IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘ඇමෙරිකානු හඬ‘ මධ්‍යස්ථානය පිහිටි ඉරණවිල භූමිය විදුලිබල මණ්ඩලයට ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

 
ඉරණවිල ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි ඉඩම, විදුලි බලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
 
ඒ සඳහා ඇමැතිවරයා විසින් කැබිනට් සංදේශයක්ද ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
 
ඉරණවිල පිහිටා තිබූ ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය වසා දමා ඇති අතර, එහි ඉඩම සහ යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා රජයට බාරගෙන තිබේ.
 
එම ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි භූමිය අක්කර 400ක් පමණ වන අතර, ස්වාභාවික වායු බලාගාරයක් සහ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට එම ඉඩම වඩාත් සුදුසු බව ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
 
විදුලි බලාගාර ඉදිකිරීමේදී සුදුසු ඉඩමක් සොයාගැනීමේ ගැටලුවට මෙමගින් විසඳුමක් ලැබෙන බැවින් මෙම ඉඩම බදු ගිවිසුමක් මත විදුලි බල මණ්ඩලයට ලබාදෙන්නැයි ඇමැතිවරයා ඉල්ලා ඇත.



අදහස් (11)

‘ඇමෙරිකානු හඬ‘ මධ්‍යස්ථානය පිහිටි ඉරණවිල භූමිය විදුලිබල මණ්ඩලයට ඉල්ලයි

නානා Sunday, 08 March 2020 07:58 AM

මේ පිටුපස තවත් කතාවක් තිබිය යුතුය. ඔවුන්ට සූර්ය ගොවිපල ඉදිකිරීමට අවශ්‍ය නම් හොඳම ප්‍රදේශය මන්නාරමයි. එය ජීව වායුව නම්, ඔවුන් අමුද්‍රව්‍ය සොයා ගන්නේ කෙසේද? එය විශාල සැඟවුණු කතාවක් වනු ඇත.

:       56       2

Walter WhiteMonday, 09 March 2020 12:12 AM

ස්වභාවික වායුව කියල අදහස් කරලා තියෙන්නේ නැචුරල් ගෑස් හෙවත් පෙට්‍රෝලියම් ගෑස්, මේවා පෙට්‍රෝලියම් නිධි, ගල් අඟුරු නිධි ආශ්‍රිතව හෝ පොලවේ තැන්පතු ලෙස පවතින ගෑස්, පෙට්‍රෝලියම් පිරිපහදු කිරීමේදීත් නැචුරල් ගෑස් නිපදවෙනවා. ඒවා ඊතෙන් ප්රෝපෙන් බියුටෙන් වගේ සංකීර්ණ කාබන් පදනම් වුනු ගෑස්, ජීව වායුව කියන්නේ කාබනික ද්‍රව්‍ය ආශ්‍රිතව නිපදවන හෝ ස්වභාවිකව නිපදවෙන ගෑස්, ප්‍රධාන වශයෙන් තියෙන්නේ මීතේන් වායුව.

:       2       14

Pradeep Sunday, 08 March 2020 08:20 AM

හොඳ යෝජනාවක්...

:       0       30

Raveendra Sunday, 08 March 2020 10:45 AM

ඇත්තෙන්ම මෙම ඇමෙරිකන් හඬින් මගින් අප රටට වුණු සේවය කුමක්ද යන්න අප අවංකව දැනගැනුමට කැමැත්තෙමු. එබැවින් ඒ පිළිබඳව දන්නා කෙනෙකු සිටියි නම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. කරුණාකර මෙම ඇමරිකානු හඬ පිළිබඳව තමන් දන්නා නිවැරදි තොරතුරු අප සමග බෙදාගන්නේ නම් අප එය අගය කරන්නෙමු. එලෙසම එක එක ගොන් තකතීරු පක්ෂ, පාටවලට වන්දනාමාන කරන අදහස් අපට නම් දැනගැනුමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ සත්‍ය තොරතුරු පමණි. අරයා තමයි කෙරුවේ, මෙයා තමයි කෙරුවේ ඒ ගොන් පාට් අපට අවශ්‍ය නැත.

