(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට පසුගිය මාසයේ පැමිණි ඇමෙරිකානු දූත පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි තොරතුරු නිලධාරී වෙත ලිපියක් යොමු කර ඇත.
මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා ඇත.
ඇමෙරිකානු දූත පිරිසක් සී 17 - ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු දූත පිරිස නියෝජනය කළ අයගේ නම් මොනවාද?, එලෙස පැමිණි පිරිස අතර ඇමෙරිකානු එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ විලියම් බර්න්ස් සිටියේද? එකී පැමිණි පිරිසේ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරීක්‍ෂා කළේද?, එම බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් විසින් මුද්‍රා තැබුවේද?, ඔවුන්ගේ ගමන් මළු රේගු පරීක්‍ෂාවට ලක්කළාද?, ඔවුන් රට තුළට පැමිණියේ සාමාන්‍ය මගී පර්යන්තයෙන්ද? ප්‍රභූ පර්යන්තයෙන්ද? විශේෂ ප්‍රභූ පර්යන්තයෙන්ද?, එම පිරිස ආගමන විගමන නිලධාරීන්ගේ සහ රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්නොකරන ලෙස යම් පුද්ගලයකු උපදෙස් දුන්නාද, එසේ නම් එම උපදෙස් දුන්නේ කවුද? යනුවෙන් ගම්මන්පිල මහතා තොරතුරු ඉල්ලා තිබේ.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකා දූත පිරිසේ තොරතුරු දෙන්න
Demuni Uduwara Friday, 17 March 2023 05:24 AM
එය අනිවාර්යයි!
Perera Friday, 17 March 2023 05:26 AM
මූත් රට වලපල්ලට තල්ලු කරන්න යහමින් දායක වුන එකෙක් .දැන් එනවා සුදනා වෙන්න
Bunny Preena Friday, 17 March 2023 09:22 AM
අපිටත් ආසයි ඒ සම්බන්ධව දැන ගන්න
sam Friday, 17 March 2023 11:20 AM
බය වෙන්න එපා. ඔතන ඕස්ට්‍රේලියන් කාරයෝ හිටියේ නැහැ. බ්‍රයන් ෂැඩොක් ඔයා හොරකම් කරපු සල්ලි අත හැර දාලා හුඟක් කල්.
kamal Friday, 17 March 2023 01:02 PM
අපි දේසපාලනේ කරන්නේ චීන සල්ලිවලින්. ඉතින් ඒගොල්ල එක කරපන්, මේක කරපන් කිව්වහම අපි නොකර කොහොමද?