IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද (12)  කොළඹ වරායට සේන්දු විය. 

එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. 

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ. 

තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

 



අදහස් (19)

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

nimal Ekayanayaka Sunday, 12 May 2019 11:06 AM

ඇමෙරිකානු හමුදාව යන්නේ කොතැනටද එතන යුද්ධ.. අනේ මගේ රටට වෙන්නේ මොකක්ද? මේ හමුදා ගේන්න මේ දේශපාලකයින්ට පිස්සුද?

:       1022       1009

JayanthaSunday, 12 May 2019 11:43 AM

යන්නේ කොහෙද මල්ලේ පොල්... මේක අයිසේ ලංකාවට දීපු තෑග්ගක්. ස්තුතියි ඇමෙරිකා....

:       358       373

ඇත්ත සත්‍යපාල Sunday, 12 May 2019 10:17 PM

බේබදු, සූදු කෙලින තාත්තලාට ඉඳහිට අරක්කු බෝතලයක්, අතට කීයක් හරි දීලා එයාගේ බිරිද පමණක් නොව අනෙක් කාන්තාවනුත් අනියම් බිරින්දෑවරුන් කර ගන්නා, අතේ පිරිත් නූල් දහය පහළොව බැඳගෙන සුදු ඇඳගෙන ඉන්න සල්ලිකාර සත් ගුණවත් පොරවල් ඉන්නවා. මේකත් එයට දෙවැනි නෑ. ඉවත්කරන නැවක් තෑගි දෙන්නේ අපි ගැන දරු කැක්කුම පහළවෙලා කිරි එරිලා කියලා හිතන ලෝක දේශපාලනය නොදන්නා අය තවත් බුරුතු පිටින් අපේ රටේ ඉන්නවා. අපේ ආණ්ඩුත් අර බේබදු තාත්තලා වගේ. එතැනයි වරද...

:       0       0

rasithaMonday, 13 May 2019 04:07 AM

මල්ලේ පොල් නම් පේනවා කොහෙද තියෙන්නේ නොමිලේ දීපු තෑග්ගක් කියලා ?

:       18       32

SamanSunday, 12 May 2019 02:42 PM

අයියෝ, විමලේ වගේ ලිං මැඩියෙක්...

:       202       167

Randy Sunday, 12 May 2019 12:22 PM

නිමල් මහත්තයෝ ඔයා මෝඩයිනේ.. පළමුව ප්‍රවෘත්තිය කියවන්න. පසුව කමෙන්ට් කරන්න.

:       52       132

AmaraSunday, 12 May 2019 02:36 PM

ඔය නිමල්ලගේ වැඩේ නිදියන එක... උනේ මොකද්ද දන්නේ නෑ.

:       1       42

ravi Sunday, 12 May 2019 01:02 PM

පත්තර කියවන්නෝද..? නැත්තම්.. තක්කු.. මුක්කු වෙච්ච " පොහොට්ටුවෝද?

:       25       240

beau Sunday, 12 May 2019 01:07 PM

බලන්න ඕක යට සෙන්සර්ස් අටවලද කියලා...

:       0       31

numalMonday, 13 May 2019 03:56 AM

ඔන්න හොඳ කතාවක්.

:       1       1

victor Sunday, 12 May 2019 01:25 PM

ඉස්ලාම් ත්‍රස්තවාදය ලෝකයේ ගොඩ නැගුවේ ව්‍යාප්ත කලේ ඇමෙරිකාවයි. තම ජාතික ආර්ථික උවමනා සඳහා ලෝකය පුරා ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කර අවි විකිණීම, තෙල් සම්පත් තම රටේ කොම්පැනි ලවා සොරා කෑම කරන්නේ ඇමෙරිකාව. මේ තත්වය ලාංකික අප තේරුම් නොගත්තොත් යලිත් අප රට යුද බිමක් වේවි. අපේ යුදබිමට කොන්දේසි දමා ආයුධ ගන්න මුදල් දේවි. ත්‍රිකුණාමලයේ ඇමෙරිකානු යුධ කඳවූරක් හදා ගැනීම ඇමෙරිකාවේ එක උවමනාවක්. චීන බලය ඉන්දියන් සාගරයෙන් සහ ලංකාවෙන් තුරන් කිරීම ඇමෙරිකාවේ තව අරමුණක්. ඇමෙරිකාව ලංකර ගත්තොත් මේ විනාසය අපේ අත ළඟ. ලංකාව සිරියාවක් ,යේමනයක්, ඇෆ්ගනිස්ථානයක් , කරාවි.

