(සුජිත් හේවාජුලිගේ සහ ජේ.කේ.එල් චාමින්ද)
අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා විසි තුනකට අදාලව රුපියල් ලක්ෂ 50 කට අාසන්න මුදලක් ගිය වසර අවසානය වනවිටත් අයකර නොගෙන හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර මියගිය මහජන නියෝජිතයින්ගෙන් අය විය යුතු හිඟ ජල ගාස්තු අය කරගැනීමට නොහැකි බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දන්වා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
මේ හිග මුදල් සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු දක්වා ඇති ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසන්නේ මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික නිවාසවල හිග මුදල් සාමාන්‍ය පරිභෝගිකයන් ලෙස සලකා අය කර ගන්නා බවයි.
හිඟ මුදල් නොගෙවන ස්ථානවල ජල සැපයුම විසන්ධි කරන ලෙස වාණිජ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මණ්ඩලය සඳහන් කළ බවද එම වාර්තාවේ දැක්වේ.
මහජන නියෝජිතයන්ගෙන් අය විය යුතු හිග මුදල අය කරගැනීමට ප්‍රමාණවත් හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට විගණන අංශ ජල සම්පත් හා ජලා පවාහන මණ්ඩලයට නිර්දේශ කර ඇත.
තවද වෙළෙඳ ණය ගැතියන්, නව සම්බන්ධතා ණයගැතියන්, ජල ප්‍රවාහන ණය ගැතියන් සහ අනෙකුත් ණයගැතියන්ගෙන් කෝටි 234 ක පමණ මුදලක් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ අයකර ගැනීමකින් තොරව හිගව පැවතුණ බවද එම වාර්තාවේ සඳහන්වේ.
ඉහත වෙළඳ ණය ගැතියන්ගෙන් සියයට හැට හයක් බස්නාහිර මධ්‍යම බස්නාහිර උතුර සහ බස්නාහිර දකුණ උපදේශ නියෝජනය කරති . නව සම්බන්ධතා ණයගැතියන්ගෙන් මාස තුනක් ඇතුළත වාරික තුනකින් ණය කර ගැනීමට නියමිතව තිබුණද රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වසර තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ අය කර ගැනීමකින් තොරව පැවතුණ බව වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මණ්ඩලය පවසන්නේ හිඟ මුදල් එසේ ක්‍රමිකව වර්ධනය වූ බවයි.
එම හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බවද මණ්ඩලය සඳහන් කළේය.
හිඟ ශේෂයන් වහා අය කර ගැනීමට කටයුතු කරන්නැයි විගණන අංශ මණ්ඩලයට තවදුරටත් නිර්දේශ කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති බංගලාවලින් ලක්ෂ 50ක ජල පොල්ලක්
sam Tuesday, 29 October 2024 07:12 AM
අහිංසක මිනිහෙක් රුපියල් 100ක් ගෙවන්න පරක්කු වුණා නම් ඔය ගොබ්බ නිලධාරීන් ඒ අහිංසකයින්ගේ විදුලිය, ජලය විසන්ධි කරනවා. හැබැයි පහුගිය දූෂිත ආණ්ඩුවල අයගේ කාලේ ලොක්කන්ට බයේ කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. ලැජ්ජයි මේක කැලෑ නීතිය රජකරන වනයක්ද?