:       1       30

VipulSunday, 08 March 2020 12:04 PM

වොයිස් ඔෆ් අමෙරිකා යනු ඇමරිකාවේ ගුවන් විදුලි ආයතනයකි. කෙටි තරංග ආසියාවට ප්‍රතිවිකාශය සඳහා මෙම ඉඩම ඔවුන් විසින් බඳවා ගනු ලැබීය. දැන් කෙටි තරංග ගුවන් විදුලිය අභාවයට ගොස් ඒ වෙනුවට එෆ්.එම්. ගුවන් විදුලිය සහ ඉන්ටර්නෙට්, සැටලයිට් රූපවාහිනි ජනප්‍රියව ඇත. එමනිසා ඔවුන් විසින් කෙටි තරංග විකාශය අත් හරින ලදි.

:       0       17

Athua kSunday, 08 March 2020 02:11 PM

විපුල කියන එක ඇත්ත. මම මෙහි ඉදිකිරීම් වලට සම්බන්ධ වුණා. මේ වනවිට ලංකාවේ සිරස FM අාරම්ඹ කරලා තිබුනේ. මොවුන් අතිවිශාල වියදමක් දරලා මේක ඉදිකලේ මෙය දැක දැක... විපුල කියන විදියටම මෙය ඔවුන් හැඳින්වූවේ වොයිස් ඔෆ් ඇමෙරිකා රිලේ ස්ටේෂන් යනුවෙන්...

:       0       4

විජිත් Monday, 09 March 2020 12:32 AM

රවින්ද්‍ර මල්ලි,මේ කියන වොයිස් ඔෆ් ඇමෙරිකා පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන අපේ රටේ ජනාධිපති කාලේ. ඒ කාලේ ඇමෙරිකාවේ ජනාධිපති රේගන්. මේ දෙදෙනාගේ හිතවත් කමත් ජේ.ආර්ගේ ඇමෙරිකන් ගැතිබවත් නිසා ඉන්දියාවේ විරෝධය මැද මෙය ඉරණවිල පිහිටවූවා. මීට කලින් තායිලන්තයේ voa relay station එකක් පිහිටවූවා. ඊටත් කලින් මොරොක්කෝවට ආසන්නයේ ඇති ටැන්ජියර්වල කිලෝ වොට් 5000ක (කිලෝවොට් 500යේ ට්‍රාන්ස්මීටර් 10ක්) ස්ටේෂන් එකක් පිහිටවපු නිසා දකුණු ආසියාවටත්, චීනයටත්, රුසියාවේ මායිම් ප්‍රදේශවලටත් වීඕඒ ගුවන් විදුලි විකාශනයන් ඒ ඒ රටවල භාෂා වලින්ම වඩාත් පැහැදිලිව විකාශනය කිරීමට ඇමෙරිකාවට හැකිවුණා. ඉරණවිල තිබුණේ කිලෝවොට් 500යේ ට්‍රාන්ස්මීටර් 4ක් සහ කිලෝවොට් 250ක ට්‍රාන්ස්මීටර යුගලයක්. මට මතකයි මගේ ගුරුවරයෙකුත් වුණු මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මහතා මේ ආයතනය පරීක්ෂා කරන්නත් ගියා.. ඔත්තු සපයන යන්ත්‍ර මෙහි සවිකරලා තිබෙනවද කියා බලන්න.1995 හෝ 1996 මෙහි ගින්නකුත් හටගත්තා කියලා මට මතකයි. එපමණක් නොවෙයි මෙහි සේවය කළ මගේ හිතවත් ගුවන් හමුදාවේ නිලධාරියෙක් ඉන් ඉවත්වුණා අධික " හිසේ අමාරුවක් " ගැන කියමින්...

