ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂය පත්වූහ. තවත් 9 දෙනකු වෙඩි වැදී තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කෙරුණි.
වෙඩි තැබීම සිදු කළේ පාසලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවකු යැයි ප්‍රාන්ත පොලිසිය පවසයි. වෙඩි තැබීම සිදුවූයේ ‘ඇපලාචී’ නමැති ද්විතීක පාසලේය. මියගිය සිවු දෙනාගෙන් දෙදෙනකු ගුරුවරුන් බවත් ඉතිරි දෙදෙනා සිසුන් බවත් පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ පාසල් වේලාවේදීය. එම අවස්ථාවේ සිසුහු 1,900 ක් පාසලේ ඉගෙනුම ලබමින් සිටියහ.
වෙඩි තැබීම කළේ කෝල්ට් ග්‍රේ නමැති සිසුවා යැයි පොලිසිය මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ. වෙඩි තැබීම කළ සැණින්, පොලිසියට යටත් වන බව කෝල්ට් ග්‍රේ පවසා ඇත. ඒ අනුව, පාසලේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද සහාය ඇතිව පොලිස් නිලධාරීන්, පාසල් පරිශ්‍රයේදීම කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.
කෝල්ට් ග්‍රේ, වැඩිහිටියකු සේ සලකා, ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසා ඇත. ප්‍රාන්ත පොලිස්පති ජූඩ් ස්මිත්, සිද්ධිය ගැන කම්පා වෙමින් පවසා ඇත්තේ වෙඩි තැබීමට හේතුව තවමත් හරිහැටි පැහැදිලි නොවුණත්, එය නපුරේ උච්ඡතම අවස්ථාවක් යැයි තමන්ට අර්ථ නිරූපණය කළ හැකි බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම, හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනපතිධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ.
පසුගිය වසරේ, එනම් 2023 දී, ඇමෙරිකන් එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ පරීක්ෂකයන්, කෝල්ට් ග්‍රේ හමු වී ඔහුගෙන් ප්‍රශ්න කර ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය අනාවරණය කර ඇත. ඒ, කෝල්ට් ග්‍රේ, පාසලේ වෙඩි තැබීමක් සිදු කිරීමට සූදානම් වෙනවා යැයි ලැබුණු තොරතුරුවලට අනුවය. කෙසේ නමුත් එම අවස්ථාවේදී එෆ්.බී.අයි. පරීක්ෂකයන් කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත්තේ නැතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 4 ක් මරුට
පිටිගල මිලානෝ Thursday, 05 September 2024 01:24 PM
ලෝකයේ සමූල ඝාතන වැඩිම රට ඇමරිකාවයි. පාසල්වල සහ විශ්ව විද්‍යාල වල අවුරුදු පතා මෙම සමූළ ඝාතන සිදුවේ. මිනිසුන් බහුල ලෙස ගැවසෙන වෙළද සංකීර්න තුලද සමූළ ඝාතන සිදුවේ. ජීවත්වීමට භයානක රටකි.
NASAR Thursday, 05 September 2024 05:20 PM
මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේද?