(ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 2024 ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනය සහ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු , ඔවුන් ඉදිරිපත් කළ නව නිර්මාණ සදහා සම්මාන හිමි කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (22) පැමිණියහ .
මෙම තරගාවලිය සහ ප්‍රදර්ශනය ඇමෙරිකා එක්සත් ජනපදයේ , ලොස් ඇංජලීස් නුවර ඉකුත් 11 සිට 17 දක්වා ලෝකයේ රටවල් 67 ක ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 1,700 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙහිදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නදීශ ප්‍රතිභාන සිසුවා විසින් ඉදිරිපත් කළ රණවරා මල් වලින් දියවැඩියාව සුව කිරීමේ හැකියාව සොයා බැලීමේ පර්යේෂණ නිබන්ධනය සදහා " Comiunity Inovater " සම්මානය හිමි වී තිබුණි .
එසේම කුළියාපිටිය සාරානාත් විද්‍යාලයේ චිරාත් සේනානායක නිර්මාණය කර ඉදිරිපත් කළ කරාමයකින් වතුර නිකරුණේ පිටතට ගලා යාම සහ ජල කරාමයක් අලුත්වැඩියා කිරීමේ දී ප්‍රධාන ජල සැපයුම් පාලන කරාමය ( Gate Valve ) වසා නොදමා අලුත්වැඩියා කර ගත හැකි වැඩි දියුණු කළ පර්සෙස් සොකට් එකක් නිර්මාණය කිරීම වෙනුවෙන් තිරසර සංවර්ධන භාවිතය සදහා වූ සම්මානය පිරි නමා තිබුණි .
එමෙන්ම නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ හර්ෂ මඩවල දිගු කාළීනව ඇදන් මත වැතිර ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට වැළදෙන ඇද තුවාල ඇති වීම වලක්වා ගැනීම සදහා හැකියාව ඇති මෙට්ට කවරයක් නිර්මාණය කිරීම සදහා සම්මානයක් හිමි වී තිබේ .
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,8
වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350 ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්තන මහතා පැවසීය.
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීර
අනුරාධපුර රථවහන අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අධිකරණය හමුවේ
හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටි බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් දික්ඔය නගර සභා මහජන සෞඛ්‍ය
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඇමෙරිකාවේදී සම්මාන දිනූ සිසුන් තිදෙනා මෙරටට
BBC Wednesday, 22 May 2024 12:26 PM
Comiunity Inovater ! බුදු අම්මෝ... මොකක්ද ඒ?
Marikkar Wednesday, 22 May 2024 01:39 PM
මේ ළමයින් තුන්දෙනාටම හා මේ ළමයින්ගේ දෙමාපියන්ටත් අපේ උණුසුම් ප්‍රණාමය...!
Lalla Wednesday, 22 May 2024 03:21 PM
ලාංකීය ව්‍යවසායකයින් අවශ්‍ය මේ වගේ නිර්මාණ වෙළෙඳපලට ගෙන යන්න. නැතිව ඒවා වාණිජ මට්ටමට ගන්න ක්‍රම රජයකට හෝ මේ නිර්මාණශීලි දරුවන්ට තනිවම කරන්න බෑ.