IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

(හසිත රංග ගුණතිලක)

මිලේනියම් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින් ස්වදේශික අයිතීන් උදෙසා ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතවරු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද(06) උද්ඝෝෂණයක නිරත වූහ.
 
එම ගිවිසුම වහාම හකුළාගන්නැයි බල කරමින් සන්දේශයක්ද විරෝධකරුවෝ ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන්හ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (27)

ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

asanka Wednesday, 06 November 2019 07:13 AM

ජයවේවා..!

:       1318       1340

විජිත් Wednesday, 06 November 2019 07:28 AM

ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා....!!! රටේ සැබෑ අයිතිකාරයින් ඔබයි...!!!

:       887       905

යශෝධා දමයන්ති Wednesday, 06 November 2019 07:54 AM

කොහොමහරි රාජපක්ෂලා රජ කරවන විදියක් බලන්න එපැයි

:       1488       1471

upaliWednesday, 06 November 2019 08:57 AM

කවුරු රජ කරන්නත් අපිට රටක් තියෙන්න ඕන. කරුණාකරලා ගිවිසුම ගැන අවබෝධයෙන් අදහස් පළ කරන්න.

:       262       313

sugath premalalWednesday, 06 November 2019 10:03 AM

මෙතන රාජපක්ෂලාගේ දෙයක් කියන්න ඕනෑ නැහැ. අදාල දෙයට කතා කරන්න. සමහර පුද්ගලයින්ට රට ගැන කැක්කුමක් නැහැ. රටේ විනාශයට මුල එ්කයි.

:       325       398

ජෝන් සිල්වාWednesday, 06 November 2019 11:17 AM

මෙතැන රාජපක්ෂලාගේ දෙයක් නැහැ කියන්නේ කොහොමද? ඔය ඉන්න උන්නාන්සේ නිතරම මල් කැකුලට කඩේයන කෙනෙක්නේ. උන්නාන්සේට පවතින රජය පේන්නෙම ඇදේටමයි..

:       337       313

රවින් Wednesday, 06 November 2019 08:24 AM

තැඹිලි ලෙමන් පෆ් සුදානම්.

:       16       158

Galapara Wednesday, 06 November 2019 08:46 AM

පරණ රෙජීමය කාලේ කිසිම ගිවිසුමකට විරෝධය පළ කරන්න කවුරුත් ආවෙත් නැහැ. කිසිම ගිවිසුමක් කවුරුත් දන්නෙත් නැහැ. ගිවිසුම රජගෙදර අත්සන් කරලා පත්තරේ වැටුනම තමයි රටේ ජනතාව දැනගත්තේ. මේ ඔය අව්වේ තපින කට්ටිය ඒවා හොදට දන්නවා. එත් නොදන්නවා වගේ ආත්මය විකුණගෙන ඒ පැත්තට කත් අදිනවා. මේ වගේ අය ඉන්නකන් ශ්‍රී ලංකාවට අබ සරණයි.

:       401       564

ලුම්බිණි Wednesday, 06 November 2019 09:06 AM

හදිසියේම හැමෝම ඇමරිකන් විරෝධී වෙලා. විමල් වීරවංශ තවම නැත්තේ මොකද?

:       607       584

Weera Wednesday, 06 November 2019 09:21 AM

මොකක් හරි කෙන්ගෙඩියක් සොයාගන්නවා.. මහජනතාවට හිරිහැරවෙන විදිහට...

:       19       236

lalithm Wednesday, 06 November 2019 09:44 AM

එයා හැමදාම වීරවංශ. හොඳට බලන්න මේ රැස්වෙලා ඉන්න අයවලුන් දිහා... මොනතරම් ජාතිමාමක බුද්ධිමතුන්ද?

:       46       147

kamal Wednesday, 06 November 2019 09:52 AM

වේගයෙන් දියුණු වෙන රටක ලක්ෂණ මේ පින්තූරවලින් පැහැදිලි වෙනවා. වැඩ කරන වයසේ මිනිසුන්ට බෝඩ් අල්ලාගෙන මේ විදියට කාලේ මරණකොට රටේ ආර්ථිකේ (එහෙම දෙයක් තියෙනවා නම්) තරම ගැන හිතා ගත්ත හැකි නේද?

:       89       211

nimal Wednesday, 06 November 2019 10:01 AM

"Rent a Crowd " කියලා ඉංග්‍රීසි කතාකරන කලිසම් මහත්තුරු කියන්නේ මේවලටද?...