:       54       706

RangaMonday, 13 May 2019 03:42 AM

වික්ටර් මයා, ඔයා කියන එකට මම සියයට සීයක්ම එකගයි. මොනවා කරන්නද අපේ මිනිසුන්ට එක තේරෙන්නේ නෑ. ඇමෙරිකාව අපිට තෑගි දෙනවා කියල හිත ගෙන ඉන්නේ. ඇමෙරිකාව අපිට ගොඩක් ආදරෙයිනේ. ඒක අපිට ජිනීවා වල තේරුණානේ. මේකත් ඒ අයගේ තවත් එක පියවරක්...

:       2       0

බන්දුල Sunday, 12 May 2019 02:01 PM

මේක සෑහෙන්න ඉතිහාසයක් තියෙන නැවක්... ඇමරිකන් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේක සේවයෙන් විශ්‍රාම ගැන්වූවායින් පසු ලංකාවට දුන්නා. මෙ නැවේ නාවිකයන් 170කට ආසන්න ප්‍රමාණයක් සේවයේ නියුතු වනවා. අධිබලැති ඩීසල් එන්ජින් 2ක් සහ ගෑස් ටර්බයින් 2කින් මෙම නැව සන්නන්ධ වන අතර එක දිගට දින 45ක් මුහුදේ රාජකාරි කළ හැකියි. ඇමරිකාව සතු නාවික ශක්තිය එක්ක බලද්දී මේක ඩිංගි බෝට්ටුවක්. හැබැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම සහ හෙළිකොප්ටර් ගොඩබා හැකි නැව මෙයයි.

:       2       531

පත්තර කියවන්නෝ Monday, 13 May 2019 03:05 AM

මෙය 1968 වර්ෂයෙ සිට අමෙරිකානු නාවික හමුදාවට සේවය කල වසර 50ක් පැරණි නැවකි. නමුත් ලංකාවට තිබෙන විශාලතම නැව මෙය වේ.

:       0       6

isurandi Monday, 13 May 2019 08:47 AM

මේ සමහරක් ප්‍රතිචාර දිහා බැලුවම අපේ මිනිස්සු කොතෙක් දුරට ප්‍රවෘත්තියක් මුල සිට අගට කියවනවද? බලනවද? කියන එක ප්‍රශ්නයක්. ඔහේ උඩින් පල්ලෙන් කියවලා කුණුහරුප ලියනවා. කනට ඇසට ගැටෙන දේ ක්ෂණිකව දුටු පමණින් වැරදි මත ගොඩනගන්න මේ සමහරක් අය කටයුතු කරනවා.

:       37       9

Jayantha Monday, 13 May 2019 10:07 AM

ඇමෙරිකානු යුද්ධ නැවක අණ දෙන නිලධාරියා සිංහල වුනේ කොහොමද රසිත... ?

:       13       17

victor Monday, 13 May 2019 02:39 PM

ඉසුරන්දී ඔබ ලංකාවේ පත්තර වල පමණක් නොවෙයි, ලෝකය පුරා සිදුවන්නේ මොනවාදැයි විචක්සන බුද්ධයෙන් බලන්න. ලෝක පුවත් ගවේශණය කරන්න. එවිට ඔබේ නැණස පුළුල් වේවි. දැනටමත් ඇමරිකාව ලංකාවේ වැඩ අල්ලා හමාරයි. ඉතුරු ටික පස්සට බලාගන්න පුළුවන්.

:       3       24

isurandiMonday, 13 May 2019 06:08 PM

වික්ටර්, මට උවමනා වුනේ මාතෘකාවට අනුව ප්‍රතිචාර දක්වන්නයි. නැතුව ඇමෙරිකාවට ගොට්ට අල්ලන්න නෙමෙයි .

:       0       3

indu Arachchige Tuesday, 14 May 2019 01:23 AM

වඩාත් වැදගත් වන්නේ අපේ ආරක්ෂක උපක්‍රම, නිලධාරීන්ගේ සාකච්ඡා, රෙකෝඩ් කළ හැකි සහ අපේ තොරතුරු වලට රිංගා ගැනීමට හැකි උපකරණ කීයක් මේකේ සවි කර තිබෙනවා දැයි සොයාබැලීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ
2025 පෙබරවාරි මස 12 505 0

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ


දිසා කීපයකට සුළු වැස්සක්
2025 පෙබරවාරි මස 12 89 0

මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 12 175 0

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා


නවම් පොහෝය අදයි
2025 පෙබරවාරි මස 12 236 0

නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.


සැකකරුවකු මැරුණැයි පොලිසියට විරෝධයක්
2025 පෙබරවාරි මස 12 527 0

වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ.


අය වැයෙන් රැකියා 30,000
2025 පෙබරවාරි මස 11 107 0

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 109 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 905 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site