IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ඇමැති වීරසේකරගේ දෙපාර්තමේන්තු දෙකක් ජනපති යටතට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් ජනාධිපතිවරයා යටතට ගෙන ඇත.

මෙසේ ජනාධිපතිවරයා යටතට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු දෙකයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය.

සරත් වීරසේකර මහතාට පොලිසියේ කටයුතු සංවර්ධනය සඳහා වැඩි කාලයක් යෙදවීමට අවස්ථා උදාකර දීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි .

 



අදහස් (18)

ඇමැති වීරසේකරගේ දෙපාර්තමේන්තු දෙකක් ජනපති යටතට

Don Sunday, 01 August 2021 03:51 PM

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හදපු මනුස්සයාටනේ ඒක බාරදෙන්න ඕනේ... මරු විද්‍යාත්මක ක්‍රමය. පොලීසිය මෙයාගෙන් අරන් සිවිල් ආරක්ෂක ඇමැතිකමක් හදලා ඒක මෙයාට දෙන්න..

:       0       0

siri Sunday, 01 August 2021 04:00 PM

ඕනෑවට වැඩිය පුස්වෙඩි දානකොට ඔහොම වෙනවා කියලා සමහරු කියන්නේ මොකද මන්දා...?

:       0       0

pradeepa Sunday, 01 August 2021 04:42 PM

ඔව් ඒක හරි ගත්තු එක... සරත් පහුගිය කාලේ තමන්ගේ වැඩේ කළේ නැහැනේ... එක එක කෙනාට ඇඳුම් අරන් දුන්නා මිස...

:       0       0

jagath Sunday, 01 August 2021 04:44 PM

පව් අප්පා අපේ වීරසේකර... වියතුන්ට දීලා ආපහු ගන්නවා..

:       0       0

janahitha Sunday, 01 August 2021 05:05 PM

හ්ම්..!!! සොයාබලන්න ගොඩක් දේවල් මෙත්මාට තියනවා නොවැ..

:       0       0

විජේ Sunday, 01 August 2021 07:25 PM

මේ වගේ රටක දේශපාලනය කරන්න ඔබතුමා වගේ අය තැම්බිලා මදි මගෙ හිතේ. දේශපාලනය කියන්නේ අවංකව කලහැකි දෙයක් නොවේ. හොරකම, ජඩකම, බලුකම, වල්කම වැනි තවත් බොහෝ දේ ඒ සදහා අත්‍යවශ්‍යය.

:       0       0

sugath Sunday, 01 August 2021 08:37 PM

ඔව් ඉතින් ඉන්නකල් කලේ ගැහැණුන්ගේ ඇඳුම් ඇදපු එකනේ. කරපු වැඩක් නෑනේ

:       0       0

Babanis Jayasekara. - Ampara Sunday, 01 August 2021 09:21 PM

දෙපාර්තමේන්තු දෙකක් නෙවෙයි සේරම ගත්තනම් හරි

:       0       23

Harsha Sunday, 01 August 2021 11:17 PM

දැන්වත් ගෙදර යමු

:       0       147

Rata Perata Monday, 02 August 2021 03:15 AM

එහෙනම් තව හොඳ විහිළු ටිකක් බලාගන්න පුළුවන් වෙයි.

:       0       69

පප්ප Monday, 02 August 2021 06:05 AM

මේ ඉන්නේ සිංහයෙක් වගේ ඇවිල්ලා ටික දවසකින් නරියෙක් වෙච්චි පොරක්නේ...

:       0       310

Chandana Monday, 02 August 2021 07:07 AM

ඔය දෙකක් නොවේ... සියල්ලම ගන්න. ඔහුට එකක්වත් හරියට කරගන්න බෑ.

:       0       241

Babanis - Ampara. Monday, 02 August 2021 10:24 AM

දෙකම වැටුණද? ඉතුරු වුණේ මොකක්ද?

:       0       234

Vithana Monday, 02 August 2021 02:45 PM

ඒකද හේතුව නැත්නම්...?

:       0       11

Roshan Monday, 02 August 2021 04:57 PM

මිනිහට හොඳම ඇඳුම් සැපයීමේ අමාත්‍යාංශය...

:       0       158

පිටිගල මිලානෝ Monday, 02 August 2021 07:38 PM

ඇඳුම් බෙදාහැරීමේ දෙපාර්තමේන්තුව පමණක් මෙයාට දෙන්න.

:       0       156

sampath Tuesday, 03 August 2021 09:47 PM

දක්ෂයි කියා තමන් කියාගන්න ය නැතිව හොයල බලලා නියම දක්ෂයන්ට තනතුරු දුන්නනම් ඔහොම ගලව ගලව ඉන්න ඕනේ වෙන්නේ නෑ

:       0       0

sam Wednesday, 04 August 2021 11:07 AM

අනේ පවු මෑනුත් ෆේල් වගේ .අනේ මන්දන්නේ නැහැ ජීවිතේටම දැකලා නැහැ මේ විදිහට ආණ්ඩුවත් ආණ්ඩුවේ ලොක්කත් ෆේල් වෙනවා .මේකත් ලොකු වාර්තාවක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩිපෝ ලොක්කන්ට රතු එළියක්
2025 අප්‍රේල් මස 25 0 0

ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීම සඳහා සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මාසයක කාලයක් ලබාදී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාං


එජාපයේ ’’භූතයන්’’ දෙන්නෙක් ගෙන් රවීට කරදර
2025 අප්‍රේල් මස 25 169 0

එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.


කෝටි තුනක බඩු ගුවන්තොටේ දමා ගිහින්
2025 අප්‍රේල් මස 25 206 0

ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහ


පහල්ගම් ප්‍රහාරය මෙහෙය වූ කෙරුමෙක් වෙඩි කයි
2025 අප්‍රේල් මස 25 221 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාරගත් ලෂ්කර්-ඊ-තලීබා සංවිධානයේ අණදෙන නිලධාරී අල්තාෆ් ලල්ලී ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී වෙඩි වැදී මියගොස් ඇ


දළදා රාජකාරියේ සිටි පොලිසියේ 2ක් මිය ගිහින්
2025 අප්‍රේල් මස 25 506 0

සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටි සැරයන්වරුන් දෙදෙනකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පො


පාප් වහන්සේට අගමැතිනිය සංවේගය පළ කරයි
2025 අප්‍රේල් මස 25 141 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයට අද (25) පැමිණ බුවනෝස් අයර්ස් හි අගරදගුරු සහ ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 778 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 373 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 525 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site