IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි

ඊශ්‍රයාලයට දිගින් දිගටම සහාය දෙන බව පවසමින්, තවත් යුද නෞකාවක් ඊශ්‍රායලයට අසල මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.

ඇමෙරිකන් නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යූ.එස්.එස්. ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් නමැති යුද නෞකාව මෙසේ මධ්‍යධරණී මුහුදට යැවූ බවය.

හමාස් සටන්කාමීන් එල්ල කරන ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පවසමින්, ඇමෙරිකාව පසුගිය සතියේ ද යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදට යැවීය. ඒ, යූ.එස්.එස්. අයිසන්හවර් නෞකාවය.

යූ.එස්.එස්. අයිසන්හවර් සහ යූ.එස්.එස්. ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් යනු ප්‍රහාරක යානාවලින් ද සමන්විත ඇමෙරිකාව සතු අති ප්‍රබල යුද නෞකා යැයි පැවැසෙයි.

මේ අතර ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී, හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ සහ ඉරාන විදේශ අමාත්‍ය හුසෙයින් අමීර් අබ්දුල්ලාහියා අතර හමුවක් කටාරයේ දෝහා නුවරදී පැවැත්විණි.

2007 වසරේ සිට ගාසා තීරයේ බලයේ සිටින්නේ හමාස් සංවිධානයයි. මෙය දේශපාලන අංශයකින් සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගන්නේ සන්නද්ධ අංශ සාමාජිකයන්ය.

ඊශ්‍රායලය, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් කීප දෙනකු හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.

ඉස්මයිල් හනියේ හමාස් සංවිධානයට දිගින් දිගටම සහාය දෙන බවට ඉරාන රජය වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

ගාසා තීරයට සැපැයෙන ආහාර, ජලය සහ විදුලිය ද නවත්වා, ගාසා සිවිල් වැසියන් දැඩි පීඩාවට ලක් කරමින්, එම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් යැයි ඉරානය ඊශ්‍රායලයට චෝදනා කර තිබේ.

ඊශ්‍රායලය දිගින් දිගටම යුද අපරාධ කරමින් පලස්තීනුවන් සමූල ඝාතනය කරන්නේ නම් ඊශ්‍රායලයට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බව ඉරානය පවසා තිබේ.



අදහස් (1)

ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි

Siyambalapitiya Sunday, 15 October 2023 03:07 PM

ඊශ්‍රායල් අයිති පලස්තීනෙට .ඇමරිකන් සහ එංගලන්තේ තමයි යන්න එන්න තැනක් නැති යුදෙව්වන්ට පලස්තීනේකෑල්ලක් දුන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 1444 3

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි
2025 අප්‍රේල් මස 25 646 2

මිද්දෙණිය පොලිස් වසමේ ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට , යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන 31 හැ


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 522 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 566 1

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 4341 1

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 712 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 745 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 363 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 514 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site