IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇමති සුසිල්ගෙන් අනාවැකියක්

(සුජිත් හේවාජුලිගේ)

ගුරුවරුන්  මේ විදියට වැඩ වර්ජන කිරීමට ගියහොත්  තව අවුරුදු පහක් යනවිට ඉගැන්වීමට පන්තිවල දරුවන් නැති වේවි යයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

එවිට ගුරුවරු අතිරික්තයක් ඇතිවනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

මේ වර්ජන  මෙහෙයවන අය මේවා  තේරුම් ගත යුතු බව පැවසූ අමාත්‍යවරයා කාට හරි අසනීප වෙලා ලෙඩ හොඳ වෙනකන් දරුවන්  බලාගෙන සිටින්නේ නැති බවද ප්‍රකාශ කළේය.



අදහස් (14)

ඇමති සුසිල්ගෙන් අනාවැකියක්

මැක්ස් Thursday, 20 June 2024 03:16 PM

කොරෝනා කාලෙත් වර්ජන කරපු දහදුරා වෘත්තීය සමිතියක්නේ ලංකා ගුරු සංගමය කියන්නේ. ඔය ස්ටාලින් සහ මහින්ද ජයසිංහ කියන දෙන්නා තොලොංචි වුණු දාක තමයි අපේ රටේ ගුරු පරපුරට හරියන්නේ. ඔවුන් ඒ දවස්වල අත්විඳපු ගෞරවය නැවත ලැබෙන්නේ...

:       13       140

බමුණුසිංහ Thursday, 20 June 2024 03:20 PM

මම එක දරුවෙක්ගෙන් ගුරු සේවයට ගන්න සූදානමක් තියෙනවා. අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්න කිව්වාම කිව්වේ මම ගුරු තනතුරට ගරු කළත් ගුරු සේවයේ යෙදීමට කැමැති නැහැ කියලා ඉතින් මම ඇහුවා. ඇයි එහෙම කියන්නේ කියලා... එතකොට කිව්වේ තනතුර ලැබුණොත් ගුරු සංගමයකට බැඳෙන්න වෙනවා. ඔවුන් කියන ආකාරයට වර්ජන කරන්න යන්න වෙනවා. එහෙම වුණොත් මගේ අපේක්ෂාව නැති වෙනවා කියලා. ඊළඟට එම දරුවා කියනවා අපි ජනතා මුදල් අරගෙන ඒවායින් යැපෙමින් දරුවන්ට සේවයක් නොකරන විට දරුවෝ පමණක් නොවෙයි, දෙමාපියන් පවා අපිට ආත්ම ගණනකින්වත් ගෙවාගන්න බැරි ආකාරයට ශාප කරාවි කිව්වා. ඒ නිසා මම ගුරු සේවයේ යෙදෙන්න කැමැති නැහැ කියලා තමයි කිව්වේ... ඒ කතාව ඇහුවාම අපි කුඩා කාලයේ අපිට ඉගැන්වීම කළ ගුරුවරු ඇත්තටම දෙවිවරු වුණත් දැන් නම් උලපනේලා මහින්දලා රුසියානු තට්ටයා ගුරු සේවය සම්පූර්ණයෙන්ම අපකීර්තියට පත්කර අවසන් කර ඇතිබව කියන්න පුළුවන්...

:       12       103

PoiBamunaThursday, 20 June 2024 03:52 PM

ආනේ කතන්දර ආතා ඇවිත්...

:       71       19

Balasuriya Thursday, 20 June 2024 04:42 PM

ගුරු ගෞරවය කියන එක බල්ලාට දැමීමට කටයුතු කළ ගුරු සංගම්... කාට කියන්නද?

