(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය අදියරෙන් අදියර විසඳන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය විසඳුම ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ගුරු විදුහල්පති සංගම්වලට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.
මෙහිදී අදහස් දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා දුම්කොළ බද්ද වැඩි කර ඒ මුදල් යොදවා ගුරු විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.
බුද්ධික මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා එය වැදගත් යෝජනාවක් බව පැවැසීය.
තමා එම යෝජනාව මුදල් ඇමැතිවරයාට ඉදිරිපත් කරන බවද ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති සුසිල් ගුරු - විදුහල්පති ගැටළු විසඳන හැටි කියයි
චන්දන Wednesday, 06 October 2021 12:07 PM
ඒක ත් හොඳ යෝජනාවක් .
කසුන් Wednesday, 06 October 2021 12:12 PM
මේ තවත් විදුර වගේ කෙනෙක් තමයි. කයිවාරුව විතරයි
SL Wednesday, 06 October 2021 12:23 PM
ගුරුවරුන්ට සාධාරණ වැටුපක් හිමිවිය යුතුයි වගේම ගුරුවරුන්ගේනුත් සාධාරණ සේවයක් ළමයින්ට විය යුතුයි. ගුරුවරු හරියට උගන්වනවා නම් ජනප්‍රිය පාසල්, ජනප්‍රිය නොවන පාසල් තියෙන්න බැහැ .හැම විදුහලකින්ම ළමයින් බහුතරයක් විභාග පාස් වියයුතුයි . නමුත් බහුතර විදුහල් වල දුර්වල අධ්‍යාපන තත්වයට වගකිවයුත්තේ වැඩි පඩි ඉල්ලන ගුරුවරු ,විදුහල්පති වරුන් නොවේ ද ?
chandanaWednesday, 06 October 2021 04:51 PM
ඒ්ක ඇත්ත සියල්ලෝම දක්ෂ ගුරුවරුන් නොවන්නා සේම, සියල්ලෝම නියම ගුරුවරුන්ද නොවෙයි. නියම ගුරුවරයෙක්ගෙ කාර්යක්ෂමතාවය මනින්න මිම්මක් විදිහට සමත්වන්නන්ගේ ප්‍රතිශතය යොදාගෙන, 100% නම් ඉල්ලන වැටුප දීමනාවක් ලෙසත්, අඩුවන ප්‍රතිශතයට ඒම දීමනාව වාර්ෂිකව අඩු කරන්නත් කටයුතු යෙදෙව්වොත් නියම දක්ෂ ගුරුවරු සමාජයට හඳුනගන්න පුළුවන් වෙයි.
චන්දන Wednesday, 06 October 2021 05:43 PM
ඇත්ත. අද පාසල් වල උගන්වන ගුරුවරු බහුතරයක් ඉන්නෙ රස්සාවක් නැතිකමට හොයාගෙන ආපුු විදියට. අධ්‍යාපනය ගැන කිසිදු හැඟීමක් නැහැ. මෙය වෙනස් කරන්න. ගුරුවරු ලෙස බඳවා ගන්න කොට ආකල්ප පරීක්ෂා කරන්න අවශ්‍යයි. ඒ වගේම උසස් වීමේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. අවම සුදුසුකම් විෂය උපාධියට අමතරව අධ්‍යාපන විද්‍යා උපාධියත් අනිවාර්ය කල යුතුය. එවිට ඉහළ පඩි දුන්නාට කමක් නැහැ. කාර්ය සාධනයට අනුව පමණක් උසස් වීම දිය යුතුය
Raveendra Wednesday, 06 October 2021 12:38 PM
ඇත්ත වශයෙන්ම ඉතාමත් හොද යෝජනාවක්.... එම යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට හැකි වේවා..... එලෙසම අප මෙසේ යෝජනාවක් කිරීමට කැමැත්තෙමු. කිසියම් හෝ රජයේ සේවකයන් වැඩ වර්ජන කරන්නේ නම් ඒ අදාළ කාල වකවානුව තුළ ඔවුනට හිමි වැටුප් ගෙවීම නතර කල යුතුය. නැවත සේවයට එන්නේ කවදාද එදා සිටි වැටුප් ගෙවීම් කල යුතුය. "මෙය දියවන්නාවේ ඉතා ඉක්මනින් සම්මත කරගෙන රජයේ ආයතන සංග්‍රහයට හැකි ඉක්මනින් ඇතුලත් කල යුතුමය." එමගින් ඒ ඒ වැලේ වැල් නැති දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් වලට රජයේ සේවකයන් නිකරුනේ නැටවීමට නොහැකි වෙනු ඇත.අප දන්නා පරිදේ වෙනත් රටවලද රජයේ සේවකයන් කිනම් හෝ වැඩ වර්ජනයක යෙදෙන කාලයට වැටුප් ගෙවීම් නොකරන බවය. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව "ප්‍රේම් අයියාට කියවීමට හැකි වේවා"......
chandanaWednesday, 06 October 2021 04:42 PM
හරියටම හරි.. කවුරුහරි අයිතිවාසිකම් කිය කිය වගකීම් පැහැර හරිනවනම්, ඒ්කට රජයට තියෙන හොඳම ක්‍රියාමාර්ගය මේක තමයි. පැලැස්තර දදා ඉන්නෙ නැතුව ස්ථිරසාර විසඳුමකට මේකත් ඉතා හොඳ යෝජනාවක්
ගමේ එකාලා Wednesday, 06 October 2021 04:05 PM
දේශපාලුවන් හොරාකාලා තැන්තැන්වල හන්ගලා තියෙන බිලියන ගණන් මුදල් තියෙන්නේ... අනික එයාලා අවුරුදු සියගණන් ජීවත් වෙයි කියලා පොදිගහගෙන ඉන්නවා ඇති.