(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර කාන්තා දිනය අද (8) ට යෙදී ඇති අතර, මෙවර එහි සැමරුම් තේමාව වන්නේ “ඇය දැයේ අභිමානයයි” යන්නයි.
මෙවර කාන්තා දින සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අද පෙරවරු 10.30ට පැවැත්වේ.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් මෙම උත්සවය සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දුන් සුවිශේෂී කාන්තාවන් සිවුදෙනෙකු ඇගයීම ද මෙහිදී සිදුකෙරේ.
ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා යන මහත්මීන් සහ දෙපා හා එක් පාදයක් අහිමිව තිබියදීත් තම එකම පාදයෙන් ලියමින් අධ්‍යාපනයේ ඉහළට ගිය රශ්මි නිමේෂා ගුණවර්ධන මෙනෙවිය මෙහිදී ඇගයීමට නියමිතය.
එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් සාර්ථක ව්‍යවසායිකාවන් ඇගයීම ද මෙහිදී සිදුකෙරේ. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“ඇය දැයේ අභිමානයයි”
Perera Wednesday, 08 March 2023 11:10 AM
හැටේ වත්තෙ ඩයන වගෙ අයද දැයේ අභිමනය????
fairoos Wednesday, 08 March 2023 12:44 PM
ඩයනා ඇමැතිනියත් හොඳ ව්‍යවසායිකාවක් තමයි.
පිටිගල මිලානෝ Wednesday, 08 March 2023 02:15 PM
අනේ අපොයි අභිමානේ... ස්පාවලයි, ගෙස්ට්හවුස් වලයි අභිමානේ පිරිලා දෝරෙ ගලනවා...