:       8       74

අරවින්ද මොනරවිල Thursday, 20 June 2024 05:16 PM

දූෂණය, හොරකම හා අවභාවිතය වෘත්තීය උරුමයක් කරගත් දේශපාලුවන් ගුරු, වෙද, හෙද සේවය විතරක් නොවෙයි වෙනත් සේවාවන් ගේ අගය වටිනාකම හෝ ගරුත්වය පිළිබඳ අදහසක් හො හැඟීමක් නැහැ. ඒ නිසා, උන් උන්ටම බෙදා ගන්නවා ඇරෙන්න වෙන වෘත්තියන් ගැන ඇහැක් ඇරලා බලන්න පුරුදු වෙලා නැහැ. එබැවින් තම අයිතිවාසිකම් දිනාගන්න උද්ගෝෂණය වැඩ වර්ජන හා විරෝධතා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඔවුනට ඉතිරි කරලා නැහැ. රනිල් රාජපක්ෂ පරම්පරාවේ සුවච, කීකරු වහලුන් ඇරෙන්න අනිත් සියලුම මිනිසුන් මේ බව සක්සුදක් සේ අවබෝධ කරගෙන ඇත.

:       69       36

ජයනාත් Thursday, 20 June 2024 07:16 PM

මේ විදියට ගියොත් ඇමැතිවරුන්ට තමයි පන්තිවල උගන්වන්න වෙන්නේ... රටේ අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා.. පාසල් වලට කිසිම පහසුකමක් නැහැ. අපි තමයි සේරම පාසලට සපයන්නේ... ඩෙස්, බංකු නැහැ. අපි ලෑලි කෑලි හොයාගෙන හදලා දෙන්න ඕනෑ. සල්ලි තියෙනවා නම් ප්‍රයිවට් එකකට හරි යවනවා. උගන්වන්න ගුරුවරුන් නැහැ. තාක්ෂණය ගැන කතා කරනවා. බෝඩ් එකේ තාම හුණු කූරකින් ලියන්නේ... ඇමැති මේවා දන්නවාද? පාරෙ අලි.

:       20       47

kasunFriday, 21 June 2024 02:48 AM

ජයනාත් මහතා ගෙදර දුරකතන තියේ නම් ඩේටා කාඩ් එකක් දාලා දෙන්නඩ. ඕචචර බොරු වැඩ ඕනේ නැ

:       0       1

chandima jayasooriya Thursday, 20 June 2024 07:49 PM

ගරු සේවය රටක මූලික අඩිතාලම දමන එකම සේවය... එයට නිසිපරිදි ගරු සැලකිලි නොලැබීම රටේ පාපයක්. ගුරුවරු කියන්නේ මනුෂ්‍යයෝ. ඔවුන්ගේ රාජකාරියට කාලය සීමාවක් නැත. පැය අටක සීමාව පොත වසා ගෙදර ගොස් සැහැල්ලුවෙන් නිදාගැනීමට නොහැකියි. මුලු පැය 24 ඔවුන් දරුවන් වෙනුවෙන් වැයකරන පිරිසක්. නමුත් ඔවුන් 8 -1 30 පැය ගාණට සීමාකර වැටුප් දීමනා ලබාදීම අන්ත අසාධාරණයි. රටේ ඉහළම වැටුපක් දී තෘප්තිමත් මනසකින් රටේ දරුවන්ගේත් අපේ පුංචි රටේ එකම එකම ප්‍රාග්ධනයේත් කාරියක්ෂමතාවය නගා සිටුවීම රටේ මූලික ප්‍රතිපත්තිය විය යුතුයි. ගුරුවරුන්ට වටිනා වැටුපක් සහ කාලයට අමතරව කරන වැඩ සඳහා නිසි දීමනා ලබාදී ඔවුන්ට සතුටින් තමකාර්ය කිරිමට සහ නියම ගරුසේවය ලබාදිම ඔවුන්ට නොව අපේ රටට මතු අනාගතය වෙනුවෙනුත්ම කළයුතුම කාර්යකි. රටේ වර්තමානයේත් අනාගතයේත් රටේ ප්‍රාග්ධනය උපයන්න නියමුවෝ ගුරුවරුන්ය...

:       0       0

Mahesh Thursday, 20 June 2024 11:28 PM

කාලකන්නි ස්ටාලින් හා මහින්ද ජයසිංහ නමැති අපතයෝ ජවිපේ සමග එකතු වී ගුරුවරයාව නිකමෙක්.., රටට විනයක් කළ වගයි.

