IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


’’ඇමතිවරුන්ගෙන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක පොලු’’

(යොහාන් භාසුර)

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (17) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෝමාගම ආසනයේ ජනහමුවකට සහභාගි වෙමින් එසේ පැවසීය.

ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු අමාත්‍යවරු රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65000 කට වැඩි මුදලක් පොලු තියා ඇති බවත් ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කර ඉදිරියේදී තවත් බදු වර්ග දෙකක් ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. 



අදහස් (15)

’’ඇමතිවරුන්ගෙන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක පොලු’’

Pushpa Monday, 17 June 2024 04:06 PM

මම ඉන්න රටේ නම් මෙහෙම දේවල් කියලා දන්නෑ වගේ ඊළඟ දවසේ ඉඳන් ඉන්න බෑ. එක්කෝ මේ කියන විදිහට මහජන සල්ලි අරන් තිබේ නම් ඔවුන්ට බරපතල ප්‍රශ්න එනවා. එහෙම නැත්තම් බොරු කිව්වා කියලා කියපු කෙනාට උත්තර බඳින්න වෙනවා. සමාජයක් දියුණු යයි කියන්නේ ඇයි කියලා අත් දැකීමෙන් දැන් දන්නවා. ලංකාවේ ඇතුළේ ඉන්නකොට මේක තේරෙන්නේ නෑ. මේවා කියන්නත් කැමැති නෑ. ගොඩ‍ාක් ලංකාවේ අයට තරහ යනවා.

:       1       67

ranjith Monday, 17 June 2024 04:09 PM

මෙහෙව් අය නේද තවපාරක් බලේ ඉන්න ඉල්ලන්නේ... මොවුන්ට ලැජ්ජාවක් නැතිද? රටේ මිනිස්සුන්ගේ මුදල් කොල්ලකන්න මොවුන්ට සාප වෙන්න ඕනේ මේ කරන ජරා වැඩවලට...

:       2       45

රන්ජිත් Monday, 17 June 2024 04:17 PM

ඒ නම් හෙලි කරන්න...

:       0       55

Achini Monday, 17 June 2024 05:24 PM

ඔය සෙට් එකම තමයි ආයෙත් බලය ඉල්ලන්නේ අපිට විතරයි. රට හදන්න පුළුවන් කියලා.

:       1       30

Shaf Monday, 17 June 2024 05:26 PM

ඕවා ගෙවන්න තමයි අපිට බදු පිට බදු ගහන්නේ..., හොරකම් කරන කට්ටිය චූන් එකේ ඉන්නවා.

:       2       31

Gunendra Monday, 17 June 2024 06:01 PM

මෙහෙම කියන මෙතුමාත් මේ ළඟදී රාජපක්ෂලා හමු වුණා නේද?

:       3       29

Bandula Monday, 17 June 2024 06:09 PM

ඒකට ගැටළුවක් නැහැ.. ඒකත් අපෙන්ම අය කරගන්න.

:       0       14

Ashoka Monday, 17 June 2024 06:25 PM

අර කොටින්ට සල්ලි දීපු කෙනාත් තවම ඉන්නවා නේද ඔතැන..?

:       0       0

වන්නකු Monday, 17 June 2024 10:26 PM

ඒ ගොල්ල මොකටද ඔච්චර බැංකු වලින් සල්ලි ගත්තෙ අරන් මොනවද කලේ ? අර රතු කට්ටිය මේව ගැන දන්නෙ නැතිද. නැත්නං දන්නෙ නෑ වාගෙ ඉන්නවද ? රට ගැන හිතනව නං මෙන්න වැඩ. මේවා ගෙ ප්‍රශ්නවලදි දේශපාලන වාසි ගන්නෙ නැතුව විපක්ෂෙ ඔක්කොම එකතු වෙලා මේ හොරු අල්ලල දුන්න නං අපිට සතුටුයි. අන්න නියම දේශප්‍රෙමියො. නියම අරගල කාරයො.

:       2       3

Ruwan De Silva Monday, 17 June 2024 10:41 PM

ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ වෙනුවෙන් රණ්ඩු කරනවා වගේ හැබැයි අපි ඔක්කොම යාළුවෝ. ඒ වගේ තමයි මෙගොල්ලෝ ඡන්දේ ගන්න විතරයි තරහා නැත්තං ඔක්කොම යාළුවෝ මල්ලී

:       0       5

පිටරටවැසියා Tuesday, 18 June 2024 12:20 AM

ලංකාවේ බත්කන හරක් ඉන්න තාක්කල් 226 ම දිව්‍යලෝක සැප මෙලොවදීම විඳලා යන්න ආපු කට්ටිය ...

