලන්න හාමුදුරුවනේ !

:       11       12

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1539 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1338 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2091 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2402 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 566 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1142 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35897 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site