IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඇමරිකාවේ බලාපොරොත්තුව තානාපතිනිය අගමැතිට කියයි

(සුජිත් හේවාජුලිගේ )

දේශපාලනික අර්බූදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය  ඔස්සේ විසඳාගෙන  සියලු පක්ෂ එකතු වූ රජයක්  ශ්‍රී ලංකාවේ  නිර්මාණය වනු දැකීම ඇමරිකා එක්සත් ජනපදයේ  අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (28) පැවසීය.

ඇය මෙසේ පැවසුවේ අගමැතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  අද (28) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

ඇමරිකාව ශ්‍රී ලංකාව සමග   රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා වෙළෙඳ සබඳතා දීර්ඝ කාලීනව සහ අඛණ්ඩව  පවත්වාගෙන යෑම  අග්‍රාමාත්‍යවරයා අගය කළේය.

ශ්‍රී ලංකාවට මේ  බැරෑරුම් අවස්ථාවේදි ඇමරිකා එක්සත් ජනපදය ලබාදුන් හදිසි මූල්‍ය ආධාර  මහත් ශක්තියක් වූ බව එහිදී  පැවසූ අග්‍රාමාත්‍යවරයා මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සහ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉදිරියටද  සහාය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශයේ සෘජු ආයෝජන  වැඩි කරන ලෙසත්  කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තාක්ෂණ හා මූල්‍ය සහාය  ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කළේය.

එසේම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ  ආයෝජන අවස්ථා ප්‍රවර්ධන  කරන ලෙසද  අග්‍රාමාත්‍යවරයා  වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින්ද  ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින්ද  පවත්වාගෙන යෑමට රජය කැපවී සිටින  බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ‍ය

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අභියෝග හමුවේ ඇමරිකා එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ශක්තිමත්ව ලබාදීමට අපේක්ෂා කරන බව තානාපතිවරිය  පැවසුවාය.

සියලු පක්ෂ එකතු රජයක් නිර්මාණය කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ආයතන පද්ධතින්ගේ සහාය ලබා ගැනීමටත්  ද්විපාර්ශික ආයෝජන වැඩි කරගැනීම සඳහාත්  කවුළුවක් විවර වන බව තානාපතිවරිය සඳහන් කළාය.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය කිසිදු අයුරකින් ප්‍රචණ්ඩත්වය  හා  ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාදාමයන් අනුමත නොකරන බවද ඇය කීවාය.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සහභාගී විය.



අදහස් (6)

ඇමරිකාවේ බලාපොරොත්තුව තානාපතිනිය අගමැතිට කියයි

Prabath Thursday, 28 July 2022 03:52 PM

මෙයාලට විතරද ඒව කරන්න පුලුවන්. පොලිසියෙන් අර කලු ජතිකයෙක් මරුවෙ හුස්ම හිර කරල. තව කොච්චර කැත වැඩ තියෙනවඩ.

:       20       23

Mangala Thursday, 28 July 2022 04:06 PM

නිවට දේශපාලුවන් මේ රට පාලනය කරන කන් මේ වගේ එලුවෝ නිකට පානවා. මෙයාට තියෙන අයිතිය මොකක්ද මේ රටේ පාලනය ගැන උපදෙස් දෙන්න. වෙන වැඩක් නැද්ද. මේ දේශපාලුවන්ට වෙන වැඩක් නැද්ද මේ වගේ දේවල් වලට කාලය නාස්ති කරනවට වඩා. මේ බටහිර රටවල් ඩොලර් සොච්චමක් දීලා ඩොලර් කෝටියක මානව හිමිකම් ඉල්ලනවා, අමෙරිකාවෙ කලු මිනිසුන්ට එහෙ පොලිසිය සලකන හැටි දැක්කම බල්ලො බත් කන්නෙ නැහැ. අපිට වැදි බණ දෙසනවා.

:       19       22

lakvidu Thursday, 28 July 2022 05:03 PM

අපේ මේ සුන්දර රට වෙන එක එක රටවලට පාච්චල් වෙන තැනට ගෙනාවේ අපේම තක්කඩි දේශපාලුවන් කියලා ඔහේට තේරෙන්නේ නැද්ද.

:       4       19

දේශප්‍රේමී Thursday, 28 July 2022 05:01 PM

අපේ රටේ ගීතයක් තියෙනවා නැගීසිටිය හැක එක්සත්වී බෙදීගියොත් රට යයි සුන්වී ......කියලා අපි නිදහස ගත්තෙ ඔක්කොමලා එක්සත්ව සිටි කාලයේ. නමුත් 1956 ඇතිකල ජාතිවාදය පක්ෂ වලට බෙදීම ආගම්වාදය නිසා රට විනාශ වුනා එහි ප්‍රතිඵලයක් ලෙසට ඇතිවූ අවුරුදු තිහක යුද්ධය, දැනටත් පවතින අනුන් පරයා රජවීමට ඕනම දහජරා වැඩක් කිරීම තමුන්ග නම් කෙටූ පුවරු සෑදීම ජනතා මුදලින් කල ව්‍යාපෘති වලට දේශපාලුවො නම් ගසාගැනීම කරන්නෙ මෙම බෙදීම නිසා. මෙනිසා දැන්වත් එක් එක් ආසන සදහා එම ප්‍රදේශයේ පදිංචි කෙනකු මංත්‍රී කර ජාතික ප්‍රතිපත්තියක් යටතේ රට පාලනය කලොත් (විදේශ ණයකින් කරන ව්‍යාපෘති ජනතා අනුමැතිය ඇතිව කිරීම ) රට හදන්න පුළුවන් වේවි.

:       2       5

sisira Thursday, 28 July 2022 05:39 PM

සියලු පක්ෂ එකතු රජයක් නිර්මාණය කිරීමෙන් ආර්ථිකයට පමණක් නොව පාර්ලිමේන්තුව / ආණ්ඩුව තුළ කණ්ඩායම් හෝ බෙදීම් නොමැතිව ඇමති තනතුරු ලබා ශ්‍රී ලාංකිකයන් සේ සිතා කටයුතු කළ යුතුවේ.

:       3       6

BT Thursday, 28 July 2022 07:53 PM

වර්තමානයේ අප රටේ බහුතරයක් ජනතාව සිතන්නේ තමතමාගේ ආර්ථික දියුණුව පිළිබඳව පමණි. පිළිකා වැනි මාරාන්තික රෝගවලට හේතුවන විවිධ රසායනික ද්‍රව්‍ය යෙදූ බවබෝග තම සහෝදර රටවැසියන්ට අලෙවි කර මුදල් උපයන අය ඊට එක් නිදසුනකි. තමාගේ ජාතිය, ආගම, උපන් ප්‍රදේශය, ඉගෙනගත් පාසල, දේශපාලන පක්ෂය, වෘත්තීය සමිතිය ආදී වශයෙන් විවිධ පිල්වලට බෙදී පටු දෘෂ්ටියකින් කටයුතු කරන තාක්, ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීම හුදු සිහිනයක්ම වනු ඇත...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 1 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 56 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 306 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 428 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 672 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 128 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 277 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 588 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site