(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමැති පැටව් ගැස්සවීම වෙනුවෙන් වැය කරන මුදල් ජනතාවට ඖෂධ වර්ග සහන මිලට ලබාදීම වෙනුවෙන් වැය කරන්නැයි ඉල්ලීමක් කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
පවතින ආර්ථික තත්වය හේතුවෙන් වෛද්‍යවරුන් 500 දෙනකු පමණ පසුගිය කාලයේදී විදේශ රටවලට ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
විපක්ෂනායකවරයා මෙසේද සඳහන් කළේය.
වෛද්‍යවරුන් පන්සියයක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් අය යන බව ආරංචියි.මේ අය තව දුරටත් ගියොත් රටේ සෞඛ්‍ය කඩා වැටෙනවා. නිසි කලට ඖෂධ සැපයීමට බාධා ඇතිවන බව වාර්තා වෙනවා. පුහුණු ඖෂධවේදීන්ගේ හිඟය මීට බලපා තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යය නිසි පරිදි ඉටු වන්නේ නෑ. රාජ්‍ය ඖෂධ සංස්ථාව ගෙවීම් නතර කිරීම නිසා ඖෂධ සැපයීම අඩාල වෙලා. ඇමැති මණ්ඩලය වැඩි කිරීමට වැය කරන ප්‍රතිපාදන ඖෂධ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට , සහන මිලකට ඖෂධ සැපයීමට කැප කරන්න. ඇමති පැටව් ගහනවට වඩා.
සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා:
මෙය වැදගත් ප්‍රශ්නයක්. විස්තර රැස්කර ගත යුතුයි. ලබන 29 වැනිදා ඊට පිළිතුරක් ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්දී තිබෙනවා.
ප්‍රේමදාස මහතා:
අද මේ අහන ප්‍රශ්නයට 29වැනිදා වෙනකන් ඉන්න අවශ්‍යද.
කතානායක:
ඒක ඉක්මනට ගන්න පුළුවන්ද කියලා ලේකම්ට කතා කරල මම බලන්නම්.
ප්‍රේමදාස මහතා:
29 වැනි දා වෙනකන් කල් ඉල්ලන්නේ මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් නැද්ද.මට ඒ පිළිතුර පිළිගන්න බැහැ. එතකන් අපි බලං ඉන්න ඕනද.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති පැටවු ගැස්සවීමට වැය කරන මුදල් ඖෂධ ගේන්න වැය කරන්න
fairoos Thursday, 17 November 2022 12:54 PM
මෙ කාලකන්නි ආන්ඩුව ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