:       0       0

B Amarasinghe Friday, 21 June 2024 01:57 AM

අද පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමැතිවරු ගත්තහම වැඩිම කාලයක් අපේ රටේ අධ්‍යාපන ඇමති වෙලා ඉඳලා තියෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත්. (නිදහස ලැබුවායින් පස්සෙත් එයාමද මන්දා) ඒත් කයිවාරු විතරයි වැඩ නෑ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න එමටයි අනික මෙවර මැයි මාසයේ සාමාන්‍ය පෙල කරපු ළමයිනට ජූනි මාසයේ ඉඳන් අපොස උසස් පෙල කරන්න ඉඩ දෙනවා කියල දැන් පාසල් ගොඩක් අපහසුතාවයට පත් වෙලා. දැනට 12 හා 13 පන්තිවල කණ්ඩායම් දෙකක් ඉගෙන ගන්නවා. ඒගොල්ලනේ විෂය නිර්දේශ ඉවර කරලත් නෑ. අළුත් ළමයින්ට උගන්වන්න ගුරුවරුත් නෑ, පන්ති කාමරත් නෑ. ඇමතිගේ තීරණය නිසා සමහර පාසල්වල 13 වසර කණ්ඩායම් දෙකක් කරලා, එක් කණඩායමක් දවස් දෙකක් හා අනික් කණ්ඩායාමට දවස් තුනක් එන්න වෙලා තියෙන්නෙ කාටවත් හරියට ඉගනගන්න නෑ. තමන්ගේ තීරණයේ වැරැද්ද නිවැරදි කරන්නෙත් නෑ

:       0       0

kasun Friday, 21 June 2024 02:47 AM

වේලාවට විඩියෝ තාක්ෂණය තියෙන්නේ.. එකම පාඩස දහස් වරකි කියන්න ඕන නැ. සේරම දැන් අන්තර්ජාලයේ තියෙන්නේ ගුරුවරුන්ටට විරෝධතා තියන්න කියන්ඩ. ළමයින්ට ඕනිනේ ඉගෙන ගෙන විභාග වලට ඉන්ඩ කියන්න

:       1       2

Lalla Friday, 21 June 2024 10:42 AM

ගුරු සේවයට සාධාරණ වැටුපක් ගෙවල ඒකෙ ගෞරවය නැතිකරන හොර ගුරු සංගම්වල නායකයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්න. අධ්‍යාපනය කඩාවැටීමට සැලැස්ම හැදීම රටක අනාගතය විනාශ කිරීම. මේ ඩොලර්වලට කහින තත්ත්වය නැතිකල යුතුයි. නිවට විදේශීය කුමන්ත්‍රණ...

:       1       4

casmir Friday, 21 June 2024 11:50 AM

මගේ දෙමව්පියෝගුරුවරු , අපේ ගෙදර ලග එයාල පොඩි ඉස්කෝලයක් හදල තිබුන සමහර ළමයින්ට ඒගොල්ලෝ ඉගැන්නුවේ නොමිලේ . ඒගොල්ලෝ එක කලේ ගොඩක් කැපවීමකින් . සල්ලි ගත්තේ නැහැ , අපේ ගෙදර ගොඩක් අපහසුකම් තිබුන. එත් ඔවුන් බලපොරොත්තු උනේ අතම තෘප්තිය විතරය් . දැන් වගේ කාලකන්නි දේශපාලන පක්ෂ මෙහෙයවන වුර්තිය සමිති තිබුනෙමේ නැහැ . NPP එක මේ විදියට ගියොත් තමුන්ට තියන ඡන්ද නැතිකරගන්නවා . මමනම් කොහොමත් ඔය වර්ජන මෙහෙයවන දේශපාලනයට කැමතිම නැහැ.

:       0       3

සමන් විමල් Friday, 21 June 2024 09:10 PM

වෘත්තීය සමිති තියෙන එක පක්ෂයකටවත් ඡන්දය දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 25 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 165 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 173 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 273 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 940 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 575 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site