:       1       5

චන්දිම Tuesday, 18 June 2024 09:47 AM

මෙහෙමයි වෙන්නේ. මෙයා දැන් කියනවා මේ කතාව. අපි හිතමු ඊළඟ සැරේ මේගොල්ලෝ බලයට ආවා කියලා. එතකොට තමයි පෙන්නේ මේ හොරකම් කල පිරිස සමග තමන්ගේ පක්ෂේ නායකයා එක්කත් ගනු දෙනු හිතවත් කම් තියෙන බව. ඊට පස්සේ නායකයා මෙයාට කියනවා ''අයිසේ මේ මිනිස්සු චන්දෙදි අපිටත් උදව් කරලා තියෙනවා එක හින්දා ඔන්න ඔය සද්ද නැතුව ඉන්නවා, පුළුවන් නම් අපිත් මොන ක්‍රමේට හරි අහු නොවෙන්න කියක් හරි ගහ ගමු, වලේ යන එකා එකෙන්ම එපැය කන්න, වෙන වැඩක් බලා ගන්නවා අයිසේ" කියලා තරමක තග පාරක් දානවා. ඊට පස්සේ වටේ ඉන්න අනිත් කට්ටියත් කියනවා " ඔවු ඔවු ඔවු මෙයා මේ ඕනි නැති කෙහෙම්මල් කරන්න ගිහින් අපිටත් මේ කියක් හරි හොයා ගන්න තියෙන චාන්ස් නැති වෙනවා " කියලා. ඔන්න ඔහොමයි මෙච්චර කල් හොරු ඇල්ලුවේ. මේ ගොල්ලෝ ඉස්සරහටත් ඔහොම තමා.

:       0       7

මංගල Tuesday, 18 June 2024 10:26 AM

අවුලක් නෑ. ප්‍රබල අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යවරුන්ගේ නම් දාලා නැහැනේ. එක මල්ලේ ලුණු කනවා කියන්නෙ ඒකටයි.

:       0       6

CC Tuesday, 18 June 2024 11:22 AM

මේ රටට අත් වූ අවාසනාවන්ත ඉරණම නම් නිදහසින් පසුව ලබා ගත් නිදහස රට දියුණු සංවර්ධිත රාජ්‍යයයක් බවට ගොඩනැගීම සඳහා දැක්මක් සහිත රට ගැන රටේ ජනතාව ගැන කැක්කුමක් ආදරයක් සහිත නායකයන් ඉතා අල්ප වීමයි. එහෙම සිටියත් ඔවුන්ට බහුතර වංක හා වංචනික දේශපාලුවන් බහුතරය හිස එසවීමට ඉඩ නොදීමයි. නිදහසින් පසු ලංකා දේශපාලනඉතිහාසය ගවේශනය කරන්නෙකුට පැහැදිලිව පෙනෙන කරුණක් නම් මොවුන් සියලු දේශපාලන තීන්දු තීරණ ගෙන ඇත්තේ තමන් තම පක්ෂය බලයට ගෙන ඒමටත් ලත් බලය රැක ගැනීමටත් පමණි.ඒ සඳහා රටේ ජනයා දේශපාලන වශයෙන් ජාති වශයෙන් ආගම් වශයෙන්,ප්‍රාදේශීය වශයෙන් අසමගි කලා පමණක් නොව අසල්වාසීන් ,නෑයින් අතරත් තම දේශපාලනය විමර්ශණඝීලී ඇසකින් නොබලන ලෙස දේශපාලන වහල් අන්ධභාවයකට පත් කර ඇත.මොවුන් වසර 76 ක් පුරාවට මේ රටට කර විපත සොයා බලන්නට ශ්‍රිලංකාවේ රජයන් ප්‍රාදේශිය සභා තුළ,පලාත්සබා තුළ,මහ ආණ්ඩුවේ අමාතයාංශ හා දෙපාර්තමේන්තු කල සංවර්ධන වැඩ වෝහාරික විගණනයකට ලක්කර බැලිය යුතුය එය ප්‍රාදේශිය වශයෙන් ,දිස්ත්‍රියෙ සොයා බැලීමේ දී කොපමණ මහජන මුදල් නාස්ති කලාද අවභාවිතා කලාද වංචා කලාද යන්න හොදින් පැහැදිළ වනු ඇත.

:       0       3

R.T.sarath Tuesday, 18 June 2024 02:53 PM

රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා , රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරගන්න ඕනේ , අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් රජයේ සේවකයෝ ඉඳලත් , පාස්පෝර්ට් එකක , හැදුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් ගන්න , මේ විදිහට නිකරුනේ රජයේ ආයතන වල දිනගණන් රස්තියාදු වෙන්න පගාව දෙන්න තවදුරටත් ජනතාව සුදානම් නැහැ , ජනතාවට අලුත් බදු ගහන්න ඉස්සෙල්ල තිබෙන බදු එකතු කරගන්න ඕනේ , රජයට ලැබියයුතු ආදායම් බදුවලින් 75% නොගෙවා දිගින් දිගටම පැහැර හරින්නේ රටේ ප්‍රසිද්ධ ප්‍රකෝටිපතියන් අතලොස්සක් , රාජ්‍ය බැංකුවලින් කොටි 65000 නොගෙවා තිබෙන්නේ පක්ෂ , විපක්ෂ දේශපාලකයන් , රේගු නිලධාරින්ගේ අල්ලස් නිසා රේගු බදුවලින් 75% රජයට අහිමි වෙනවා , මේවා පාලනය කරන්න අවශ්‍ය වෙනවා , මොනවා කරන්නත් ජනතා සහයෝගය තිබෙන ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා , කරුණාකර ඡන්ද වලට යන්න . මෙම අල්ලස් දුෂණ වලක්වන සැලැස්මක් සහිත මැතිවරණ ප්‍රකශන ඉදිරිපත් කරන කෙනෙකුට, පක්ෂ වලට ජනතාව ඡන්දෙ දෙවි .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 89 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 971 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 192 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 882 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3551 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site