IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඇමති මනූෂගෙන් විදෙස් ගත ශ්‍රමිකයන්ට සහතිකයක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමට නම් ඔවුන් එවන මුදල් නිසි ලෙස භාවිතාවන බවට විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බවත්, ඒ පිළිබඳව තමන් ඔවුන්ට සහතික වන බවත්, සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

වර්තමානයේ මෙරට පවතින අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ, පොහොර ලබාගැනීම වෙනුවෙන්  සහය ලබා දෙන්නැයි තමන් විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා සඳහන් කළේය.

තමන් එවන මුදල් නිසි ලෙස භාවිතා වෙනවාද, ඒවායින් බෙහෙත්, තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ගන්න ප්‍රමුඛතාව නොදී යකඩ බට හා හෙලිකොප්ටර්වලට තෙල් ගන්නවාද යන ගැටලුව ජනතාවට තිබෙන බව කී ඇමතිවරයා ඔවුන් තුළ එවන් අදහසක් ඇතිවී ඇත්තේ පැරණි වැරදි නිසා බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පැරණි වැරදි නිවැරදි කර වැටුණු රට ගොඩගැනීමට මහන්සි වන බව කී නානායක්කාර මහතා ජනාධිපතිවරයා ද අසමත් වූ බව පිළිගෙන වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය.

ඒ නිසා ජනතාව පෝලිම්වල හිටියත්, මව පියාට බෙහෙත් නැති වුණත් රාජපක්‍ෂලා යන තුරු මුදල් එවන්නේ නැහැ කියමින් නොසිට තමන් ලැබූ නිදහස් අධ්‍යාපනයෙන් පෙරළා රටට උදව් කරන්න වෙලාවක් උදාවී ඇතැයි ඇමතිවරයා කීවේය.

එදා ‘අපි එනකම් ලයිට් නිවන්න’ කී අය අද පෝලිම් තිබුණත් අපි ආවම මුදල් එවන්න කියමින් සිටින බවත් එය අනුමත කළ නොහැකි බවත් මනූෂ නානායක්කාර මහතා පැවසීය. 



අදහස් (8)

ඇමති මනූෂගෙන් විදෙස් ගත ශ්‍රමිකයන්ට සහතිකයක්

fairoos Tuesday, 07 June 2022 02:18 PM

ඔබතුමාගෙ සහතිකෙ කාටද ඔනෙ..සමගි ජනබලවෙගෙ ඉන්නකොටත් පක්ශයට සහතික වෙලානෙ හිටියෙ

:       4       38

අතුල සෞදි Tuesday, 07 June 2022 02:20 PM

ඔයාගෙ දික්කසාද නෝනාටයි, ළමයටයි හරියට වන්දිය ගෙවනව කියලා එයාගෙන් සහතිකයක් අරන් එන්න. ඊට පස්සේ අපි රට හදමු .

:       5       49

චන්දනTuesday, 07 June 2022 03:24 PM

හරියට හරි. ගෙදරට වග කියන්න බැරි මෙයා රටට වග කියන්නේ කොහොමද? ගාල්ල පැත්තෙ අය මෙයාගෙ වග කීම හොඳට දන්නව.

:       1       22

pathirana Tuesday, 07 June 2022 02:37 PM

විහිලු කරන්නෙ නතුව අපි එවන සල්ලිවලට අපිට ලබෙන සහන ගසට් කරන්න අපි සල්ලි එවන්නම්. ඔයාලාගෙ සහතික කද විස්වස කරන්නෙ සර්? අනික ජනාධිපතිතුමා කලින් කරපු වැරදිහදා ගත්තා කියමුකො, එයා අනාගතෙ තවත් වැරදි කරන්නෙ නැහැ කියන එකට තියෙන සහතිකය මොකද?

:       2       28

Namal Tuesday, 07 June 2022 02:53 PM

අනේ පලයන් බං යන්න. උබල කිව්ව පලියට සල්ලි එවන්න අපි ගොන්නුද. හරිම හිරිකිතයි උබයි හරීන් ගැනයි.. රාජපක්ශල ගියාම තමයි අපි සල්ලි එවන්නේ. අපේ අම්මල තාත්තල ගැන අපි බලගන්නම් . උබ වද වෙන්නෙ නැතිව හිටියනම් හරි.

:       11       40

BamunuarachchiWednesday, 08 June 2022 11:36 AM

ලැජ්ජා නැතුව කියපු හැටි... ඔහේගේ ළමයි ටිකයි, අම්මා තාත්තායි ඉන්නේ පිටරට නම් ඔහේගේ ඩොලර් මෙරටට එපා. හැබැයි පවුල මෙහෙ නඩත්තු වෙනවා නම් ඔවුන්ගේ පැවැත්මට පිටි, සීනි, තෙල්, බෙහෙත්, වලට ඩොලර් වියදම් කරන්නේ රටට ඩොලර් උපයන මිනිස්සු. අසනීප වුණාම බෙහෙත් වලට වියදම් කරන්නේ මහා ජෙප්පන්ද? නැහැ හලෝ රටට මුදල් එවපු අයගේ ඩොලර්. ඒ නිසා රටට ණය නොවී ඉන්න. කාලකන්නි ජෙප්පන් හිතන්නේ එකම විදිහට... නැවත පාස්පෝට් අලුත් විට රටට ගිහිල්ලා රටට එවපු මුදල් පෙන්වන්න නීති ගෙනෙන්න ඕනේ පිළිපීනේ වගේ...!

:       0       0

BamunuarachchiWednesday, 08 June 2022 11:39 AM

අනේ නිකන් යන්න. රාජපක්ෂලා නොසිටියා නම් නුඹලා අද දෙමළුන්ගේ වැසිකිළි හෝදනවා. මතකද නුඹලා ඒ කාලේ පවුලේ 3 දෙනා එකම ගමන ගියේ බස් තුනක.. මොකද බෝම්බවලට අසුවෙයි කියලා. ඒ කාලේ ජෙප්පන් මොනවද රටට කලේ?

:       0       0

Nuwan Tuesday, 07 June 2022 03:00 PM

ඔහෙල ගව රොත්තම යනකන් ඒවන්නෙ නැැ!

:       7       32

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 326 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1315 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 2651 1

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1785 1

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 611 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23327 30


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1823 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site