:       62       154

sirimal Wednesday, 06 November 2019 10:16 AM

රැල්ලට බොරුකියන දේශපාලකයින් හා ඒවාට ඉහළ ප්‍රචාරයක් දෙන්නන්, පතුරුවන මුසාවාද අද සමාජය විසින් කිසිඇහිල්ලක්, බැලිල්ලක් නැතුව බාරගන්නා බවයි.. මේ වගේ දේවල්වලින් පෙනෙන්නේ... ඇමෙරිකන් ගිවිසුමේ තියෙනවා යැයි කියන "කොළඹ හා ත්‍රිකුණාමලය අතර ඇමරිකන් කොරිඩෝව" සම්පූර්ණ හිතළුවකි. ඇත්ත නම් දිස්ත්‍රික්ක 7ක් සඳහා නව තාක්ෂණය යොදාගෙන ඉඩම් මැනීමේ කටයුතු සිදුකිරීමට උදව්දීම මේ ගිවිසුමට ඇතුළත් වීමයි. මේ දිස්ත්‍රික්ක 7ට කුරුණෑගල, මාතලේ, අනුරාධපුර, ත්‍රිකුණාමලය අයත් වන නිසා ඒ හරහා ඉරක් ඇඳ මේ ඇමරිකන් කොරිඩෝ කතාව නිර්මාණය කර ඇත. මේ දිනවල බොහෝ අය විදෙස් විත්ති විචාරකයින් වී ඇත. එයට හේතුව ඔවුන් දේශපාලකයින්ගේ බොරුවලට මුලා වී සිටීමයි. මේ ගිවිසුම අත්සන් කිරීම කල්දමා ඇති නිසාත් මතු යම් දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන නිසාත් මෙහි රහස්‍ය භාවයක් ඇති බවක් පෙනෙන්නටද නැත. දැන් ඇසිය යුතු ප්‍රශ්නය වෙන්නේ ඇමරිකන් ගිවිසුමට මෙතරම් විරුද්ධ අය තම බිරිඳ සහ දරුපවුල ඇමෙරිකානු පුරවැසියන් වෙන හිටපු ඇමෙරිකානු පුරවැසියෙකුට ඡන්දය දෙන්න සිත සදා ගන්නේ කොහොමද යන්නයි...

:       261       451

විජිත් Wednesday, 06 November 2019 01:00 PM

සිරිමල් මල්ලි ඔබ හරි, මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඔය ගිවිසුම් 3 ගැනයි. මේ ගිවිසුම්වලට ගෝඨාභයත් 50%ක් වග කියන්න ඕනෑ. ඉතිරි 50% මේ රජය. එ් නිසා මෙය මහජනතාව හොඳින් වටහාගන්න ඕනෑ. ගෝඨා ආවත් මේ ගිවිසුම අත්සන් කරන්න වෙනවා. මොකද ගෝඨා කියන්නේ ඇමෙරිකන් ප්‍රාණ ඇපකරුවෙක් පමණයි... ඒ නිසා තමයි සියලුදෙනාම මේ නරි ඔක්කොම අතහැරලා විකල්ප බලවේගයක් වෙත යොමුවිය යුත්තේ... අපිට තව දවස් 10 ක් තියෙනවා. අපේ රට රැකගන්න. මේ අපි ඔක්කොගේම "අම්මා" . එතුමියව ඩොලර් මිලියන 450කට විකුණන්නට තරම් අධම නීච දේශපාලුවන්ට මහපාරේදීම නඩු අසා දඬුවම් දෙන දිනය නම් වැඩි ඈතක නැහැ.

:       255       303

jagathThursday, 07 November 2019 12:37 AM

ඇයි ඉතින් ඔය ඉඩම් මැනිල්ල කොළඹ හා ත්‍රිකුණාමලය අතරම කරන්නේ? ඔය ඉඩම් මැනිල්ල දකුණු පළාතේ දිස්ත්‍රික්ක වල කරන්න බැරිද?

:       0       33

sharm warnThursday, 07 November 2019 07:56 AM

අයි අනේ දකුණේ ඔය දේවල් කලාට රට දෙකට කැඩෙන්නේ නැහැනේ. අනික ගාලු වරාය වගේද ත්‍රිකුණාමලේ ? රජ කාලේ ඉදන් තියෙන හොද යුධමය වටිනාකමක් ඇති වාරයක්නේ.

:       1       14

sirimalThursday, 07 November 2019 11:06 AM

ඇමෙරිකාව විසින් මෙම අධාරය ලබාදෙන්න මහින්ද රාජපක්ෂ පාලන කාලයේත් යෝජනා උනා. ඒකාලයේ හැම ව්‍යාපෘතියකින්ම සියයට 10 ක කප්පමක් ඉල්ලන කෙනෙක් මේකටත් ඔලුව දාපු නිසා ඇමෙරිකාව එම යෝජනාව අස්කරගත් බවයි කියන්නේ.

:       32       14

jagathThursday, 07 November 2019 11:29 AM

සිරිමල් කියන කොමිස් කතාව ඇත්ත වෙන්ට පුළුවන්. නමුත්, සිරිමල්ට කියන්ට පුලුවන්ද මේ ඉඩම් මැනිල්ල රටේ වෙන පළාතක නොකර, කොළඹ හා ත්‍රිකුණාමලය අතරම කරන්නේ ඇයි කියලා?

:       1       15

බද්රානි Wednesday, 06 November 2019 11:31 AM

නරි හූවටත් මහපාරට බස්සවන්න පුළුවන් නරි රැලක් අප රටේ සිටීම ගැන අපි එක අතකට සතුටු විය යුතුයි. මේ ගිවිසුම කළුද, සුදුද කියලාවත් දැක නැති නරි රංචු තමයි මේ සද්දෙට හූ කියන්නේ? මේ ගිවිසුමේ, ඇමරිකන් හමුදාවක් ගැන හෝ අක්කර ලක්ෂ දොළහක් ඇමරිකාවට අයත් වෙන බව, මොන ඉංග්‍රීසියෙන්ද, කොතැනද ඔය ගිවිසුමේ තියෙන්නේ?

:       383       369

Dr.Aruni PereraWednesday, 06 November 2019 12:50 PM

ඔබ බොරුවට කෑගහන්න එපා. මෙයින් පෙන්වන්නේ ඔබගේ අධ්‍යාපනයයි. ඔය ගිවිසුමේ පිටු 80ක් ඇතුළු සෑහෙන ඇමිණුම් ප්‍රමාණයක් තියෙනවා. ගිවිසුම කොටස් 3 යි. හොඳ ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. සමහර කොටස් දෙපැත්ත කැපෙන ඒවා. ඉස්සෙල්ලා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න. නිකම් යස් නෝ ඉංග්‍රීසි නොවෙයි. අපි ඔය ගිවිසුම කියවලා තමයි මේ කොමෙන්ට්ස් දමන්නේ. ඔබ කියන විදිහට නීතිඥ සංගමයත් මේ ගිවිසුම ගැන කියන්නේ බොරුද...? තමන්ගේ මෝඩකම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න එපා. මමත් ගැහැණියෙක්.. හැබැයි ඔබේ මොලේ නම් හැඳිමිටටත් අඩුයි ....ලැජ්ජයි..

:       369       317

නාමල් Thursday, 07 November 2019 12:54 PM

තනතුර රෙද්ද පල්ලෙන් වැටෙනවා.

:       0       0

thimothi - kalaniya Wednesday, 06 November 2019 12:53 PM

මහ ජනතාවට නරි කියන්න ඔබ කව්ද...? මට පෙනෙන්නේ ඔබ මංගලගේ සාරියකට හරි චීත්ත කෑල්ලකට හරි නැතිනම්... එකකට හරි වහවැටිලා රට වෙනුවෙන් පෙරට එන මිනිස්සුන්ට නරි කියනවා. බලාගෙන ඉන්න ඔබගේ වතු පිටි හරහාත් ඇමෙරිකන් කාරයෝ ගෙනයන දවස වැඩි ඈතක නැතිබව...

:       387       223

YapaWednesday, 06 November 2019 04:06 PM

මෙයා හැමදාම ඔහොම තමයි.. තමන් තරම් වෙන දන්න කෙනෙක් නෑ කියල තමයි හිතාගෙන ඉන්නේ..

:       107       23

Gunapala Wednesday, 06 November 2019 02:11 PM

මේ ගිවිසුම රටට ලොකු හානියක්. ජනතාවට අහන්න තියෙන්නේ ඉතා පොඩි දෙයයි. ඇයි මේක කඩිමුඩියේ මේ ඡන්ද අස්සේ අස්සන් කරන්න දතකන්නේ? බොහොම සරලයි තේරුම. රෑට කෑම පොලිසියෙන්, දවල් කෑම උසාවියෙන්..

:       3       55

mahinda Wednesday, 06 November 2019 11:06 PM

හැමදාම ඡන්දයක් එනකොට රට බෙදන කතා. පිටරට වලට මෙරට උගස් තියන කතා එනවා ඡන්දෙත් එක්කම යනවා. අවසන් අවස්ථාවකුත් එනවා එකත් යනවා. ඕව තමයි විහිළු.

:       8       1

Chanak los angeles Thursday, 07 November 2019 05:05 AM

හරි අපි කියමුකෝ එජාපය මේ ගිවිසුම ගෙනාවා කියා එතකොට සාටක අනුගාමිකයන් වන විමල්ලා උද්ගෝෂණය කරමින් කියා හිටියනේ ගිවිසුම හකුලා ගනු කියා ... ඊට පසු සාටකයන්ගේ මාද්‍ය හමුවේදී මාද්‍ය වේදියෙක් පුන පුනා අහනවනේ මේ ගිවිසුම එජාපය අත්සන් කලොත් ඝෝටා දිනුවට පසුව ඔබලා විසින් එය අහෝසිකරනවාද වගේම එජාපය අත්සන් නොකලොත් ඔබලා දිනුවට පසුව එය අත්සන් කරනවාද කියා ... එවිට බන්දුල හා ඩලස් කියන්නේ නැහැ නේද ඔවුන් එම ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ඒ වෙනුවට මාද්‍ය කරුවා නොමග යවන ප්‍රකාශ නේද කරන්නේ ?

:       100       104

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 59 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 31 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 520 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 547 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4404 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21171 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20463 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site