:       0       18

විජිත් Monday, 09 March 2020 01:12 AM

රවින්ද්‍ර මල්ලි, වොයිස් ඔෆ් ඇමෙරිකා රිලේ ස්ටේෂන් එකෙන් අපේ රටට යහපතක් නම් වුනේ නැහැ. පුරුදු ලෙසම එවකට සිටිය ජේ.ආර් ගේ රජය රජය බදු මුදලක් හරි මොනවා හරි ගන්න ඇති. ඒ වගේම ඔය ප්‍රොජෙක්ට් එක හරහා මොනතරම්... රටවල් කීයක රහස් ඇමෙරිකාව සොයාගත්තද කියලා දන්නේ ඇමෙරිකාවම පමණයි. දුර්වල ගුවන් විදුලි තරංග නැවතත් ප්‍රබලකොට එක එක දිශාවන් වෙත යොමුකරන රිලේ ස්ටේෂන් එකක් නමින්..., ඊට එහා ගිය රටවල් වල ඔත්තු සෙවීමට යොදාගන්න උපකරණත් මෙහි තිබුණාද කියා ප්‍රශ්නයක් එ්කාලෙත් පැන නැගුණා. මගේ ගුරුවරයෙක් වුණු මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මහත්මයා පුද්ගලිකවම එහි ගොස් ඒ පිළිබඳව සොයා බැලුවා. ඒ වගේම එහි තිබූ සමහර විශේෂිත කේබල්ස් වගයක් ගැන එතුමා සැක පහළ කළා. ඒ වගේමයි මගේ හිතවත් ගුවන් හමුදා නිලධාරියෙක් එහි සේවය කොට ටික කලකින් ඉන් ඉවත්වුණා "අධික හිසරදයක්" ගැන කියමින්. ඉන්පසු එහි සේවයකළ බොහෝ දෙනෙක් ඒ හිසරදය ගැන පැමිණිලි ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ගුවන් විදුලි මධ්‍යස්ථානවල ඇති ටවර් අශ්‍රිතව ප්‍රබල විද්‍යුත් චුම්බක ක්‍රියාකාරීත්වයක් ප්‍රේරණයවන නිසා මේ අපහසුව ඇතිවන බව මගේ අදහසයි.

:       0       23

ලුම්බිණි Sunday, 08 March 2020 12:26 PM

මම අසා තිබෙන විදියට මෙම සම්ප්‍රේෂණ කුළුණු සහ විකාශන යන්ත්‍ර පාවිච්චි කලේ වොයිස් ඔෆ් ඇමෙරිකා ගුවන්විදුලි සේවය ආසියානු රටවලට විකාශනය කිරීම සඳහායි. මේ සඳහා ඇමෙරිකාව ලංකා රජයට මුදල් ගෙව්වා...

:       0       30

රසික Sunday, 08 March 2020 03:16 PM

1990 ගණන්වල මෙම ඉඩම වොයිස් ඔෆ් ඇමරිකා එකට දෙද්දී එවකට විපක්ෂය කෑගහපු විදිය දන්න අය නැද්ද දැන්...? මෙන්න ලංකාව ඇමරිකාවට පාවල දෙනෝ... ලංකාව ඇමරිකාවේ කොළණියක් කරන්නයි හදන්නේ.. යූ.එන්.පී. ය ඇමරිකාවට ලංකාව විකුණනවෝ... දැන් කෝ එහෙම කියපු අය...?

:       52       133

Kumar Monday, 09 March 2020 02:30 AM

ස්වභාවික වායු විදුලිබලාගාරයක් තැනීමට සුදුසු කොළඹ ආසන්න බිමක් සොයා ගන්න ඕනේ... එක හේතුවක් ආනයනය කරන මේ වායුව ගෙනෙන්නේ අධික ලෙස සීත කළ දියරයක් හැටියටයි. එම දියර තැන්පත් කරන්නේ භූගත විශාල අධික ලෙස ආවරණය කළ ටැංකි තුළයි. කෙතරම් ආවරණය කළත් එම ටැංකි අසල භූමිය අයිස් කුට්ටියක් බවට පත්වෙනවා. කොළඹ වරායට නුදුරු ස්ථානයක් මෙ කටයුත්තට යෝග්‍යයි. අනෙක් හේතුව උත්පාදනය කරන විදුලිය යන්නේ කොළඹට නගරයට සහ අවට ප්‍රදේශයට නිසයි...

:       0       51

ඔබේ අදහස් එවන්න

දියත

‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 14 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 162 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 1074 2

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 252 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 78 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
2024 නොවැම්බර් මස 27 294 0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site