(නිමල කොඩිතුවක්කු)
ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කරමින් මාධ්‍ය වෘත්තියක් ලෙස නගා සිටුවීමට තමන් උපරිමයෙන්ම කැපවෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවැසීය.
ජනමාධ්‍ය සහ මාධ්‍යයේ ගැටලු නිරාකරණය කරමින් 2015 සිට දිනාගත් මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කරගැනීම තම අරමුණ බවද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (25) යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඡායනා මැද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ වැඩ බාරගනු ලැබීය.
එහිදී සර්ව ආගමික නායකයන් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට ආශීර්වාද සිදුකළ අතර වැඩ බාරගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීය.
‘‘ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩආරම්භ කිරීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටට පත්වෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ කරගෙන යන ගමන් මා ගැන විශ්වාසය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මට බාරදීම ගැන මම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මගේ ස්තූතිය පුද කරනවා.
විශාල වගකීමක් තියෙන අමාත්‍යංශයක් තමයි මේ අමාත්‍යාංශය. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මට මේ ලැබුණු අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන වැඩකටයුතු රාශියක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
2015 වසරේ අපේ ජයග‍්‍රහනයත් සමග අපි මේ රටට මාධ්‍ය නිදහස ලබාදුන්නා. ඒ නිදහස ආරක්ෂා කරගනිමින් රටේ ජනමාධ්‍ය නගා සිටුවීමට 2015 සිට අපි දිනාගත්ත මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නත් මම කටයුතු කරනවා.
ඒ වගේම මාධ්‍යවේදීනුත් ආර්ථික ගැටලු ඇතුළු විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. එවැනි ගැටලු පිළිබඳ සාකච්ඡා කරලා මාධ්‍යවේදීන්ටත් වෘත්තීයක් ලෙස ඉහළට යාමට අවශ්‍ය සහන ලබා දෙන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.
මේ දිනවල රාජ්‍ය මාධ්‍ය ආයතනවල යම් යම් ගැටලු තියෙනවා. මතුව ඇති ගැටලුත් සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කරගෙන එම ආයතන යථා තත්වයට පත්කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
ජේ. ආර් ජයවර්ධන , රණසිංහ පේ‍්‍රමදාස මහත්වරුන්ගේ කාලයේ දී රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හොද මට්ටමක පැවතුණා. එම ආයතන යළි එම මට්ටමට ගෙන ඒම අපේ අරමුණයි.
මේ ලැබුණු අභියෝගයට මුහුණ දීලා මාධ්‍යයට උපරිම සේවයක් කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා සහෝදර මැති ඇමැතිවරුන්ගේත් සහාය අපේක්ෂා කරනවා.
කවුරුත් දන්නවා මාධ්‍යය අපේ ඇගේ තියෙනවා. මගේ සියා ඩී. ආර් විජයවර්ධන මේ රටේ මාධ්‍යයටත් රටේ නිදහසටත් විශාල සේවයක් සහ කැපකිරීමක් කළා.
එක පැත්තකින් මාධ්‍ය තියෙනවා. අනික් පැත්තෙන් මවගේ පාර්ශවයෙන් දේශපාලනය තියෙනවා. ඒ නිසා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම සුදුසු ලකුණක් ලෙසයි මම දකින්නේ’’ යැයිද අමාත්‍යවරයා එහිදි පැවැසීය.
අමාත්‍යවරුන් වන රවි කරුනානායක, පී. හැරිසන්, අජිත් පී පෙරේරා යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ආංශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් සහ කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප : ඉෂාන් සංජීව)
(ඡායාරූප - ඩික්සන් වසන්ත)
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඇමැති රුවන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ අරඹයි