(මනෝප්‍රිය ගුණසේකර)
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
මෙට්‍රි ටොන් 7,30,000ක් වන අදාළ තිරිවාන නිධිය කැනීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ලබාගත් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 44කට අධික මුදලක් වැයකර තිබියදී පසුගිය රජය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එම ව්‍යාපෘතිය වෙනත් සමාගම් දෙකකට දීමට කටයුතු කර ඇතැයි කියමින් ව්‍යවසායකයකු ගොනු කර තිබු රිට් පෙත්සමක් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂෙහාන් සොයිසා මහතා අදාළ පොරෝන්දුව දුන්නේය.
රිට් පෙත්සම නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළ අතර අදාල පොරොන්දුව එදින තෙක් බලපැවැත්වීමටද නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ රිට් පෙත්සම සලකා බැලීණි.
‘තිසූකා කෝබේ’ සමාගම සහ එහි හිමිකරු වන සුනිමල් ජයන්ත රුද්‍රිගු මහතා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නම් කර ඇත.
නීතිඥ රම්සි බචා නීතිඥ සමාගම මගින් රිට් පෙත්සම ගොනු කරන සුනිමල් ජයන්ත රුද්‍රිගු මහතා ව්‍යවසායකයකු වන තමා ‘මහින්ද චින්තනය’ යටතේ දේශීය ව්‍යාපාර වැඩිදියුණු කිරීමට රජය ලබා දුන් සහාය යටතේ ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ ටේටි්‍රික් ටොන් 7,30,000ක තිරිවානා නිධියක් කැනීම සඳහා නීත්‍යානුකූලව ලංසු ඉදිරිපත් කර ව්‍යාපෘතිය ලබා ගත් බව සඳහන් කර ඇත.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්